දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රියාවලට එරෙහි වන සැබෑ පරිසර හිතකාමීන්ට සිදු වන්නේ ඔවුන්ගේ තාඩනපීඩනවලට ලක් වී ජීවිත පවා අහිමි කර ගන්නටය. එය වර්තමානයේ මෙන්ම ඈත අතීතයේත් සිදු වූයේය. දේශපාලක අඳබාලයන් වෙතින් පරිසරය රැකගන්නට සෘජුවම ඉදිරිපත් වූයේ නැතත් සිය නිර්මාණ හරහා සමාජය දැනුවත් කිරීමට නිර්මාණකරුවෝ හැමදාමත් උත්සාහ කළහ. පරාක්‍රම නිරිඇල්ල නම් විශිෂ්ට නිර්මාණකරුවා මිහි මඬල ගිනි ගනී ටෙලි නාට්‍යය තුළින් උත්සාහ කළේත් දේශපාලන හස්තයෙන් පරිසරය මුදවා ගත යුතු බවට පණිවිඩය ජනතාවගේ සිත් තුළට කාවද්දන්නටය.
වාරිමාර්ග ඉංජිනේරුවගෙ ජීප් එක මමමයි පැදෙව්වෙ.. ඉතින් අපි කැලේ මැද්දෙන් එනකොට මෙන්න මහා පර්වතයක් වගේ තනි අලියා පාර මැද්දෙ.. අපිට දෙයියෝ සිහි වුණා.. ආපහු හරවා ගන්න විදියකුත් නෑ.. ඒක වළවල් පිරිච්ච මහා දුෂ්කර පාරක්.. මොනවද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව මාව වෙව්ලනවා..
“මිහි මඬල ගිනි ගනී යුග දෙකක් සම්බන්ධ කරපු හරි අපූරු නිර්මාණයක්.. මේකෙ කොටසක තියෙන්නෙ මහසෙන් රජ යුගය.. අනික් කොටසේ තියෙන්නෙ වර්තමානය.. මහසෙන් රජ යුගයේදී පරිසරයට ආදරය කරපු කිහිප දෙනෙක් වර්තමානයේ පුනරුත්පත්තිය ලබනවා.. ඔවුන් මින්නේරි වැව දේශපාලකයෙකුගෙන් බේරා ගන්න කරපු සටන තමයි මේ ටෙලි නාට්‍යය තුළින් පිළිබිඹු වුණේ..”
මිහි මඬල ගිනි ගනී ටෙලි නාට්‍යයේ අරවින්ද නමැති වාරිමාර්ග ඉංජිනේරුවා ලෙසින් රඟ පෑ භානු කොඩිකාර පැවසුවේය. මීනා කුමාරි, ජනක් ප්‍රේමලාල්, ශ්‍රියන්ත මෙන්ඩිස්, රංගන ප්‍රේමරත්න, වසන්ත විට්ටච්චි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් මේ ටෙලි නාට්‍යයට එක් වී සිටියේය. මෙය විකාශය වූයේ අනූව දශකයේ අග භාගයේ ජාතික රූපවාහිනිය ඔස්සේය.
“ඓතිහාසික යුගයෙදී මම රඟ පෑවේ මහසෙන් රජු ළඟ සේවය කළ පුලතිසි ඇමති විදියට.. පුලතිසි ඇමති තමයි අරවින්ද කියන පරිසරවේදී ඉංජිනේරුවා බවට පත් වෙන්නෙ.. යක්ෂ ගෝත්‍රික නායකයෙක් වුණ ජනක් ප්‍රේමලාල් මින්නේරි වැව රැක ගන්න පරිසර සංවිධානයේ ප්‍රධානියා විදියට පුනරුත්පත්තිය ලබනවා..”
ටෙලි නාට්‍යයේ චරිත බෙදී ගිය ආකාරය විස්තර කරමින් භානු කොඩිකාර පැවසුවේය.
මැරයෙකු ලෙස ප්‍රසිද්ධ වූ ඇමති කෙනෙකුගේ අණසක එක් කලෙක පොළොන්නරුව ප්‍රදේශයේ පැතිර තිබිණි. පරාක්‍රම නිරිඇල්ල සිය ටෙලි නාට්‍යයේ ඇමතිවරයාගේ චරිතයට අදහස ගත්තේ ඒ ඇමතිවරයා ගේ සැබෑ චරිතය අධ්‍යයනය කිරීමෙනි.
