IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මන්දරා තුළින් රිදී තිරයට එන මේඝ සූරියආරච්චි

රිදී තිරයට අලුතින්ම එක් වූ සිනමා සිත්තම "මන්දාරා' තුළින්   සිනමාවට තවත් අලුත් කතා නායකයෙකු දායාද කරනු ලැබ තිබෙනවා. ඒ තමයි මේඝ සූරියආරච්චි. කාලෙකට කලින් සිනේමා හරහා රිදී තිරය තුළින් ප්‍රේක්ෂකයා අතරට ආ ඔහු ගැනයි මේ කතාබහ.


මේඝගේ පවුලේ  තොරතුරු වලින් කතාව ආරම්භ කරමු ?


මගේ පවුලේ ඉන්නේ අම්මායි තාත්තායි ,මට නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා ඒ අය නිවුන් සහෝදර සහෝදරියෝ. මගේ අම්මා තාත්තා දෙන්නාම වෛද්‍යවරු. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ.  ජිවිතේ කලාව පැත්තට හිත වෙනස් වෙන්නේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ .


පාසල් කාලෙදි කලාවට හිත ගියේම නැද්ද?


ඇත්තටම පාසල් යන කාලෙදි මම ගොඩක් යොමු වෙලා හිටියේ ක්‍රිඩා වලට. ෆුට් බෝල් හොකී ක්‍රිඩාවන් දෙකෙන් ජාතික තලය වෙනතෙක් මම ක්‍රිඩාකළා. වෙ​ෙළඳ දැන්වීම් වලට දායක වුණා. නමුත් පාසල ඇතුලෙ  කලා නිර්මාණ කටයුතු වලට ලොකුවට දායක වෙලා නැහැ. පාසලට බාහිර කලා කටයුතු වලට තමයි වැඩිපුරම දායක වෙලා තියෙන්නේ.


අම්මායි තාත්තායි කිසිම වෙලාවක මේඝව වෛද්‍යවරයෙක් කරන්න  උත්සාහ කළේ නැද්ද?


කවදාවත් අම්මායි තාත්තායි එයාලගේ පාරෙම අපිත් යන්න ඕන කියන මතයේ හිටියේ නැහැ. තාත්තා වෛද්‍යවරයෙක් වුණාට තාත්තා කලාවට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. ඒ නිසා කලා ආභාසය අපිට පුංචි කාලේ ඉඳලාම ලැබුණා. ඒ වගේම අපි ආස දේවල් කරන්න අම්මායි තාත්තායි ඉඩ දීලා තිබුණා ගෙදර ඇතුළේ. අම්මායි තාත්තායි කිව්වේ එකම එක දෙයයි. ඒ තමයි අපි තෝරගන්නේ මොන විෂයද ඒ විෂය ඇතුළේ තමන් කරන දේ වෘත්තිමය වටිනාකමක් ඇතුව කරන්න කියන එක විතරයි. ඒ විදිහට තමයි මම ආදරය කරන නිර්මාණකරණයට මම පිවිසෙන්නේ.

 මේඝ මුලින්ම කලා නිර්මාණයකට දායක වෙන්නේ කොයි අවදියෙදිද?


අපේ පවුල් පරිසරය තුළ කලාව තිබුණ නිසා මට අවුරුදු 3 දි රඟපාන්න ලැබුනා. මුලින්ම මම රඟපෑවේ තාත්තා අධ්‍යක්ෂණය කරපු ඩොකියුමන්ට්‍රි එකක වරකාගොඩ අංකල් එක්ක. තාත්තා වෛද්‍යවරයෙක් විදිහට වෘත්තියේ නියැළුණාට තාත්තා කලාවට බොහෝ සෙයින් අාදරය කල ප්‍රිය කරපු නැඹුරු වුණ කෙනෙක්. තත්තාගේ නිර්මාණ කටයුතු දැකලා මම පොඩි කාලේ ඉඳලාම අසා කළේ අධ්‍යක්ෂණය පැත්තට. ඒ අතරතුර මට රඟපාන්න ලැබෙන්නේ අහම්බෙන්.


 සිනමාවට එන්න අවස්ථාව ලැබෙන්නේ තාත්තා නිසාද?


උසස් පෙළ හදාරණතෙක්ම මම වෙෙළඳ දැන්වීම් වලට දායක වුණා. ඊට පස්සේ උසස් අධ්‍යාපනයයි ක්‍රිඩා වැඩයි නිසා කලාව පැත්තකටම වුණා. මම ඉස්සරවෙලාම කැමරාවක් ඉදිරියේ රඟපෑවේ ජෝ අබේවික්‍රම මහත්මයා එක්ක, පුංචි චරිතයක් කළේ.  ඊට පස්සේ මුලින්ම මම සිනමාවට දායක වෙන්නේ තාත්තා අධ්‍යක්ෂණය කරපු සිනේමා චිත්‍රපටය හරහා.  ඇත්තටම  මට කලාවට එන්න පාර කැපෙන්නේ සහ නිර්මාණකරණයේ නියැළෙන්න ලොකු ශක්තියක් වුණේ තාත්තා.  නමුත් මම සිනමාවට එන්නේ තාත්තා නිසා වුනාට මම සිනමාවේ රැඳෙන්නේ තාත්තා නිසා නෙමෙයි. සිනේමා එකෙන් පස්සේ ලැබුණ හැම නිර්මාණයක්ම මට ලැබුණේ සාමාන්‍ය පරිදි වෙනත් නවක නළු නිළියන් වගේ තිරපරීක්ෂණ වලට ගිහින් මගේ දක්ෂතා අනුව.


