IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


තරුණ කාලෙම අම්මා කෙනෙකුවීම ලොකු වාසනාවක් - නිපුණිකා දිසානායක

නිපුණිකා, දියණිය කායා සමඟින්


මට ඇත්තටම සම්ප්‍රදායික අම්මා කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපි එකිනෙකා හරියට තේරුම් ගන්නවා නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. අපි විවාහ වෙලා අවුරුදු හතරක් විතර වෙනවා. තවම අපි ඉන්නෙ ලහිරුගෙ අම්මලා එක්ක. මට හොඳ නැන්දම්මා කෙනෙක් නෙවෙයි මගෙ අම්මා වගේම හොඳම අම්මා කෙනෙක් ඉන්නෙ. මගේ දුව කායා කියන්නෙ මට මේ දක්වා ජීවිතේ ලැබුණු හොඳම තිලිණයයි.

මේ විදිහට කියන්නෙ තාරුණ්‍යයේ රංගන ශිල්පිනියක වන නිපුණිකා දිසානායකයි. ඉතින් නිපුණිකා කියන්නෙ ඔබට අමුත්තියක නෙවෙයිනෙ. අද ඇය අපට හමුවන්නෙ ආදරණීය බිරිඳක සහ මවක ලෙසයි.  තරුණ මවක් විදිහට අම්මයි-දුවයි විශේෂාංගයට ඇය එක් වුණේ මේ විදිහටයි

  • නිපුණිකා කොහොම ද මේ දවස්වල ජීවිතේ වැඩ කටයුතු එහෙම?

හොඳින් ගතවෙනවා. සතුටින් ගත වෙනවා. දැන් අපි දෙන්නා විතරක් නෙවෙයිනෙ, බබත් ඉන්නවා. තව පැටියෙකුත් ළඟදීම පවුලට එක්වේවි. ඒ නිසා අපි හැමෝම සතුටින්.  

  • දැන් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නෙම නැද්ද?

දීර්ඝ කාලයක් ටෙලි නාට්‍යවලට නම් සම්බන්ධ වුණේ නැහැ,අන්තිමට ටෙලි නාට්‍යයක රඟපෑවේ 2021 දී විතර. නෙ සමාජ මාධ්‍යය හා ඒ ආශ්‍රිත විවිධ වැඩසටහන්වලට නිතර පෙනී සිටිනවා.  ඒ වගේම ප්‍රවර්ධන වැඩසටහන්වලට එහෙමත් පෙනී සිටිනවා.

  • තරුණ වයසේ එළිපත්තේදීම වගේ මවක වීම ගැන නිපුණිකාට දැනෙන හැඟීම මොන වගේ ද?

ගැහැනු කෙනෙකුට තරුණ කාලයේදීම තමන්ගෙ ඉලක්ක සපුරා ගන්න පුළුවන් නම් ලොකු වාසනාවක්. ඒ අතින් මම වාසනාවන්තයි කියලා හිතනවා. මගේ ජීවිතයේ හරි කාලයේදී හරිම දේ සිද්ධ වුණාය කියලා මම හිතනවා. මව් පදවිය කියන්නෙ මගේ ජීවිතයට ඉහළින්ම අරුතක් ලැබුණු අවස්ථාවක් කියලයි හැඟෙන්නෙ.

  • අර එදා හිටපු දඟකාර නිපුණීකා අද වෙනස් වෙලා කියල ද හිතෙන්නෙ?

මට හිතෙන්නෙ මම එදා හිටපු කෙනාම තමයි. විවාහ ජීවිතයේදී මට එහෙම වෙනස් වෙන්න කාරණා ඇතිවුණේ නැත්තෙ මාව ඉතා හොඳින්ම තේරුම් ගත්ත සැමියකු ලැබීම නිසයි. මාව හොඳින්ම බලා ගන්න නිසාම තමයි මේ  වැඩ කටයුතු මේ තරම් සාර්ථකත්ව කරගෙන යන්න මට හැකියාව ලැබිලා තියෙන්නෙ. ඉතින් එදා හිටපු ඒ ගති ස්වභාවයේ කෙනාම තමයි.

  • මවක් වු පසුව අඳින පලඳින විදිහ පවා සමහරු වෙනස් කරන්නෙ දැන් මම අම්මා කෙනෙක්නෙ කියන හැඟීම නිසයි. නිපුණිකත් ඒ වගේම ද?

