IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි


මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ  අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා. තිළිණ බොරලැස්ස මහතාගේ මං හොයන්නෙ ප්‍රේමයක්- සහ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ කපුටු කොහෝ ෆිල්ම් දෙක මේ මාසයේදී තිරගත වේවි.  ඒ ෆිල්ම් දෙක එනකල් මම මග බලාගෙන ඉන්නෙ.

මෙහෙම කියන්නෙ තරුණයින් වැඩි දෙනෙකුගේ ආකර්ෂණයට නතුව සිටින නව යොවුන් රංගන ශිල්පිනී අභිලාෂි ශන්තුෂ්කිය. මෙවර සඳැල්ල කවරයේ කතාව හැඩ කරන්නේ ඇයයි.

  • අභිලාෂිට කොහොමද අභිලාෂිව දැනෙන විදිහ?

අරමුණු ගොඩාක් තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. කොහොමහරි මගේ අරමුණ වෙනුවෙන් ඉගෙනීම් කරලා , ඒ වෙනුවෙන් කැපවෙලා ජීවිතයේ නිසි වයස් සීමාවලදී ජයග්‍රහණ ලැබීම තමයි අරමුණ. තාම අවුරුදු විස්සක ගැහැනු ළමයෙක්. රඟපෑම ගැන හදාරනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයට මම හදාරන්නෙ මනෝවිද්‍යා විෂය. ඒ වෙනුවෙන් උපාධිය නිම කිරීමට සූදානමින් ඉන්නෙ. අනාගතයේදී රංඟන ශිල්පිනියකට අමතරව, මනෝවිද්‍යා අංශයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්න ආසාවෙන් ඉන්නෙ. තමුන්ගෙ පාඩුවේ ලස්සනට වැඩ ටික කරගෙන – හැමෝටම ගරු කරමින් ජීවත්වන කෙනෙක් විදිහටයි මම මාව දකින්නෙ.

  • අභිලාෂි  ශන්තුෂ්කි  ඒ නම් දෙකේ තේරුම කියමු?

අභිලාෂි කියන්නෙ බලාපොරොත්තුව. ශන්තුෂ්කි  කියන්නෙ සතුට. ඉතින් ඒ නාමයේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි. ඒ වගේම ඒ නම් දෙකටම මම හරිම කැමතියි. හැබැයි ගොඩාක් අය මට කතා කරන්නෙ අභි කියලයි. සමහර අය ශන්තුෂ්කි  කියලා අමතන අවස්ථාත් තියෙනවා. මට ඒ නම් දාලා තියෙන්නෙ මගේ තාත්තා.

  • පවුලේ විස්තර සහ කලා ක්ෂේත්‍රයට ආ ගමන ගැනත් කියමු නේද?

මගේ පවුලේ ඉන්නෙ අම්මයි- තාත්තයි මගේ අක්කයි- මල්ලියි.  කලාවට  සම්බන්ධ වුණේ පාසල් කාලයේදීම වගෙයි. මම ඉගෙන ගත්තෙ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයෙන්. කලාවට සම්බන්ධ වුණේ ඒ පාසල් කාලයේ ඉඳලමයි. ඉංග්‍රීසි ෂේක්ශ්පියර් ඩ්‍රාමා තරගාවලියේදී හැම අවුරුද්දේම වගේ වින් කළා. රඟපෑමට තිබුණ ආසාව නිසාම වැඩමුළුවලටත් සහභාගි වුණා. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ අභින රංග පාඨමාලාව ඇතුළු තවත් වැඩමුළුවලට යාමේ ප්‍රතිඵලයක් හැටියට තමයි සිංහබාහු සමග මට සිනමාවේ ගමනක් එන්න ලැබුණෙ.

  • කොහොමද අභි විවේකය ගත කරන්නෙ?

පවුලේ අය එක්ක කාලය ගත කරන්න කැමතියි. බොහෝ වෙලාවට ෆිල්ම්ස් බලනවා. එක්කෝ කැමති කෑමක් කන්න යනවා. ඇක්ටින් ඉගෙන ගන්න නම් හොඳ ෆිල්ම්ස් බලන්නම වෙනවා.

  • රංගනයේදී සීමාවන් තියෙනවද?

මම වේදිකාවෙන් ආ කෙනෙක්. ඒ නිසා වේදිකාවේ වේවා, සිනමාවේ හෝ ටෙලි මාධ්‍යයේ ඕනෑම හොඳ නිර්මාණයක් නම් ඒක බාර ගන්නවා.

 


සඳුන් ගමගේ


 



අදහස් (0)

මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site