“විල්සන් කියන මැර ඇමතිවරයාගෙ චරිතය රඟ පෑවේ වසන්ත විට්ටච්චි.. විල්සන් තමන්ගෙ හෙංචයියො ලවා වැව් තාවුල්ලෙ ගස් කප්පනවා.. වැව ළඟ ගඩොල් කපන්න අවසර දෙනවා.. වැවේ අනවසරයෙන් මාළු අල්ලනවා.. මේවායින් වැව විනාශ වෙන හින්දා ඉංජිනේරුවා ඒවට විරුද්ධව නැඟී සිටින්නෙ පරිසර සංවිධානයත් එක්ක එකතු වෙලා.. ඒවයින් කුපිත වෙන ඇමතිවරයා ඔවුන්ට පහර දෙනවා.. ඉංජිනේරුවගෙ ඔළුවත් පැළෙනවා.. මම පරිසරයට හුඟාක් ආදරය කරන හින්දයි, පරාක්‍රම නිරිඇල්ල ඉතාම දක්ෂ ලෙස චරිතය හැසිරෙව්ව හින්දයි තමා මේ චරිතය මගෙ හිතේ තදින්ම රැඳුණෙ..”
භානු කියන්නේය. මින්නේරි වැව කරවන ලද්දේ මහසෙන් රජතුමා විසිනි. පසු කාලයක ඔහු මින්නේරි දෙවියන් ලෙසින් ජනතාවගේ බුහුමනට ලක් වෙන්නේය. මින්නේරි දෙවියන් වෙනුවෙන් කැප වුණ දෙවොලක් ද වැව අසළ තිබේ. ටෙලි නාට්‍යය වෙනුවෙන් ඒ හා සමානම දෙවොලක් වැව අද්දර ඉදි කරනු ලැබීය.
“අපේ කලා අධ්‍යක්ෂවරයා හීනටියන ප්‍රේමදාස බොහොම අලංකාර විදියට ඒ දේවාලෙ හැදුවා.. පුදුමේ කියන්නෙ ඒ දේවාල බිමේ ෂූටින් කරපු හැමදාම මොකක් හරිම අකරතැබ්බයක් වුණා.. මම ඒ වගේ අද්භූත දේවල්, හාස්කම් ඒ හැටි විශ්වාස කරන කෙනෙකුත් නෙමෙයි.. ඒත් සිද්ද වුණ දේවල් නිකම්ම අමතක කරන්නත් බෑ.. එක දර්ශනයක් තිබ්බා ළමයි පන්සීයක් විතර ඇවිත් වැව් බැම්ම උඩ උද්ඝෝෂණයක් කරනවා.. මේකට ඒ ළඟපාත ඉස්කෝලවලින් තමයි ළමයි ගෙන්නා ගත්තෙ.. ඔවුන් හැමෝම අතේ පෝස්ටර් තිබ්බා.. අපි ෂූටින් කර කර ඉන්න අතරේ ලොකු හුළඟක් ඇවිත් ඒ පෝස්ටර් ඔක්කොම හුළඟේ ගියා.. ඒකත් පුදුම දෙයක්..” ඔහු කීවේය.
භානු කොඩිකාර, පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කිහිප දෙනෙක් මුහුණ දුන් අතිශය බිහිසුණු සිද්ධියක් පිළිබඳ තොරතුරු ද භානු කොඩිකාර හෙළිදරව් කළේය.
