IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


තාත්තා තමයි මගේ ශක්තිය - ගයාන් උඩවත්ත

"සිරකුසා සිසිලියා දුපතේ කතා නියා 
ජෙනොවා මෙසීනා ඔබට මා රැවටුණා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රෝන්තෝ මං ඉතාලියේ තනිවුණා" 

ගීතය මේ වෙන කොට ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතාගේ හඬින් වගේම ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ හඬිනුත් අහපු නැති කෙනෙක් නැති තරම්. පියාගේ අඩිපාර දිගේ ආවත් ගයාන් කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ තමන්ගේ අනන්‍යතාව සොයා යන තරුණයෙක්. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට ඔහුව එකතු කරගන්න. 

ප්‍ර සංගීත ක්ෂේත්‍රයේ ගයාන් උඩවත්තව කට්ටිය අඳුර ගන්නේ කොහොමද? 

මුලදි නම් කට්ටිය අඳුර ගත්තෙ ධනපාල උඩවත්තගෙ පුතා විදිහට. පොඩි කාලේ ඉඳන් වැඩසටහන්වලින් දැකලා තාත්තගෙ නමත් එක්ක තමයි මාව අඳුර ගන්නේ. හැබැයි සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කට්ටිය ගොඩක් මාව අඳුර ගන්නේ නම් 2018 කරපු මං ඉතාලියේ තනිවුණා සිංදුවෙ remake එකෙන්.   2014 Gypsies සංගීත කණ්ඩායමත් එක්ක නිර්මාණ කරන කොට තමයි ගයාන් උඩවත්ත විදිහට ක්ෂේත්‍රයට හරියටම ආවේ. 

පියා තරම් ඔබ ක්ෂේත්‍රය තුළ වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ. මොකක්ද ඒකට හේතුව?

තාත්තා ජනප්‍රියයි. ඒක හැමදාටම එහෙමයි. මගේ ප්‍රධාන අවධානය තියෙන්නේ ශබ්ද ඉංජිනේරුවරයෙක් වෙන එකට.  මම අවුරුදු 8 ක් Gypsies සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කළා සුනිල් අංකල් නැති වෙනකල්ම. ඒ අතරතුර මම මගේ කැමැත්තට සහ ආසාවට තමයි ගීත කිහිපයක් කරලා දැම්මේ. ඊට පස්සේ ඉඳලා හිටලා හොඳ අවස්ථාවක් ලැබුණොත් තමයි සිංදුවක් කළේ. ඉස්සරහටත් අලුත් සිංදු ටිකක් කරන්න හිතන් ඉන්නවා. මගෙ තියෙන අනිත් වැඩත් එක්ක, ඒ කියන්නේ අනිත් අය නිර්මාණය කරන ගීතවල වැඩ, එතකොට රූපවාහිනී වෙ​ෙළඳ දැන්වීම් වගේම බෑන්ඩ් එකත් එක්කත් පොඩ්ඩක් කාර්යබහුල වෙන නිසා තමයි අලුත් නිර්මාණයක් කරන්න වෙන්නෙ නැත්තේ. කොහොමත් ක්ෂේත්‍රයේ පේන්න හිටියෙ නැතත් මම තිරය පිටිපස්සෙ ඉඳන් ඉතින් වැඩ ටික කරගෙන යනවා.

ප්‍ර වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරපු ගයාන්, සංගීතයට යොමු වෙන්නේ ආසාව නිසාද නැත්තම් පිය උරුමය නිසාද?

