“මෙහෙන්දි” කියන්නේ - හරිම ලස්සන කලාවක්. මෙහෙන්දි ආර්ට් කිව්වාම අපිට ඉස්සර වෙලාම මතක් වෙන්නේ ඉන්දියාව.නමුත් මේ වෙනකොට ලංකාවේ කාන්තාවන් අතරත් මෙහෙන්දි ආර්ට් ප්‍රචලිත වී තියෙනවා. අද ගොඩක් යුවතියන් ඉන්දියානු විලාසිතාවලට වැඩි කැමැත්තක් දක්වනවා වගේම - මෙහෙන්දි උත්සව පවත්වන්නත් දක්වන්නේ ලොකු කැමැත්තක්.
මොනවාද මේ මෙහෙන්දි?
හින්දි භාෂාවෙන් ‘’මෙහෙන්දි’ ලෙසත්, සිංහල භාෂාවෙන් ’මරතොණ්‌ඩි’ ලෙසත්, අරාබියෙන් ’හෙන්නා’ ලෙසත්, ඉංග්‍රීසියෙන් ‘’හෙනා’ ලෙසත් හැඳින්වෙන මෙහෙන්දි පාවිච්චියට ජාති ආගම් ආදී කිසිඳු භේදයක් නැහැ.
මෙහෙන්දි සම්භවය ගැන කතා කිරිමේදී පුරාන ඊජිප්තු ශිශ්ටාචාරයට දිව යන අතර ඊජිප්තු මමි වල කෙස් , නිය ආදිය තවරා තිබූ රතු පැහැය මෙහෙන්දි බවට පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.
විවිධාකාර මෙහෙන්දි මෝස්තර හා වර්ග වර්ගීකරණයට ලක් කරන අතර - ආරබි මෙහෙන්දි මෝස්තර, ඉන්දියානු මෙහෙන්දි මෝස්තර, පකිස්තානු මෙහෙන්දි මෝස්තර, ආදී වශයෙන් වර්ග කෙරෙන අතර - බංගලාදේශය, පකිස්තානය හා ලංකාව අතර ද මෙම මෝස්තර ව්‍යාප්ත වී ඇත.
මෙහෙන්දි විවිධ වර්ණ වලින්
මරතොණ්ඩි ගසෙන් ලබා ගන්නා කොළ කුඩු කර, එයට වතුර එක් කර පල්පයක් ලෙස සකසා මෙහෙන්දි මෝස්තර ඇඳීමට යොදා ගැනීම අතීතයේ පටන් සිදු කරන අතර - මෙහෙන්දි වර්ණ වෙනස් කර ගැනීමට එම පල්පයට දෙහි, කරාබු නැටි, තේ කහට, යුකැලිප්ස්ටල් තෙල් එකතු කරමින් කොළ, දුඹුරු, මෙරුන් ,කළු වැනි වර්ණ සාදාගැනීමේ හැකියාව ඇත. ටැටූ නිර්මාණ කිරීමට ප්‍රිය කරන තරැණ පිරිස අතර කළු වර්ණයෙන් තිබෙන මෙහෙන්දි ඉතාම ජනප්‍රිය වේ. බොහෝ දෙනෙක් මෙහෙන්දි යොදා ගන්නේ අත් පාවල මෝස්‌තර ඇඳීම සඳහා වන අතර- කාන්තාවන් මෙහෙන්දි මෝසතර විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ මංගල උත්සව, මල්වර උත්සව, ආගමික උත්සව, සහ වෙනත් සම්ප්‍රදායික උත්සව අවස්ථාවන් සඳහා වේ.
මුස්ලිම් හින්දු සංස්කෘතීන්ට අනුව මෙහෙන්දි ගල්වන්නේ ඇයි?