 ඔබට ටෙලිනාට්‍යවලට ලැබෙන අවස්ථා අඩුද?  


සිනේමා රූගත කිරිම් අවසන් වුණාට පස්සේ ටෙලි නාට්‍ය වලට ගොඩාක් ආරධනා ලැබුණා. කොටස් ගණන අඩු නිර්මාණයකට දායක වෙන්න කැමැත්තක් මට තිබුණා. පසුව ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඔහු අවුරුදු 15 කට පස්සේ කරන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට කතා කළා ඔහුගේ ‘‘නන්නත්තාර’’ ටෙලි නාට්‍යයේ. එවැනි නිර්මාණකරුවකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම මට ලොකු අවස්ථාවක්.   නන්නත්තාර ටෙලිනාට්‍යයේ රංගනයෙන් වගේම සංස්කරණ කටයුතුවලටත් මට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පසුවත් ටෙලි නාට්‍යවලට බොහෝ අවස්ථා ලැබුණා.  නමුත් මම වඩාත්ම සිනමාවට සහ සිනමා තාක්ෂණයට ගොඩක් ප්‍රිය කරන ඇලුම් කරන කෙනෙක්.


 සිනේමා වලින් පස්සේ ඔබ කොයි   විදහට ද රංගනය හදාරන්නේ


සිනේමා චිත්‍රපටයෙන් පස්සේ මම සිතුවා රංගනය හැදෑරිය යුතුයි කියලා.  අනෝජා වීරසිංහ යටතේ මම රංගනය පිළිබඳ හදාරන්න ආරම්භ කලා. සිනේමා නිර්මාණයෙන් පස්සේ මම අවුරුදු දෙකක් විතරම රංගනය පිළිබඳව හැදෑරිම් කළා. සිනේමා වලින්  පස්සේ මට ඊ ළඟට අවස්ථාව ලැබෙන්නේ ප්‍රියන්ත කොළඹගේ මහත්මාගේ මන්දාරා චිත්‍රපටයට. මන්දාරා චිත්‍රපටයට තිර පරීක්ෂණ යන කොට සිනේමා තිරගත වෙලත් නැහැ. ප්‍රියන්ත මහත්මා මගේ සිනමා රංගනයන් දැකලා තිබුණෙත් නැහැ.  මන්දාරා චිත්‍රපටයේ තිර පරීක්ෂණ කිහිපයකටම මට මුහුණ දෙන්න සිදු වුණා. ඉන් අනතුරුව තමයි මන්දාරා චිත්‍රපටයේ විශ්වගේ චරිතයට අවස්ථාව ලැබෙන්නේ.  මම නවකයෙක් විදිහට ප්‍රියන්ත කොළඹගේ මහත්මාට ස්තුතිවන්ත වෙනවා විශ්‍වාසයෙන් ඒ අභියෝගය මට දුන්නාට.


 මේඝගේ සිනමා ජිවිතේට අලුත් සිනමා ආරම්භයක් දෙන "මන්දාරා"  චිත්‍රපටයට කොහොම ද ලැබෙන ප්‍රතිචාර. ?


චිත්‍රපටය තිරගත වෙන්න කලින් ප්‍රචාරය වුණ ට්‍රේලර්වලින් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මන්දාරා චිත්‍රපටයේ විශ්ව කියන්නේ මේඝට වඩා ගොඩාක් වෙනස් චරිතයක්. විශ්ව කියන්නේ හැම වෙලාවෙම ගොඩාක් තරහ ගන්න ක්ෂණික කෝපය තියෙන චරිතයක්. මට විශ්වට පණ දෙද්දි  තිබුණ එකම අභියෝගය තමයි තරහ කෝපය හසුරවා ගැනීම සහ චරිතයේ වෙනස් වීම නිසි විදිහට ප්‍රෙක්ෂකයා හමුවට අරන් එන එක. මන්දාරා ඇතුළේ ප්‍රේක්ෂකයෝ මාව කොයි විදිහට වැලඳ ගනිවිද කියලා බලාගෙන ඉන්නවා. ඒ එක්කම  මන්දාරා නරඹන්න කියලත් ආරාධනා කරනවා.


 මේඝට මේ ටික කාලය තුළ ඔබ ආ ගමන ගැන සතුටු වෙන්න පුළුවන් ද?   


අනිවාර්යයෙන්ම. තමන්ගේ ෆැෂන් එක හරියට තෝරගත්ත අය කවදාවත් අසතුටෙන් ඉන්නේ නැහැ. මම කරන්නේ මම ආදරය කරන දේ සහ විශ්වාස කරන දේ. ඒ වගේම තමයි රංගනය මගේ විනෝදාංශය ලෙස කරනවා මිස මම ඒක කවදාවත් වෘත්තියක් විදිහට කරන්නේ නැහැ.
මම කැමති මම ඉගෙනගන්න දැනුම අනෙකුත් අය සමග බෙදාගන්න . උසස් අධ්‍යාපනය කළේ මම කලා අංශයෙන් . කැලණිය විශ්ව විද්‍යාලයේ  උපාධිය අවසන් කරලා දැන් මගේ ශ්‍රාස්ත්‍රිය උපාධිය කරමින් ඉන්නේ. මගේ ශ්‍රාස්ත්‍රපති උපාධිය අවසන් වු පසු සම්පූර්ණ කාලය කථිකාචාර්යවරයෙක් ලෙස වැඩ කරන්න තමයි එකම බලාපොරෙත්තුව.



අදහස් (0)

මන්දරා තුළින් රිදී තිරයට එන මේඝ සූරියආරච්චි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 47 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 880 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site