පොඩි කාලේ ඉඳන් සංගීතය පවුල් පසුබිමේම තිබ්බා. හැබැයි තාත්තා කැමති වුණේ නැහැ සංගීතය කරනවට. තාත්තා කැමති වුණේ සංගීතය විනෝදාංශයක් විදිහට කරනවට. මම ඉගෙන ගත්තේ වාණිජ අංශයෙන්. ඒක හරියට ඉගෙන ගෙන බැංකු ක්ෂේත්‍රයෙන් රැකියාවක් අනිවාර්යයෙන් කරන ගමන් සංගීතය විනෝදාංශයක් විදිහට කරනවට තමයි තාත්තා කැමති වුණේ. හැබැයි ඉතින් පොඩි කාලෙ ඉඳන් පාසලෙත් පන්ති කට් කරලා ගොඩක් වෙලාවට මම සංගීත කාමරේම තමයි හිටියේ. ඒ විදිහට සංගීතයටම තමයි නැඹුරු වෙලා හිටියේ. හැබැයි සංගීතයට අමතරව වාණිජ අංශයෙන් මම ඉගෙන ගත්තා.  IBSL එකේ තමයි මම මගේ උපාධිය  කළේ. ඒකෙන් පස්සෙ තමයි  ඕඩියෝ ඉංජිනියරින්වලට යොමු වුණේ. මොකද ඒ කාලේ ඉඳන් මම යාළුවොන්ට සිංදු හදනවා.

ඉතින් ඒකත් එක්ක ඒ ගැන ඉගෙන ගන්න පොඩි ආසාවක් ඇතිවෙලා තමයි මුලින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබ්බ පාඨමාලාව කළේ. ඊට පස්සෙ  Music Oven Institute එකේ  ඉගෙන ගත්තා. ඊට අමතරව මම වැඩිදුර අධ්‍යාපනය විදිහට සංගීතයේ ශබ්ද පරිපාලනය හරියට හදාරලා තමයි  සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. Gypsies සංගීත කණ්ඩායමට සහභාගි වුණේත්  ඒ සුදුසුකම් එක්ක.

ප්‍ර ගායනයට අමතරව ගයාන් මොකද කරන්නේ ඇහුවොත්? 

ගායනයට අමතරව මම ශබ්ධ ඉංජිනේරුවෙක්. කාලයක්  සංගීතය ඉගැන්නුවා, පන්ති කළා. සංගීතය තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. මම හිතනවා හරියට කළොත් ජොබ් ගොඩක් කරන්න ඕනෙ නැහැ. සංගීතයෙන් හම්බ කරන්න අමාරුයි කිව්වට එහෙම එකක් නැහැ. ඒක හරියට වෘත්තියක් විදිහට ඉගෙන ගෙන, තමන් දන්නවා නම් මොකක්ද කරන්න ඕනෙ කියලා මම හිතන් නැහැ ඒක අමාරුයි කියලා.

ප්‍ර Plus Minus සංගීත කණ්ඩායම තාම තියෙනවා නේද?

ඔව්, බෑන්ඩ් එක පටන් ගත්තේ 2009/2010 වගේ පාසල් කාලේ ඉඳන්. එතකොට බෑන්ඩ් එකට හරි නමක් නැතුව විවිධ නම් තිබ්බා. පාසලෙන් ඉවත් වුණාට පස්සෙ තමයි Plus Minus කියලා නමක් දාගෙන වෙඩින්වලට, ඩාන්ස්වලට වගේ බුකින්වලට අවධානය යොමු කළේ. ඒ කාලේ සංගීත කණ්ඩායමේ දසුන් මධුෂාන්, අශාන් ප්‍රනාන්දු, එතකොට wayo සංගීත කණ්ඩායමේ විනෝද් මෙල්පිටිය හිටියා. ඒ කට්ටිය හැමෝම අපිත් එක්ක ප්ලේ කළා. ඊට පස්සෙ ගයාන් ගුණවර්ධන කාලයක් අපිත් එක්ක ප්ලේ කළා. දැන් බෑන්ඩ් එක වෙනස්වෙලා, මගේ මූලිකත්වයෙන් තමයි  සංගීත කණ්ඩායම තියෙන්නේ ප්ලේයර්ස්ලා පස්දෙනෙක් එක්ක. ඒ විදිහට අවුරුදු පහළොවක් විතර තාම ඉතින් සංගීත කණ්ඩායම යනවා.

ප්‍ර මේ දවස්වල වැඩකටයුතු මොනවද?

