IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දුවන්න ඔනැ කාලේ දුවන්න ඕනැ - සචින්තනී කෙෘශල්‍යා

රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය කලා වෘත්තියට කොටු නොවී නීතීඥ වෘත්තියත් ගුරු වෘත්තියත් තම ව්‍යාපාරත් සමබරව කරගෙන යයි. ඒ කලාතරුව නමින් සචින්තනී කෞශල්‍යා ය. මෙවර සැඳැල්ලෙන් ඈ සමඟ කළ සොදුරු කතාබහයි මේ;

ප්‍ර සචින්තනී කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ?

සාමාන්‍ය පරිදි ජීවිතේ ගොඩ දාගෙන යනවා. කලාවයි, නීතී. වෘත්තියයි ගුරු වෘත්තියයි මේ හැම දේම සමබරව කරගෙන ෂේප් එකේ ඉන්නවා.

ප්‍ර අවුරුදු කාලෙට කොහාවගේ වුණු රන්වල බලකාය මේ අවුරුද්දෙත් විශාල වැඩකටයුත්තක නිරත වුණා නේද? 

මේ අවුරුද්දේත් පුරුදු විදිහටම ඒ ප්‍රසංග සහ අනෙකුත් වැඩකටයුතු ටික සිද්ද වුණා. ඒ වගේම අපි පසුගිය දිනෙක නාත්‍රෝ කණ්ඩායමත් එක්ක තාල සංචාර නමින් ලොකු ෂෝ එකක් පැවැත්වූවා වෝටර්ස්ඒජ් පරිශ්‍රයේදී. ඒකත් අපේ කණ්ඩායම සම්බන්ධ වුණු ලොකු වැඩක් සහ වෙනස් විදිහේ වැඩක්.  මේ හැමදේමත් එක්ක ඉස්සරටත් වඩා ලෝකෙත් එක්ක අවුරුදු සැමරීමට තමයි මෙවර මූලිකත්වය දුන්නේ.

ප්‍ර මේ දිනවල සචින්තනීගේ කලා වැඩ කටයුතු මොනවාද?

මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා සහ ඉරේෂ් ලොකුබණ්ඩාර අයියත් එක්ක කියාදෙන්න ආදරේ තරම් වගේම ලස්සන නිර්මාණයකට සම්බන්ධ වුණා. 

ඒ නිර්මාණය මේ වසරේ මැයි මාසය වෙනකොට විකාශනය වෙයි කියලා මම හිතනවා. ඒක තමයි ඉක්මනින්ම එන්න තියෙන නිර්මාණය. ඒ වගේම සුපුන් රත්නායක අයියත් එක්කත් තවත් අලුත් නිර්මාණයක වැඩ ආරම්භ වෙනවා මේ  මාසයේ. ඒකත් වෙනස් විදිහේ ලස්සන වැඩක් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ බොහෝ දෙනෙක් සම්බන්ධ වෙන නිර්මාණයක්. ඊට අමතරව තරුෂි පෙරේරා අක්කගේ නිර්මාණයකටත් සම්බන්ධ වුණා. තාරක අධිකාරී අයියගේ නිර්මාණයකටත් සම්බන්ධ වුණා. ඉතින් ඉදිරියේදී එළිදක්වන්න නියමිත වැඩ තමයි තියෙන්නේ. නමුත් දැනට විකාශනය වෙමින් පවතින නිර්මාණ කිසිවක් නැහැ.

ප්‍ර හිරිපොද වැස්සෙන් ඉවත් වීම ඇත්තක්ද?

මම කවදාවත් වැඩක අතර මැදින් ඉවත්වෙන කෙනෙක් නෙවෙයි. ඒකට හොඳම උදාහරණය කියාදෙන්න ආදරේ තරම්. අවුරුදු 3 හමාරක්, කොටස් 838 දක්වාම  නිර්මාණයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. හැබැයි මම හිතන විදිහට නිර්මාණයකින් අපිට හානි වෙනවා නම්, අපිට වැඩ කරගෙන යාමේ අපහසුතා ඇතිවෙනවා නම් හිත් අමනාපකම් නැතිව, නිර්මාණයට හානියක් වෙන්නෙත් නැතිව සුහදව සමුදීමක් කරන්න අපිට පුළුවන්.

ප්‍ර සචින්තනී කරන්න ආසාවෙන් ඉඳපු නමුත් තවම කරන්න අවස්ථාවක් නොලැබුණු චරිතයක් තියෙනවද?

මම ඇත්තටම ආසයි එකිනෙකට වෙනස් චරිත කරන්න. ඒකට උදාහරණයක් තමයි මේන් කියන ටෙලි නිර්මාණයේ මම කරපු නගර සභාවේ වැඩ කරන ගැහැනු ළමයෙකුගේ චරිතය. ඒ චරිතය ඇතුළේ මාව කැත කරලා, කළු කරලා වෙනස් කරලා තමා තිබුණේ. නමුත් ඒ චරිතය මම ගොඩක් ආසාවෙන් කළා. හැමදාම කරන සාම්ප්‍රදායික පෙම්වතියගේ චරිතය සහ ලස්සන රූපය කියන පැත්තෙන් නැතුව එකිනෙකට වෙනස් චරිත කරන්න, චරිතාංග නිළියක් වෙන්න මම හරි ආසයි. එහෙම කීවත් මට ලැබෙන චරිත ඇතුළේ මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන ඕනම චරිතයකට මම කැමතියි. නමුත් පොඩි විශේෂ කැමැත්තක් තියෙනවා මානසික විකෘතිතාවක් තියෙන කෙනෙකුගේ චරිතයක් කරන්න.