ඉස්සර හිටපු - ඉස්සර විදිහටම විලාසිතා කරන කෙනෙක්. ඒවා වෙනස් වෙලා නැහැ. බබා පොඩි කාලයේදී මම හිටියෙ ගෙදරම වගේ. ඒ හැරෙන්නට ඉතින් එදා මමම තමයි අදත්. මට ආවේණික  විදිහට විලාසිතා කරන කෙනෙක්.

  • මම දැන් අම්මා කෙනෙක් කියන හැඟීම එක්ක කටයුතු කරන්නෙ කොහොම ද?

ජීවිතයට වගකීම් වැඩි වුණා කියලා හිතනවා. හැබැයි ඒක මට කොතැනකදීවත් බරක්  වුනේ නැත්තෙ, මටත් වඩා උනන්දු වන මටත් වඩා සියලු දේ ගැන සොයා බලන, සැමියකු මට සිටින නිසයි. ඉතින් ඒ වගේම තමයි එයාගෙ පවුලේ අයත්, මගේ පවුලේ අයත් ඒ විදිහයි. එදා මම වැඩකට යද්දී පවා එයාලා මාත් එක්ක ආවා. යම් යම් දේ බබා නිසා ජීවිතේ වෙනස් කර ගත්තත් ලොකුවට අපි ජිවිත වෙනස් කර ගන්න ගියේ නැහැ.  අපට ඕනෑ බබාට හොඳම දේ දෙන්නයි. ඒ වෙනුවෙන් වගකීම් සහගතව වැඩ කරනවා.  

  • දුවක් අනුගමනය කරන්නෙ මවකගෙ ඉරියව් සහ ස්වභාවයන්, ඒ අනුව අම්මා කියන චරිතය එක්ක ඔබට දැනෙන වගකීම?

ඔව් එයා මම කරන- කරන දේ කරන්න හදනවා, කියන- කියන දේ කියන්න හදනවා.  ළමයින්ගෙ හැටි එහෙමනෙ. ඇත්තටම ඉතින් පොඩි පැටියෙකු ඉනන්වා නේද කියලා හිතෙනකොට ඒක හරි පුදුමයක් වගේ හැඟීමක්. වචන වලට පෙරළන්න- හරවන්න බැරි හැඟීමක්.

  • එක්-එක් ස්වභාවයේ අම්මලා ඉන්නවනෙ නිපුණිකා මොන විදිහෙ අම්මා කෙනෙක් ද?

මගේ පැටියා ලොකු වුණාම එයාගෙන් තමයි  ඒ ගැන අහන්න ඕනෑ.  මම උත්සාහ  ගන්නෙ සාම්ප්‍රදායික නොවූ අම්මා කෙනෙක් වෙන්නයි. චූටි දූට හොඳ යාළුවෙක්, එයාගෙ ළඟින්ම ඉන්න කෙනෙක් වගේම හොඳම දේ ගැන වටහා දෙන කෙනෙක් වෙන්නයි.  එයාට දුක හිතෙන දේ වගේම සතුටු හිතෙන දේ එක්ක ජීවිතේ කියා දෙන්නයි මට ඕනෑ. මොන දේ වුණත් අම්මා එක්ක හැම දේම කියන්න පුළුවන් දුවක  නිර්මාණය කරන්න උත්සාහ ගන්න මවක්.

  •  අම්මා කෙනෙක් වූ දවසේ ඇති වූ හැඟීම?

මම හිතන්නෙ අම්මා කෙනෙක් වූ දවසෙ ඇතිවූ හැඟීම මට නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒක මහා පුදුම හැඟීමක්. හරි පුදුමාකාරයි .  ජීවිතේ මෙතෙක් මට ලැබුණ හොඳම තිලිණය තමයි මගේ චූටි දියණිය.  එයා පුදුම දරුවෙක්. එයාට අවුරුදු දෙකහමාරයි.   එයාටත් දැන් ආදරය කරන රසික පිරිසක් සමාජ මාධ්‍යයේ ඉන්නවා. අපි දෙන්නා එකට සිටින වීඩියෝ වගේම දුව විතරක් සිටින ඒවත් සමාජ මාධ්‍යවල යන නිසා අපිටත් ආදරේ කරන   අලුත් පිරිසක් දැන් ඉන්නවා. හරි සුරතල් ගුණ යහපත් දරුවෙක්. පොඩි වුණාට එයාට හොඳට තේරෙනවා. වැඩි හිටියන්ට ගරු කරන එක පවා කතා කරන එක පවා අපි කියලා දීලා නැහැ. අපි සුපර් මාකට් ගියාම එතැන සිටින අයට ගුඩ් මෝර්නිංන්ග් කියන්න,  අනෙක් අය වෙනුවෙන් දොර අල්ලගෙන ඉන්න එක එයා ඉබේම කරනවා. එයාගේ ඇඟෙන්ම ඒ දේවල් ඇවිත්. ඒකයි මම කිව්වෙ එයා හරිම ගුණ යහපත් දරුවෙක් කියලා. යන-එන සෑම තැනකම අය එයාට ආදරෙයි. ඒ විදිහට ආදරේ ලැබීමත් එකතකට පිනක්.