“මින්නේරි වැවේ එහා ඉවුරේ දර්ශන කීපයක් ගන්න තිබුණා.. ඒ පැත්තට යන්න තියෙන්නෙ කැලයක් මැද්දෙන්.. ධීවර කර්මාන්තය කෙරෙන්නෙත් ඒ පැත්තෙ.. එතන හිටිය ධීවරයෝ කිව්වා දරුණු තනි අලියෙක් ගැවසෙන හින්දා රෑ වෙන්න කලින් කැලෙන් එළියට යන්න කියලා.. කැමරා කණ්ඩායම ඇතුළු අනිත් අය යැව්වත් අපි ටිකක් පරක්කු වුණා.. වාරිමාර්ග ඉංජිනේරුවගෙ ජීප් එක මමමයි පැදෙව්වෙ.. ඉතින් අපි කැලේ මැද්දෙන් එනකොට මෙන්න මහා පර්වතයක් වගේ තනි අලියා පාර මැද්දෙ.. අපිට දෙයියෝ සිහි වුණා.. ආපහු හරවා ගන්න විදියකුත් නෑ.. ඒක වළවල් පිරිච්ච මහා දුෂ්කර පාරක්.. මොනවද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව මාව වෙව්ලනවා.. නිරිඇල්ල මහත්තයා හොඳ පරිසරවේදියා හින්දා මේ වගේ වේලාවට ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා දන්නවා.. එයා කිව්වා ඔහොමම ජීප් එක නවත්තලා ජනෙල් වහලා සද්ද නැතුව ඉමු කියලා.. ඉතින් අපි ඒ විදියට කළා.. අලියා ඇවිත් වින්ඩ්ස්ක්‍රින් එකට හොඬින් තද කරලා හුස්මක් පිම්බා.. වින්ඩ්ස්ක්‍රින් එක පුරාම කෙළ.. ඊ ළඟට මගේ පැත්තට ආවා.. මම ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා.. හෙල්ලෙන්නෙවත් නැතුව හිටපන් නිරිඇල්ල මහත්තයා තොල්වලින් විතරක් කියනවා.. අලියා ඊ ළඟට ගියෙ නිරිඇල්ල මහත්තයගෙ පැත්තට.. ඒ වීදුරුවත් කෙළවලින් වහලා ටිකක් වෙලා ඉඳලා යන්න ගියා.. එයා නොපෙනී යනකම්ම ඉඳලා තමයි අපි ආපහු ආවෙ.. අම්මෝ.. එදානම් මරණ බය හොඳටම දැනුණා..”
ඔහු කියද්දී ටෙලි නාට්‍යයටත් වඩා රසවත් එවන් සිදු වීම් නොවන්නේදැයි මට සිතිණි.
භානු කොඩිකාර මේ වන විට ටෙලි නාට්‍ය පනස් දෙකක් සහ චිත්‍රපටි හතරක රඟ පා තිබේ. ඔහු වේදිකා නාට්‍ය නළුවෙක් පමණක් නොව ලේඛකයෙකි. දිනපතා ලංකාදීප පුවත්පතටත් ඔහු සෑහෙන කලක් සිනමා ලිපි ලිව්වේය.
“මට මේ ගමන එන්න පාර කැපුවේ රවීන්ද්‍ර ගුරුගේ මහත්තයා..” ඔහු කෘතඥතා පූර්වකව සඳහන් කළේය.
ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයක් වූ දඬුබස්නාමානයේ තවුසාගේ චරිතයට පණ පෙව්වේත් භානු කොඩිකාරය. මේ දිනවල ඔහු ගිනි අවි සහ ගිනි කෙළි 2 චිත්‍රපටියේත්, බන්දුල නානායක්කාරවසම්ගේ පළමුවෙනි ටෙලි නාට්‍ය නිර්මාණය වන දිසාපති ටෙලි නාට්‍යයේත් රඟ පාන්නේය.
“දැන් තියෙන්නෙ කලා නිර්මාණ එක්කම කලාකරුවාත් විකිණෙන තත්ත්වයක්.. එහෙම නොවුණා නම් කලා ක්ෂේත්‍රය මීට වැඩිය හුඟක් දියුණු වෙන්න තිබුණා..”
ක්ෂේත්‍රය පිළිබඳව ඔහු දරන්නේ එවන් මතයකි.
චන්දි කොඩිකාර
දේශපාලකයන් වැඩි දෙනෙක් සිතන්නේ පරිසරය තමාගේ බූදලයක් බවය. එම නිසාම ඔවුහු පරිසරය සුරකිනවා වෙනුවට එය විනාශ කරන්නට සිය හෙංචයියලාට අනුබල දෙති. ඒ අමන ක්‍රිය
‘‘නිල් නුවන් පියවිලා රැක ගනඳුරේ නිදි ලොවින් මා සොයා එන්න දෙව්ලියේ’’
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වන කලාකරුවෙකු මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා. නර්තනයට රංගනයට, නිවේදනයට දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත්
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මිහි මඬල ගිනි වැදී ටෙලි නාට්‍යයේ පරිසරයට හිතැති ඉංජිනේරුවා භානු කොඩිකාර