IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


දස්කම් රැසක් සපිරි පුංචි වීරයා මෙත්ම සදාර්ත


විවිධාකාර ක්ෂේත්‍රයන් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යමින් සුවිශේෂ දක්ෂතා දක්වන පුංචි තරුවක් මෙවර සඳැල්ල විශේෂ අතිරේකයෙන් හඳුන්වා දෙන්නට හිතුවා. ඔහු නමින් මෙත්ම සදාර්ථ ජයසිංහ.

  •  සදාර්ථ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා දැක්වූ පුංචි හපනෙක්. මුලින්ම ඔබේ රංගනයන් ගැන කතා කරමුද?

මම මුලින්ම රංගනයට සම්බන්ධ වෙන්නෙ ඇත්තම කිව්වොත් මම නොදන්නා කාලෙක. ඒ මට මාස 5ක් වගේ කාලෙදි. මුලින්ම සම්බන්ධ වෙලා තියෙන්නෙ ‘‘පත්තිනි’’ සිනමා නිර්මාණයට. කුමාරයාගේ ළමා කාලෙට තමයි මාව අරගෙන තියෙන්නෙ. එතැනින් පස්සෙ මට තේරෙන කාලෙදි මුලින්ම සම්බන්ධ වුණේ වේදිකා නාට්‍යවලට. ඒ අතර වෙළෙඳ දැන්වීම් කිහිපයක් රඟපෑවා. මගේ මුල්ම වේදිකා නාට්‍ය තමයි හීන්සැරය. ඒ නාට්‍යයේ දර්ශන වාර 75ක් වගේ වේදිකා ගත වෙලා තියෙනවා.

  •  එතකොට මේ දිනවල රංගන කටයුතු කොහොමද?

මේ දිනවල නම් ‘‘සූට් බූට් පූසා’’ වේදිකා නාට්‍ය එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඒක නම් තවම දර්ශන වාර කිහිපයක් වේදිකාගත වෙලා තියෙන්නෙ. ‘‘සූට් බූට් පූසා’’ කියලා සුරංගනා කතාවක් තිබුණනෙ. ඒ කතාව තමයි වේදිකා නාට්‍යයක් විදියට නිර්මාණය කරලා තියෙන්නේ. එය නිර්මාණය කළේ මගේ තාත්තා. ජනප්‍රිය ජයසිංහ.

  •  වේදිකාවෙ රඟපාද්දි සජීවී රංගනයක්නෙ ඉදිරිපත් කරන්න තියන්නෙ? ඒ අත්දැකීම කොහොමද? සදාර්ථට බයක් චකිතයක් එහෙම දැනෙන්නෙ නැද්ද?

බයක් නම් නැහැ. මම ප්‍රේක්ෂකාගාරයේ කවුරුත් නැහැ කියලා හිතාගෙන තමයි සාමාන්‍ය විදියට රඟපාන්නේ. එහෙම වුණාම බයක් නැහැනෙ. ඒත් මට දෙබස් අමතක වෙලා නම් තියෙනවා. එහෙම වුණාම ඉතින් ඒ තැනට ගැලපෙන මොකක් හරි දෙබසක් දාලා ඒක ෂේප් කරගන්නවා.

  •  රඟපාද්දි වුණු අමතක නොවන සිදුවීම් තියෙනවද?

රංගනයේ විශේෂ සිදුවීම් නම් නැහැ. ඒත් මට එක දෙයක් මතක් වෙනවා. මට ශිෂ්‍යත්ව විභාගය ලියන්න තිබුණු දවසට කලින් දවසෙ වේදිකා නාට්‍යයක රඟපාන්න තිබුණා. එදා රඟපාන්න යනවට අපේ අත්තම්මා කැමැති වුණේ නැහැ. ඒත් මම රඟපාන්න තියෙන ආසාවට අත්තම්මට හොරෙන් එදා රඟපාන්න ගියේ.

  •  එදා බොරු කියලා රඟපාන්න ගියාට ශිෂ්‍යත්වය සමත් වුණා නේද?

ඔව්නෙ. මට ලකුණු 158ක් තිබුණා.

  •  ඒ කියන්නෙ රඟපාන්න ගියාට අධ්‍යාපන කටයුතු පාඩු කරගත්තෙ නැහැ?

නැහැ. මම පාඩම් වැඩ කොහොමත් කරනවා.

  •  වැඩිපුරම කැමති විෂයන් මොනවද?

විද්‍යාව, ගණිතය සහ නර්තනය තමයි.

  • ලොකු වුණාම කව්රු වෙන්නද කැමති

මම කැමති අංශ කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් නළුවෙක්, ව්‍යාපාරිකයෙක් සහ දේශපාලනඥයෙක් වෙන්න තමයි ගොඩක්ම කැමති.

  • කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රවල දක්ෂතා තියෙනවා නේද?

