IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


වාහනයක් ගත්තොත් මුලින්ම පෙන්නන්නේ තාත්තට - රොෂාන් ප්‍රනාන්දු

රොෂාන් ප්‍රනාන්දු


වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය "රථගාය" වෙනුවෙන්, මෙවර සඳැල්ලට සම්බන්ධ කරගත්තේ, බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු.

  • රොෂාන් ප්‍රනාන්දු කියන්නේ රථගාය තියෙන කෙනෙක්ද?

ඔව්. හොඳටම රථගාය නම් තියෙනවා.

  • වාහනවලට ආස හිතුණේ කොයි කාලේ වගේද?

රොෂාන් පියා සමඟින්


පොඩි කාලේ ඉඳන්ම වාහනවලට ආසයි. ඒත් අපේ ගෙවල්වල වාහන තිබුණේ නැහැ. මට තිබුණා පොඩි ෆුට් සයිකල් එකක්. මම ඒක පැදගෙන යනකොට පාරේ තියෙන වාහන දිහා බල බල තමයි යන්නේ. එහෙම යද්දී දවසක් හිතා ගත්තා මමත් කවදා හරි සුදු පාට වාහනයක් ගන්නවාම කියලා. ඇත්තටම මම වාහනයක් පැදලා තිබුණේම නැහැ.  ඒ කාලේ කොච්චර දුප්පත් ද කියනවා නම්, වාහනයක් තියෙන යාළුවෙක් වත් මට හිටියේ නැහැ.

  • මුලින්ම තමන්ගේම කියලා වාහනයක් ගත්තේ කවද්ද?

මම කලින් කිව්වා වගේ මගේ හීනයක් තිබුණා කවදා හරි සුදු පාට වාහනයක් ගන්න ඕන කියලා. ඒ ගැන මගෙ යාළුවන්ටත් මම කියලා තිබුණේ. ඉතින්  වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නකොට, හිතුවෙ වත් නැති විදිහට, මගේ පූජනීයයි ආදරේ ඇල්බම් එක ජනප්‍රිය වෙනවා. ඒ ඇල්බම් එක නිෂ්පාදනය කරපු රන්සිළු ආයතනයේ රංජිත් ප්‍රේමලාල් මහත්තයා දවසක් මාව කාර් සේල් එකකට එක්කන් ගියා. එක්කන් ගිහින් මට කිව්වා මෙතනින් ඔයා කැමති කාර් එකක් තියෙනවා නම් ගන්න කියලා. එතකොට මම දැක්කා සුදු පාට super saloon car එකක්. පස්සේ රංජිත් ප්‍රේමලාල් මහත්තයා මට ඒ වාහනය අරන් දුන්නා. ඉතින් එහෙම තමයි මගේ පළවෙනි වාහනය තෑග්ගක් විදිහට ලැබුණේ.

  • පළවෙනි කාර් එක අරගෙන මුලින්ම කොහෙද ගියේ?

පළවෙනි කාර් එක අරගෙන මුලින්ම honeymoon එකට තමයි ගියේ. මොකද ඒ වාහනය මට ලැබුණේ මගේ විවාහය ළං වෙලා ඒ නිසා ඉතින් මුලින්ම ඒ ගමනට තමයි වාහනය පාවිච්චි කරන්න වුණේ.

  • මේ වෙනකොට පාවිච්චි කරපු වාහන අතරින් විකුණුවේ අපරාදෙ කියලා හිතෙන වාහනයක් තියෙනවාද?

මේ වෙනකොට මම වාහන 7ක් 8ක් වගේ පාවිච්චි කරලා තියෙනවා. මගේ පළවෙනි වාහනය තෑග්ගක් විදිහට ලැබුණු නිසා එතනින් පස්සෙ ගත්තු හැම වාහනයක්ම තියෙන වාහනයට වැඩිය අලුත් විදිහේ එකක් තමයි මම නිතරම ගත්තේ. මනුස්සයෙක් වුණාම නිතරම තමන්ට පුළුවන් හොඳම දේ අරගෙන ඉස්සරහට යන්න ඕන කියලා පෞද්ගලික මතයක් තියෙනවා. ඒ නිසා විකුණපු වාහන ගැන ඇත්තටම පසුතැවීමක් නැහැ.

  • රොෂාන් ප්‍රනාන්දු කවදා හරි වාහනයක් හින්දා පාරේ කට්ට කාලා තියෙනවාද?