බෑන්ඩ් එකේ වෙඩින් එක්ක තමයි ගොඩක්ම අපි  වැඩ කරන්නේ. ඊට අමතරව මගෙ ශබ්දාගාරය තියෙනවා. Plus Minus Studio  කියලා. ඒ වැඩ කටයුතුත් කරන් යනවා. මේ දවස්වල ඒකෙ පොඩි අලුත්වැඩියා කටයුතු ටිකක් කරනවා. තව අලුත් සිංදු ටිකක් කරලා තියෙනවා.  විදේශ ගත වුණ නිසා මම නැවත ලංකාවට ආවේ ජනවාරි මාසේ. ඒ නිසා මොකුත් කරන්න හම්බ වුණේ නැහැ. 

ප්‍ර මම ඉතාලියෙ තනිවුණා සිංදුවෙ Remake එකෙන් පස්සෙ ආයෙ තාත්තාගෙ  සිංදු කිව්වෙ නැද්ද?

මට හිතුණා ඒ සිංදුවෙන් පස්සෙ තාත්තගෙ සිංදු කළා ඇති කියලා, මොකද ඊට පස්සෙ මට අනන්‍යතාවක් හදාගන්න හම්බ වෙන්නෙ නැති නිසා. Remake එකෙන් පස්සේ  "පින්තාරු දෙව්ලිය" කියලා  ගීතයක් මම කළා. එහි පද රචනය වසුන්දරා හෙට්ටිආරච්චි සහ මෝෂිත ප්‍රනාන්දු, තනුව රුසිරු රූපසිංහ,. ඒකත් ගොඩක් අය ආදරෙන් වැලඳ ගත්තා. හැබැයි අර තරම් ජනප්‍රිය වුණේ නැහැ. නමුත් ඒක සාමාන්‍යයෙන් කට්ටිය දන්න ගීතයක්. ඊට පස්සේ විවාහයට ඔන්න මෙන්න තියලා "ගිය මාසෙට 30ක්" කියලා ගීතයක් කළා. ඒක මගෙ භාෂාවෙන් කිව්වොත් නිකන් ජොලියට කළේ. ඊට පස්සෙ බිරිඳ එක්ක වෙඩින් එකේ කියපු සිංදු දෙකක් තිබ්බා. තව බිරිඳ එක්ක කියපු යුග ගීත තියෙනවා. ඒවත්  එළිදක්වන්න හිතන් ඉන්නවා. 

ප්‍ර මේ ක්ෂේත්‍රයේ ගයාන්ට තියෙන හීනේ මොකක්ද?

මගේ හීනේ මගේ තාත්තා වගේ හොඳ නමක් තියාගන්න එක. හැමෝම තාත්තා ගැන ඇහුවොත් කියන්නේ හැමදාමත් වේදිකාවට වැදගත් විදිහට ඇඳන් ඇවිත් වැදගත් විදිහට සිංදු කියලා යන කෙනෙක් කියලා. තාමත් තාත්තා ගැන ගොසිප් එකක් නැහැ කොහෙවත් හොයන්න. ඉතින් මටත් ඕනේ ඒ වගේ චරිතයක් වෙන්න, සහ මට ආසාවක් තියෙනවා ජාත්‍යන්තරයට යන්න. ජර්මනියට ගිය නිසා මම ඒ අවස්ථාවටත් උත්සාහ කරනවා. ඒක එච්චර පහසු නැහැ. අපි දැක්කා ලංකාවේ  යොහානි, භාතිය සන්තුෂ් ඒ තැන්වලට ගිහින් තියෙනවා, ඉතින්  මටත් ආසාවක් තියෙනවා ඒ වගේ වැඩක් කරන්න. ඒවගේම මට ශබ්ධ පරිපාලන පැත්ත තව ටිකක් ජර්මනියෙන් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. ඒකටත් මම මහන්සි වෙනවා. මගේ අවසාන හීනෙ තමයි හොඳ ජාත්‍යන්තර නමක් හදා ගන්න එක.

ප්‍ර බොහෝ දෙනා කියනවා ගයාන් විවාහයෙන් පස්සෙ විදේශ ගතවෙලා කියලා?