  • ඉතින් කියන්නකො ඒ චූටි පින්වන්තියගෙ නම?

කායා දිසානායක.  කායා කියන්නෙ ග්‍රීක භාෂාවේ හැටියට පවිත්‍ර දේවතාවිය කියන අරුතයි. හරීම හොඳ පිවිතුරු හිතක් තියෙන දරුවෙක්.

  • එතකොට අම්මාගෙ හිත?

අම්මාත් ඒ වගේ තමයි. ඒ හිනඳාමනෙ මගේ බබාත් එහෙම වෙලා තියෙන්නෙ.

  • අද ඔබ තවත් බබෙක් අපේක්ෂාවෙන්? ජිවිතේ අද දැනෙන්නෙ කොහොමද?

කලිනුත් කිව්වා වගේ මට ජීවිතේ හරිම කාලයේදී හරිම දේ ලැබුණ කෙනෙක්. වසර දොළහක් විතර ක්ෂේත්‍රයේ සිටියා. ඉන් පස්සෙ විවාහ වුණා. ඊට පස්සෙ කායා ලැබුණා. දැන් තවත් බබෙක් ලැබෙන්න ඉන්නෙ. ඉතින් ජීවිතේ හරි සතුටුයි.

  • දියණියන් සිටින ලංකාවේ මව් වරුනට ඔබ දෙන උපදෙස?

දියණියක හෝ පුතෙකු වේවා මේ කාලයේ හැටියට ගොඩාක්ම පරිස්සම් කරන්න. එයාලා ගැනම අවධානයෙන් ඉන්න.  ලොකු වුණාම වුනත් එයාලාට සමීපව ඉන්න. හැබැයි එයාලගෙ පුද්ගලිකත්වයට ඕනැවට වඩා ඇඟිලි ගහන්න යාම හොඳ දෙයක් නෙවෙයි. එයාලට තේරුම් කරවන්න ඕනැ අපට යාළුවෝ වගේ ඉන්න පුළුවන් කියන එක. ජීවිතේ මොන ප්‍රශ්නය ආවත්, එතකොට එයාලා දන්නවා මගේ අම්මටයි තාත්තටයි කිව්වොත් හරිම විසඳුම ලැබේවි කියලා. එයාලව ඒ විදිහට මෙහෙයවීම තමයි වඩා හොඳ. ආදරයෙන් කරුණාවෙන් කියා දුන්නාම එයාලා නොමග යන්නෙ නැහැ. එතකොට ළමයින් වැරදි කරන ප්‍රමානය අඩුවේවි.

  • කායාගෙ වැඩ ඔක්කොම කරන්නෙත් නිපුණිකා ද?

කුඩා කාලයේ ඉඳලම කායාව නාවන්න, කවන්න පොවන්න වගේම සෑම දෙයක්ම වැඩි හරියක්ම කරන්නෙ මගේ සැමියා ලහිරු. සමහර වෙලාවට මාත් කවනවා. ලහිරුගෙ අම්මාවත් බොහොම ආදරයෙන් මතක් කළ යුතුමයි. ඒ අම්මාගෙන් ලැබෙන සහයෝගය හරිම ඉහළයි. එයා මට නැන්ඳම්මා කෙනෙක් නෙවෙයි. මගේම අම්මා වගේ මට දැනෙන්නෙ. ලහිරුටත් වඩා එයා ආදරේ මට. ඉතින් මට හරිම සතුටුයි. විවාහ වුනාය කියලා මගේ ජීවිතේ හිසමත පැවරුණ වැඩ ගොඩක් වුනේ නැහැ. තවත් මගේ ජීවිතේ  ලස්සන වුනේ  එදා වගේම මගේ ජීවිතේ ලස්සන කරන්න අපේ අම්මයි - තාත්තයි පවුලේ අයයි වගේම ලහිරුගෙ පවුලෙ අයයි හැමෝම වගේ මට ධෛර්්‍යයක් වු නිසයි.


සඳුන් ගමගේ


 

 



අදහස් (0)

තරුණ කාලෙම අම්මා කෙනෙකුවීම ලොකු වාසනාවක් - නිපුණිකා දිසානායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 213 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 383 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site