ඇත්තටම මට කවදාවත් එහෙම වෙලා නැහැ. ඒකට හේතුව තමයි මට ලයිසන් නැහැ. මම හැම ගමනක්ම Driver කෙනෙක් එක්ක යන්නේ. මොකක් හ‍රි වුණොත් එයා තමයි ඒ කට්ට කන්නේ.  මම කාර්යබහුල නිසා නිතරම එක එක දේවල් ගැන හිතනවා. මගේ මනසේ නිතරම එක්කෝ සින්දුවක් තනුවක් වගේ දේවල් තමයි වැඩ කරන්නේ. එතකොට එක අරමුණකින් මට Drive කරන්න බැහැ. ඒ නිසා මම හිතනවා මම Drive කරන්නේ නැති තරමට හොඳයි කියලා. අනික් අයගේ ආරක්ෂාව ගැන හිතලා මම Drive කරන්නේ නැහැ. ඉදලා හිටලා ආසාවට මම කොහේ හරි ළඟකට එලවගෙන යනවා. ඒත් හැම වෙලාවෙම මම Driver කෙනෙක් එක්ක තමයි මගේ ගමන්බිමන් යන්නේ.   

  • අලුතෙන් වාහනයක් ගත්තම විශේෂයෙන් කරන දෙයක් තියෙනවාද?

මම නම් එහෙම විශේෂයෙන් කියලා මුකුත්ම කරන කෙනෙක් නෙමෙයි. මගේ මතය අනුව වාහනයක් කියන්නේ  වැඩ පහසු කරගන්න තියෙන දෙයක්. වාහනයක් හරියට maintain කරන එක තමයි මම හිතන විදිහට විශේෂයෙන් කරන්න ඕන එකම දේ. පන්සලකට, පල්ලියකට ගිහින්, දෙහි එල්ලුවත් අරං ගියත් ඒ වාහනය හරියට maintain කරන්නේ නැත්නම් වැඩක් නැහැ. මම ඒ වගේ මිත්‍යා දේවල් කරන්නේ  නැහැ. හැබැයි මම වාහනයක් ගත්තහම ඒ වාහනය තාත්තාට පෙන්නනවා. මොකද අද මේ තැන ඉන්නේ මගේ තාත්තා නිසා.

  • වාහන modify කරන එක ගැන මොකද හිතන්නේ?

ඒක ඇත්තටම හොඳ දෙයක්. කෙනෙක් සල්ලි දීලා වාහනයක් ගත්තාට පස්සේ ඒ වාහනය තමන්ගේ. ඉතින් ඒ පුද්ගල‍යාට තමන්ගේ වාහනය කැමති විදිහට modify කරන්න නිදහස තියෙනවා. මේ ළඟදී මගේ වයිෆ්ට කාර් එකක් අරගෙන දුන්නා, shift එකක්. අපි ඒ කාර් එකේ රෝස පාටින් ස්ටිකර් වගයක් ඇලෙව්වා. ඉතින් හැමෝම කිව්වා හරි ලස්සනයි කියලා. කෙනෙක් කලාත්මකව හිතනවා නම් මගේ වාහනය වෙනස් විය යුතුයි කියලා,මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ වගේම එතකොට ඒ වාහනයට අනන්‍යතාවයකුත් හම්බවෙනවා.       

  • දැන් පදින වාහනය මොකක්ද?

මම ළඟ දැන් තියෙන්නේ කළු පාට range rover jeep එකක්. මේ වාහනය මම කාලයක් තිස්සේ ආසාවෙන් ගන්න බලාගෙන හිටපු වාහනයක්. ඒක දැන් අරගෙන මාස 6ක් විතර වෙනවා.  

  • වාහනයක් ගන්න හීන දකින කෙනෙකුට රොෂාන් ප්‍රනාන්දු දෙන උපදෙස මොකක්ද?

මුලින්ම තමන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන විදිහේ වාහනයක් ගන්න බලන්න. මම කලින් කිව්වා වගේ වාහනයක් තියෙන්නේ අපේ වැඩ පහසු කරගන්න, අපේ ජීවිතය සුව පහසු කරන්න. ඒ නිසා වාහනයක් අරගෙන අපේ ජීවිතයේ සුව පහසුව නැති කරගන්න එපා. කොහොම හරි සල්ලි හොයාගෙන වාහනයක් ගත්තාට පස්සේ ඒක හරියට maintain කරන්න බැරි නම් ඒක අරගෙන දුක් විදින්න වෙන්නේ. ඒ වගේම වාහනයක් ගනිද්දී නිතරම වාහනයක පිට පෙනුම වගේම එන්ජිම ගැනත් විමසිලිමත් වෙන්න. අනිවාර් යෙන්ම ඒ වාහනය තමන්ගේ රැකියාවට ගැළපෙනවාද කියලා බලන්න ඕන. උදාහරණයක් විදිහට ගායන ක්ෂේත්‍රයේ ඉන්න අය හොඳට තෙල් වැඩ කරන වාහනයක් ගන්න ඕන.  මොකද සංගීත ප්‍රසංගවලට ලංකාව පුරාම යන්න වෙනවා. එතකොට අඩු වියදමින් වැඩි දුරක් යන්න පුළුවන් වාහනයක් තිබුණොත් ඒක ඒ පුද්ගලයාට වාසිදායකයි.


ලිහිණි ලියනගේ


 

 



අදහස් (0)

වාහනයක් ගත්තොත් මුලින්ම පෙන්නන්නේ තාත්තට - රොෂාන් ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 655 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 841 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 360 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site