ප්‍ර සචින්තනීගේ වෘත්තීමය ජීවිතේ ගැනත් කියමු?

පසුගිය කාලය තුළ නම් රූගත කිරීම් නිසා වෘත්තීය ජීවිතේ වැඩකටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ඉතාම අඩුවෙන්. නීතී. වෘත්තිය පැත්තෙන් යම් යම් වැඩ කටයුතු කරගෙන යනවා. මේ ළඟදී නොතාරිස් විදිහටත් දිවුරුම් දුන්නා. ඊට අමතරව ආචාර්යවරියක් විදිහටත් මීඩියා පන්තිවල වැඩකටයුතු ටික කරගෙන යනවා. ඒ දේවල් තමා කලා වෘත්තියෙන් තොර වෘත්තීමය වැඩ කටයුතු.

ප්‍ර සචින්තනී කොහොමද මේ හැමදේම සමබරව කරගෙන යන්නේ?

මේක මම පාසල් කාලයේ ඉඳන්ම පුරුදු පුහුණු වෙච්ච දෙයක්.  පාසල් කාලෙදිත් අධ්‍යාපනය, කලාව, ක්‍රීඩාව මේ හැම දේම සමබරව කරගෙන ආවා. මම හිතනවා අපි ඕනෑම කෙනෙක්ට කාලය කළමනාකරණය කරගන්න සහ සැලසුමකට වැඩ කරගන්න පුළුවන්නම් ඒ හැමදේම සමබර කරගන්න පුළුවන් කියලා. ඇත්තටම අපිට තියෙන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ කෙටි කාලයේ පුළුවන් උපරිමයෙන්ම ඉස්සරහට දුවන්න ඕන. මම මේ හැම දේම හරිම සතුටින් කරන්නේ. කිසිම දෙයක් හිතට වදයක් කරගෙන නැහැ. ඒක තමයි මේ සමබරතාවයේ රහස.

ප්‍ර නිතරම දෙවැනි මනාලිය වෙන සචින්තනී මනමාලියක් වෙන්නේ කවද්ද?

ඒක තාම හිතලා නැහැ. හොඳ කෙනෙක් හමුවුණ දවසක බලමු. මම ඇත්තටම ආසයි ලස්සන පවුල් ජීවිතයකට. හොඳ සහකරුවෙක් හමුවුණු දවසක ඉතාම ඉක්මනට ඒ ජීවිතයට යන්න කැමතියි.

ප්‍ර සචින්තනී මොනවද අලුත් බලාපොරොත්තු? කලාවෙන්ම ඉදිරියට යන්නද අදහස?

ඇත්තටම මම කලාවට එන්නෙත් අහම්බයකින්.  පාසල් වේදිකාව තුළවත් රගපාපු කෙනෙක් නෙවෙයි මම. කලාවට ප්‍රවිෂ්ට වීම සිද්ධ වෙන්නේ රංවල බලකායට සම්බන්ධ වීම නිසාවෙන්. අහම්බයක් වූවත් දැන් ඒ දේවල් හරි ආසාවෙන් කරගෙන යනවා. ඊට අමතරව මම මේ දිනවල විවිධ ක්ෂේත්‍ර පිළිබඳව යම් හැදෑරීමක් කරමින් ඉන්නවා. ඉතින් ඒවත් එක්ක මගේම කියලා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කරගෙන යනවා. මේ විදිහට මගේ කියලා දේවල් ටිකක් හදාගෙන සතුටින් ඉන්න තමයි බලාපොරොත්තුව.

ප්‍ර සචින්තනී මහන්සි වෙලා තමන්ගේ අරමුණු දිනාගන්න චරිතයක්. ඉතින් දැන් ඉන්න තරුණ පරපුරට සමීපතම චරිතයක් ලෙසින් ඔබට දෙන්න තියෙන අවවාද මොනවා ද?

මම විශ්වාස කරන දෙයක් තමයි මේ වෙනකොට ඉස්සරට වඩා ළමයි හරිම අප්ඩේටඩ් කියන දේ. ඔවුන් හරි කුඩා කාලෙන්ම ව්‍යාපාර කරගෙන යනවා. තමන්ගේම කියලා දේවල් කරගෙන යනවා. විවිධ ක්ෂේත්‍රයන්වල ඉන්නවා. ඇත්තටම ඒ ගැන සතුටුයි. ලෝකේ ඉදිරියට යාමත් එක්ක මේ ක්ෂේත්‍ර පුළුල් වෙලා සහ විවෘත වෙලා තියෙනවා. මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි දුවන්න ඕන කාලේ දුවන්න ඕන නැත්තම් හති අරින්න තියෙන කාලේ මහන්සි වෙන්න වෙනවා කියන දේ. හැමදේම වදයක් ලෙසින් නොසිතා ජීවිතේට ආයෝජනයක් කියලා හිතලා පුළුවන් උපරිමයෙන් තමන්ගේ අරමුණු වෙනුවෙන් මහන්සි වෙන්න.

දුලක්ෂි ලියනගේ

 



අදහස් (0)

දුවන්න ඔනැ කාලේ දුවන්න ඕනැ - සචින්තනී කෙෘශල්‍යා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 308 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site