මම නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධයි. ගුවන් විදුලියේ ළමා ශිල්පියෙක් විදියටත් වැඩ කළා. දැනුත් රංගනය, නිවේදනය, නර්තනය ඉගෙන ගන්නවා. රංගනයෙන් 2024 වසරේ රංග ප්‍රදීපාලෝකය නාට්‍ය උළෙලේ හොඳම ළමා නළුවා වුණා. ඒ වගේම මම ළමා පොත් දෙකකුත් රචනා කරලා තියෙනවා. ඒ පොත්වල ග්‍රැෆික් නිර්මාණ කළෙත් මම.

  •  මේ පුංචි වයසට කොහොමද ග්‍රැෆික් නිර්මාණයන් ඉගෙන ගත්තේ?

මම අවුරුදු 5දී තමයි පරිගණකය භාවිතා කළේ. එතකොට මට හරියට අකුරු කියවන්නත් බැහැ. සංඛේතවලින් තමයි අයිකන් හඳුනගත්තේ. මම ඒ අංශයට නැඹුරු වුණේ මගේ අම්මා නිසා. ඇය ග්‍රැෆික් නිර්මාණ උපදේශිකාවක්.

පසුගිය කොරෝනා කාලේ මගේ අම්මා පන්ති කළේ සූම් තාක්ෂණය ඔස්සේ. ඒවා බලාගෙන ඉඳලා තමයි මට කැමැත්තක් ඒ ගැන මුලින්ම ඇතිවුණේ. එතැනින් පස්සේ මම යූටියුබ් එකෙන් ඒ ගැන හෙව්වා. ඒවත් එකතු කරගෙන මගේ නිර්මාණයන් කළා. දැන් ලංකාවෙ ලාබාල ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ වගේම ළමා අභිප්‍රේරණ දේශකවරයෙක් වගේම, සන්නාම තානාපතිවරයෙක් විදියටත් මාව හඳුන්වනවා.

  • එතකොට ළමා අභිප්‍රේරණ දේශකවරයෙක් වෙන්නෙ කොහොමද ?

මගේ තාත්තා ඒ අංශයට ගොඩක් නැඹුරුයි. තාත්තා ලංකාව පුරා පාසල්වල පෞරුෂ වර්ධන වැඩසටහන් පවත්වනවා. ඉතින් ඒ ගොඩක් වෙලාවට මමත් තාත්තා එක්ක යනවා. එතැනදි මට ලංකාවෙ දේශකවරුන්ගේ දේශනවලට ඇහුම්කන් දෙන්න හැකිවුණා. ඒ දේවල් නිසා මටත් ආස හිතුණා ඒ වගේ දේශනා කරන්න. ඉතින් මට එක අවස්ථාවක් ලැබුණා එක පාසලක ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන නංගිලාට, මල්ලිලාට දේශනයක් පවත්වන්න. මුලදි නම් බය හිතුණා. ඒත් අම්මා මාව ඒ වෙනුවෙන් උනන්දු කළා. කොහොමහරි මම එදා විනාඩි 20 ක දේශනයක් කළා. ඒ මම කොහොමද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නෙ කියලා. එතැනින් පස්සෙ දිගටම පාසල්වලින් මට ඉල්ලීම් ලැබුණා. මම දැන් හරිම ආසාවෙන් තමයි ඒවට සහභාගි වෙන්නෙ.

  • මේ විදියට ක්ෂේත්‍ර රැසක දක්ෂතා තියෙන සදාර්ථට දැන් වයස කීයද?

දැන් අවුරුදු 13යි.

  • ජීවිතේ මේ වගේ ගමනක් එන්න කවුද උදව් කළේ?

මගේ අම්මයි, තාත්තයි තමයි විශේෂ සහයෝගය දක්වන්නේ. ඒ දෙන්නත් මාධ්‍යට සම්බන්ධයි. මගේ අම්මා ප්‍රියංගා බණ්ඩාරනායක, තාත්තා ජනප්‍රිය ජයසිංහ. ඒ වගේම මගේ පාසලේ දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහලේ ගුරුවරුන් ආදරෙන් මතක් කරන්න ඕනෑ වගේම මගේ නෑදෑයොත් ලොකු ශක්තියක් වෙලා ඉන්නවා මගේ මේ ගමනට.

  • මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සදාර්ත ‘‘සූට් බූට් පූසා’’ එක්ක වෙනම වැඩකට සූදානම් වෙලා තියෙනවා නේද?

ඔව්. මහරගම අපේක්ෂා රෝහලේ අපේ යාළුවො වෙනුවෙන් ‘‘සූට් බූට් පූසා’’ විශේෂ දර්ශනයක් පෙන්වනවා. ඒ අපේක්ෂා රෝහලේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී. ඉතින් ඒ දවසේ අපේක්ෂා රෝහලේ යාළුවො එක්ක එකතුවෙලා තෑගි භෝග හුවමාරු කරගෙන ඒ දවස ගෙවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අහස මීඩියා ටීම් එකත් එක්ක.


ධනූ විජේරත්න


 



අදහස් (0)

දස්කම් රැසක් සපිරි පුංචි වීරයා මෙත්ම සදාර්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1838 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1483 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site