ඔව් හැමෝම තාමත් හිතන් ඉන්නේ මම බිරිඳ එක්ක ජර්මනියෙ ඉන්නවා කියලා. ඇත්තටම මගෙ බිරිඳ ජර්මනියෙ රැකියාවක් කරන්නේ. ඇය මෘදුකාංග තත්ත්ව පරීක්ෂක ඉංජිනේරුවරියක්. ඉතින් ඇයත් එක්ක මටත් ජර්මනියට යන්න ලැබුණා. මොකද එහෙ තමයි ඇය රැකියාව කරන්නෙ මමත් එහෙ ගිය නිසා කට්ටිය හිතන් ඉන්නෙ මම ලංකාවෙන් ජර්මනියට මාරු වුණා කියලා. හැබැයි ලංකාවෙ වැඩ ටික කරගන්න ඕනෙ නිසා මම එනවා යනවා. බිරිඳ නම් එහෙ ඉන්නවා තාම, මගෙ වැඩටික අඩු වුණ ගමන් මම එහෙට යනවා, බිරිඳට නිවාඩු ලැබුණු ගමන් ඇය මෙහෙ එනවා. එහෙම තමයි අපි දෙන්නා ප්ලෑන් කරන් ඉන්නේ.

ප්‍ර බිරිඳටත් සිංදු කියන්න පුළුවන්ද?

ඔව්, ඇය කෝෂිලා විජේසිංහ. ඇයටත් හොඳට සිංදු කියන්න පුළුවන්. ඇය මට හම්බ වුණෙත් බෑන්ඩ් එක ප්ලේ කරපු වෙඩින් එකකදි.  එදත් මාත් එක්ක ඇය සිංදුවක් කිව්වා, අදටත් ඒ සිංදු ටික ඒ විදිහටම කියාගෙන යනවා.

ප්‍ර ගයාන්ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කතා කළොත්?

මගේ ප්‍රේක්ෂකයන් කියනවට වඩා ගොඩක්ම තාත්තගෙ රසිකයො හින්දා තමයි මා වටා ප්‍රේක්ෂකයො පිරිසක් හැදුණෙ. ඊට අමතරව මගෙ ගීත හින්දා මාව අඳුරගත්ත පිරිසකුත් ඉන්නවා. ඒ දෙගොල්ලන්ගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහොමත් මම හැමෝමත් එක්ක හොඳට කතා කරලා ඉන්න චරිතයක්. ඒ වගේම නඩත්තු කරන්න ලොකුකම් නැහැ මගේ ළඟ. ඒ නිසා හැමෝම මාත් එක්ක ගොඩක් හිතවත්. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ප්‍ර ප්‍රවීණ ගායන ශිල්පියෙක් විදිහට පියාගෙන් ඔබට මොන වගේ ගුරුහරුකම්ද ලැබෙන්නේ?

පොඩි කාලේ ඉඳන් මායි මල්ලියි දෙන්නම තාත්තා දිහා බලාගෙන තමයි හැදුණෙ. අම්මා හැමවෙලාවෙම පිටිපස්සෙන් ඉඳන් අපිව ගයිඩ් කළාට පිරිමි ළමයෙක් ආස හැමවෙලාවෙම තාත්තා වගේ වෙන්නනෙ. ඉතින් මටත් පොඩි කාලේ ඉඳන් ඕනෙ වුණා  තාත්තා වගේ වෙන්න. අපේ භාෂාවෙන් කිව්වොත් තාත්තා පොරක්,ලෙජන්ඩ් කෙනෙක්. ඒ කාලෙ ඉඳන්ම අපි මාර අමාරුයි කියලා හිතලා කියන සිංදු තාත්තා ගාණක්වත් නැතුව ලස්සනට කියනවා . සරිගමපදනි ස්වර හත මුලින්ම ඉගෙන ගත්තෙත්  තාත්තාගෙන්. අදටත් ඒ වගේ ගොඩක් දේවල් තාත්තගෙන් මම ඉගෙන ගන්නවා. මට සංගීතය හදාරන්න ආසාවක් ආවා නම් තාත්තා තමයි ඒකෙ මූලිකත්වය. තාත්තා තමයි ඉතින් අදටත් මගේ ශක්තිය.

කෞශල්‍යා ලක්ෂානි

 



අදහස් (0)

තාත්තා තමයි මගේ ශක්තිය - ගයාන් උඩවත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 12 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 9 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 13 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 25 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 33 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 14 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1098 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1455 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 378 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site