IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගන්නට සමත් වූ ඔහු තමයි ඕදාත හංසක. මේ ඔහු සමගින් කළ කතාබහ.

ප්‍ර ඕදාත මේ දිනවල සෝෂල් මීඩියාවල අතිශය ජනප්‍රියයි නේද?

ඔව්, එහෙම ආදරයක්, ප්‍රතිචාරයක් නම් මේ දිනවල ලබාගන්නට හැකිවෙලා තියෙනවා. ඇත්තටම ඒ ගැන මට හරිම සතුටක් තියෙනවා.

ප්‍ර ඉතින් ඒ ජනප්‍රියත්වයට හේතුවක් කියමු?

මුලින්ම කියන්න ඕනැ මම සෝෂල් මීඩියාවල කතාබහට ලක්වුණේ ගිය වසරෙදි. එනම් 2024 වසරේ. අවුරුදු උත්සවයක මම ඉදිරිපත් කරපු නර්තන අංගයක් නිසා තමයි ඒ ජනප්‍රියත්වය මට ලැබුණේ. ඒ නර්තන අංගය මම ඉදිරිපත් කළේ නර්තන ශිල්පී ඔෂාන් ලියනගේ කරපු අවුරුදු උත්සවයකදී.

ඒ අවුරුදු උත්සවයේ එදා කරපු අංගය නොහිතපු විදියට ගොඩක් දෙනා ෂෙයා කරලා තිබුණා. ඉතා ඉහළ ප්‍රතිචාරයක් තමයි ලැබුණෙ. ඉතින් මම කව්ද කියන එක එදා ඉඳන් වගේ බොහෝ දෙනෙක් හොයලා තිබුණා.

ප්‍ර ඒ කියන්නේ මේ ජනප්‍රියත්වයට හේතුව ඔබේ නර්තන හැකියාව?

ඒක එහෙම වෙන්නත් පුළුවන්. නමුත් තව දෙයක් සඳහන් කරන්න ඕනැ. මම ඒ කාලවකවානුවේම එනම් 2024 වසරේ හිරු නාළිකාවෙ පැවැත්වුණු අවුරුදු කුමරා තරගයට සම්බන්ධවෙලා දෙවන ස්ථානයත් ලබාගත්තා. ඒ තුළින් මාව දැනහඳුනගත්ත පිරිසකුත් හිටියා. මේ සිදුවීම් දෙකම එකම කාලයේ තමයි සිදුවුණේ. ඉතින් ඒ තරගයත් මාව බොහෝ දෙනෙක් හඳුනාගත් අවස්ථාවක්.

ප්‍ර ඒ සම්බන්ධ කතාව පසුවට තියලා නර්තන හැකියාව ගැන කතා කරමුද?

නර්තන හැකියාව කියන්නෙ ඉතින් මම පුංචි කාලේ ඉඳන්ම නර්තනයට හරිම කැමැතියි. ඒ කැමැත්ත නිසාම විනෝදාංශයක් විදියට නර්තනය කළා. මම වෘත්තීයමය නර්තන ශිල්පියෙක් නෙමෙයි. නමුත් පාසල් කාලේ නර්තනය කළා. පාසලේ පැවැත්වුණු ප්‍රසංග, උත්සව ආදියට නර්තනයෙන් සම්බන්ධ වුණා. ඒ තුළින් තමයි ඉදිරියට ආවෙ.