මෙහෙන්දි යනු සියවස් ගණනවාක් තිස්සේ ජීවිතේ විශේෂ අවස්ථාවන් වලදී අලංකාරය, සතුට වෙනුවෙන් අදාළ කරගත් දෙයක් වගේම, ඇතැම් විටෙක ඉන් එහා ගිය ගැඹූරු ජීවනාර්ථයක් ජනනය කරන්නක්. එසේ සඳහන් කළේ විවාහ උත්සවක දී මෙහෙන්දි යෙදීම ආශීර්වාදයක්, ආලෝකයක් ලැබෙන දෙයක් ලෙස ලොකු විශ්‍වාසයක් පැවතීම හේතුවෙනුයි. මේ තුළින් සංකේතවත් කරනුයේ ආදරය සහ සතුටයි . මුස්ලිම් සහ හින්දු සංස්කෘතීන්ට අනුව මෙහෙන්දි චාරිත්‍රය නොපැවැත්වුවහොත් මංගල උත්සවය අසාර්ථක ලෙස ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම ඉන්දියාවේ විවාහ මංගල උත්සවයකදී මනාලියගේ දෑත්වල මෙහෙන්දි රටා මැවීම සුවිශේෂී චාරිත්‍රයක්. මීට අමතරව ඉන්දියානු විවාහ උත්සවයට සහභාගී වන සෑම කාන්තාවක්ම පාහේ මේ මෙහෙන්දි රටා වලින් හැඩ සිදුකරනු ලබනවා. සම්ප්‍රදායානුකූලව මෙහෙන්දි උත්සව පවත්වන්නේ විවාහයට පෙර දිනයේ මනාලියගේ නිවසේදී යි. මෙය ඉතා විචිත්‍රවත් ගාම්භීර උත්සවයක්. ඒ වගේම මෙහෙන්දි රටාවන් ඉතාමත් සංකීර්ණයි. ඉන්දියානු චාරිත්‍ර අනුව විවාහයක දී මෙහෙන්දි රටාවන් ආරම්භ කරන්නේ මනාලයාගේ නමේ මුල් අකුර හෝ නමේ කොටසකින්. එම රටාවන් තද පැහැ වන තරමට ඇයගේ සහකරු සමග පවතින බැඳීම ගැඹුරු තහවුරු වෙන බව විශ්වාස කෙරෙනවා. මෙහෙන්දි වලින් නික්මෙන සුවඳ ලිංගික උත්තේජනයට හේතු විය හැකි බවට වෙන විද්‍යාත්මක හේතු සාධක ද පවතී. මෙහෙන්දි ගැල්වීමෙන් විවාහය නිසා ඇතිවිය හැකි මානසික ආතතියට සහනයක් ලැබෙන බවටත් ඉන්දියානුවන් අතර විශ්‍වාසයක් පවතී.
රටින් රටට විවිධත්වයක් ඇති මෙහෙන්දි මෝස්තර
ඉන්දියානුවන් මෙහෙන්දි නිර්මාණ ඇඳීමේ දී පුංචි මල්, දේව රූප සහ සත්ත්ව රූප යොදා ගනු ලබනවා. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශ වල මොනරුන් ගේ රූප සහ ඇත් රූප යොදා ගැනීම විශේෂත්වයක්. පකිස්තානයේ මල් සහ කොල රටාවන්වන් ද අරාබිය ඇතුළු රටවල තිත් සහ මල් මෝස්තර බහුල වශයෙන් යොදා ගැනෙනවා දක්නට ලැබෙනවා.
මෙහෙන්දිවලින් ලැබෙන ගුණ
අතීතයේදි මෙහෙන්දි යොදා ගෙන තිබෙන්නේ රටා මැවීමට නොව ඔසුවක් ලෙසය. අරාබි ජාතිකයන් අදටත් ශරීරය සිසිල්ව තබා ගැනීමට මෙහෙන්දි ගැල්වීම සිදුකරනවා. මරතොණ්ඩි ශාකය ඉතාමත් ගුණාත්මක ශාකයක්. එම නිසා මෙහෙන්දි ගැල්වීම මගින් දෑත්වලට අලංකාරයක් ලැබෙනවා සේම - සිසිල් බව, ශරීර උෂ්ණත්වය අවම කරන්නත් හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙහෙන්දි යනු සාර්ථක විෂ බීජ නාශකයක්. මෙහෙන්දි තෙල් සාත්තුවෙන් ඉස්‌හොරි ඉවත් වන බවත් කෙස් කලබ හොඳින් වර්ධනය වීමක්‌ද සිදු වන බව ඉන්දියානුවන්ගේ විශ්වාසයයි.
මෙහෙන්දි ගල්වන ආකාරය
මෙහෙන්දි මෝස්‌තර දැමීම ඉතාමත් සියුම් ලෙස සහ ඉවසීමෙන් කළ යුත්තකි. සාමාන්‍යයෙන් මෙහෙන්දි රටා ඇඳ ගැනීම සඳහා භාවිත කරන්නේ “කෝන්” නමැති කුඩා උපකරණයයි. මෙහෙන්දි රටාව ඇඳ ගත් පසු වේළීමට පැයක පමණ කාලයක් ගතවන අතර, ගැල්වූ මෙහෙන්දි වේළී ගිය පසු ඉතිරි කුඩු වැනි දෙය ඉවත් කළ යුතුය. ඉන් අනතුරුව සම මත පොල්තෙල් ගැල්වීමෙන් මෙහෙන්දි මෝස්තරය කල් තබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
නදිශා අතුකෝරළ
අදහස්
ප්‍රවීණ මෙහෙන්දි මෝස්තර ශිල්පිනි
Zuha's Mehendi by
Zuhara Razik
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දෑත සුන්දරකරන මෙහෙන්දි ආර්ට්