ප්‍ර පාසල් වේදිකාව තුළ ලැබුණු අත්දැකීම් ගැන කතා කළොත්?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ 5 වසර දක්වා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ. ඒ කාලෙත් මම පාසලේ විවිධ නර්තන ප්‍රසංගවලට සම්බන්ධ වුණා. ඉන්පසුව මම 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා  කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසලේ ‘Dancing Circle’  කියලා තරගාවලියක් තිබුණා. එහි ප්‍රසංගයක් තියෙනවා. ඒ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ‘අනඳ ප්‍රතිභා’ නමින්. ඒ ප්‍රසංගයේ මම ප්‍රෆෝම් කළා. ඒ වගේම එහි සංවිධාන වැඩකටයුතුත් වසර කිහිපයක්ම අපි කළා. එතැනින් පසුව අපේ පාසලේ අපි කිහිප දෙනෙක් තේරුණා දළදා පෙරහරේ කුඹල් පෙරහරේ නර්තනයේ යෙදෙන්න. ඒ දවස් 3 ක්, ඉතින් මට නර්තනය පැත්තෙන් ලැබුණු ඒ විශේෂ අත්දැකීම් තමයි පාසල් කාලය තුළදී ඒ ලැබුවෙ.

ප්‍ර ඒ විදියට නර්තනයේ යෙදුණු ඕදාත අද රටම දන්න තරුවක් වෙලා නේද? ඉතින් බලාපොරොත්තුවක් තිබුණද මේ විදියෙ ගමනක් යන්න?

ඇත්තටම නර්තනයට ලොකු ආසාවක් තිබුණා. නමුත් මුලදී සඳහන් කළා වගේ මම වෘත්තීමය නර්තන ශිල්පියෙක් නෙමෙයි. මොකද නර්තනයට දක්ෂතා තියෙන, නර්තනය වෘත්තිය විදියටත් කරගෙන යන යාළුවොත් මට ඕනෑ තරම් ඉන්නවා. මම ඒ අයගේ හැකියාවන් දැකලා තියෙනවා. මම නර්තනයට ආස නිසා තමයි පාසල් කාලෙන් පසුවත් ඒ අංශයට නැඹුරුවෙලා හිටියෙ. මගේ අම්මා නම් කොහොමත් ආසයි මම නර්තනය කරනවට. ඉතින් පොඩි කාලෙදි මම අම්මත් එක්ක TV එකේ යන නර්තන වැඩසටහන් විවිධ ප්‍රසංග අවුරුදු උත්සව ආදී ඒ ගොඩක් දේවල් බැලුවා. ඒවා බලද්දි නම් ආසාවක් තිබුණා. ඒ වගේ දේවල්වලට සම්බන්ධ වෙන්නම. ඉතින් නොහිතපු විදියට අද මටත් අවස්ථාව ලැබිලා තියෙනවා ඒ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්නට. මම හිතන්නෙ හැකියාව වගේම වාසනාව හෝ යම් ආකර්ෂණයක් තියෙන්නත් ඕනැ මිනිස්සුන්ගේ ආදරය ප්‍රතිචාර ලබන්න. ඉතින් මටත් ඒ වාසනාව ලැබිලා තියෙනවා.

ප්‍ර හැකියාව එක්කම යම් ආකර්ෂණයක් තියෙන්න ඕනැ කියලා ඔබ කිව්වනෙ. ගොඩක් දෙනෙක් ඕදාතගෙ හිනාවට වශීවෙලා කියන්නේ ඇත්තද?

ඔව්. පොඩි එහෙම ප්‍රතිචාර නම් තියෙනවා. ඇස්වලින් හිනාවෙනවා කියලා තාමයි ගොඩක් දෙනෙක් කියන්නෙ. ඇත්තටම මගේ මේ ගමන් මඟට මගේ හිනාව ලොකු හේතුවක් කියලා මටත් හිතෙනවා.

ප්‍ර මේ දිනවල නර්තන තරගාවලියකටත් සම්බන්ධ වෙලා ඉන්නවානේ. ඕදාතගේ හිනාවයි, හැකියාවයි එක්ක මේ වෙද්දි ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා නේද?

හිරු මෙගා ස්ටාර් සමඟ තමයි එකතුවෙලා ඉන්නෙ. රංගන ශිල්පිනී සංජානා ගමාරච්චි එක්ක තමයි එහිදී නර්තනයේ යෙදෙන්නෙ. ඇත්තටම මට මේ හරහා අලුත් අත්දැකීමක් ලැබුණා. මට ලැබුණු විශේෂ අවස්ථාවක් තමයි මේ. ඉතින් මේ වෙද්දි අපි පියවරෙන් පියවර තරගය තුළ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. මේ දිනවල මෙගා ස්ටාර් නිසා ටිකක් විතර කාර්ය බහුල වෙලා තියෙනවා ජීවිතේ.

ප්‍ර නර්තනයට අමතරව මොනවද තියෙන හැකියාවන්?

නර්තනයට අමතරව, රංගනයත්, නිවේදනයත් මම කලාව තුළ කරගෙන යනවා. ඊට අමතරව පාසල් කාලෙ නම් ක්‍රීඩා කළා. ක්‍රිකට්, හෑන්ඩ් බෝල්, මලල ක්‍රීඩා ඒ හැම දේම කළා. පාසල් කාලයෙන් පස්සෙ ඒවා නැවතුණා.

ප්‍ර ඒ කියන්නෙ දැන් වෘත්තිය වශයෙන් කලාවෙද නිතරවෙලා ඉන්නෙ?

නැහැ. කලාව මගේ ප්‍රධානම දේ නෙමෙයි. මම සුම්බා උපදේශකවරයෙක් විදියටත්, Sport masseur and physical therapist කෙනෙක් විදියටත් වැඩ කරනවා. ඒවත් එක්ක තමයි කලා කටයුතු කරගෙන යන්නෙ.

ප්‍ර මේ හැමදේම එක්ක ඉදිරි කලා කටයුතු කොහොමද?

ඉදිරියේදී පුංචි තිරයෙන් මාව දැකගන්න ලැබෙයි. ඒ මේ මාසය අඟ වගේ. මට රංගනයට අවස්ථා කිහිපයක් ලැබුණා. ඒ අතරින් මම සම්බන්ධ වුණු එක් නිර්මාණයක රූගත කිරීම මේ දිනවල සිදුවෙනවා. ලස්සන වැඩක් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එක්ක සිදුවුණු. ඉතින් නුදුරේම ඒ තුළින් දැකගන්න ලැබෙයි.

ප්‍ර මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහයත් මතක් කරමු නේද?

මට ගෙදර ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි ඒ හැමෝගෙන්ම ඉතින් ලැබෙන ශක්තිය, ආශීර්වාදය එක්ක තමයි මේ වැඩකටයුතු කරගෙන යන්නෙ. ඉතින් ආදරෙන් සිහිපත් කරන්න ඕනැ මගේ පවුලෙ හැමෝම.

ප්‍ර ඕදාතට දැන් වයස කීයද?

දැන් 25 යි.

ප්‍ර අවුරුදු 25 ට මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. ජීවිතේ මම කැමැතිම දේ තමයි මට ලැබෙන ප්‍රේක්ෂක ආදරය සහ ඒ ප්‍රතිචාර. ඒවත් එක්ක මට හිතෙන එකම දේ ජීවිතේ අපට දෙයක් ලැබෙන්න තියෙනව නම් ඒ දේ කවදහරි කොහෙදි හරි ලැබෙනවා. ඒක නවත්තන්න බැහැ. ඉතින් මට ලැබෙන දේවල් මම ගොඩක් ආසාවෙන් භාරගන්නවා.

ප්‍ර ප්‍රේක්ෂක ආදරේ විතරද ඕදාතට තියෙන්නෙ? විශේෂිත ආදරයක් නැද්ද?

විශේෂිත ආදරයක් තවම නම් නැහැ. ඉදිරියේදී බලමු නේද?

ධනූ විජේරත්න



අදහස් (0)

ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර
2025 මැයි මස 11 12 0

දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය


යොවුන් හදවත් සනසා නළවන සෙවිනි ශ්‍රී ගමගේ
2025 මැයි මස 11 9 0

‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’


ගොඩාක් ප්‍රතිචාර තියෙන්නෙ ඔගෙ හිනාවට - ඔදාන හංසක
2025 මැයි මස 11 14 0

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්


චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 25 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 34 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 14 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1106 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site