IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කාන්තා ක්‍රිකට් කිරුළේ අගනා ගුරුතුමා රුමේෂ් රත්නායක

ඔවුන් ආසියානු ක්‍රිකට් කිරුල හිමි රැජිනියන් නම්? ඒ රැජිනියන් තැනූ තිරය පිටුපස සිටි චරිතය ඔහුය. කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ඔහු රුමේෂ් රත්නායකය . 1985  මෙරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රථම ජයග්‍රහණය ලැබූ තරගයේ ජය සනිටුහන් කළ පන්දු යවන්නා වූයේ ඔහුය. 


 මේ මොහොතේ ඔබට දැනෙන හැඟීම මොන වගේ ද?


ඉතාම සතුටුදායක හැඟීමක් තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වගේම අනෙකුත් පුහුණුකරුවන් ඇතුළු මේ කණ්ඩායම  වටා සිටින අප හැමෝටම ඒ හැඟීම තියෙන්නෙ.


 ඔබ ප්‍රධාන පුහුණුකරු වෙලා කොපමණ කල් වෙනව ද?


මාස විස්සක විතර කාලයක් වෙනවා.


 ඔබ කාලයක් ජාතික කණ්ඩායමේ පුහුණුකරු විදිහට හිටියෙ. කාන්තා කණ්ඩායම බාර ගනිද්දී ඔබට එය අභියෝගයක් වුණා ද?


නිතරම වෙනස් අංශයක කටයුතු කරන්න ලැබෙන විට එය අභියෝගයක් වෙනවා. මේ කාන්තා කණ්ඩායම වෙනමම අංශයක් නිසා එය අභියෝගයක් වුණා. නමුත් අපි ඒ අභියෝගය බාර ගෙන හරි දේ කළොත් එය සාර්ථක වෙනවා. මට එය ලොකු අභියෝගයක් කියලා හිතුණෙත්  නැහැ. අද ආපසු හැරී බලද්දී මම එය දකින්නෙ යහපත් අභියෝගයක් ලෙසයි.


 මේ ජයග්‍රහණය දක්වා ආ ගමන වෙනුවෙන් ඔබ කළ විජ්ජාව නැතිනම්, මැජික් එක මොකක් ද?


මම මොනවත් කළේ නැහැ. මොන වගේ දේ කළ යුතු ද කියලා සොයා බලා ඒ වෙනුවෙන් කටයුතු කළා. සංසන්දනය කර බලද්දී ලොකු දේවල් කරන්න තිබුණෙ නැහැ. පොඩි- පොඩි දේවල් ටිකක් තමයි හදා ගන්න තිබුණෙ. ඊට පසුව අපි ප්ලෑන් එකක් හදා ගෙන ඒ අනුව කටයුතු කරන්න පටන් ගත්තා. මානසිකත්වය සහ  දක්ෂතාව ගැන හඳුනාගැනීමෙන් පසුව කටයුතු කරන අතරේ විනය ගැන ඊළඟට හිතුවා. විනය එක්ක එයාලට බියක් නැතිව ක්‍රීඩා කිරීමේ පරිසරය අපි හදලා දුන්නා.


 රුමේෂ් රත්නායක නමැති චරිතයට අදත් ක්‍රිකට් ලෝලීන් ගරු කරන්නෙ විනයගරුක ක්‍රීඩකයකු වූ නිසයි. කොහොමද මේ කාන්තා කණ්ඩායමේ විනය මොනවගේ තැනක ද තිබෙන්නෙ?


එතැනදී මම වගේම අපේ අනෙකුත් සියලු දෙනාම ඉතාම යහපත් තැනක සිටියෙ. එයාලගෙ විනය හොඳයි. නමුත් අපි කළේ නිරන්තරයෙන් එය පවත්වාගෙන යා යුතු විදිහ ගැන කියා දීමයි. එයාලගෙ විනය ඇත්තටම යහපත් තැනක තිබෙන්නෙ. ඒ විනය තබා ගෙන ක්‍රියා කළ යුතු විදිහ ගැන වගේම වැරැද්දක් වුණොත් ඒ ගැන කතා කරන්නෙ හරි ගස්සා ගන්න පුළුවන් විදිහ ගැනයි. කැච් එකක් මිස් කළොත් බණින්නෙ නැහැ කාටවත්. එය සැහැල්ලුවට අරගෙන අපි හරි දේ හරි විදිහට කරමු කියලා වටහලා දෙනවා.


 විනය කියන දේ ජයග්‍රහණයට වැදගත් වෙන්නෙ මොන විදිහට ද?


විනය කියන දේ ආ යුත්තේ ගෙදරින්මයි.  විනයක් තිබෙන්නත් ඕනෑ වගේම තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් ඕනැ. ඒ වගේම හරි දේ මොකක්ද? වැරැද්ද මොකක් ද කියලා අපි දැන ගෙන ඉන්නත් ඕනෑ. විශේෂයෙන් ජාතික කණ්ඩායමක් නියෝජනය කරනවා කියන්නෙ, ඒ ලාංඡනය පලඳිනවා කියන්නෙම බොහෝ දේ එක්ක  වගකීමක් දැරිය යුතු වීමයි. ඒ නිසාම මිනිස්සු ඒ ජනප්‍රියත්වය එක්ක රට නියෝජනය කරන අයව අනුගමනය කරන්න පටන් ගන්නවා. අනුකරණය කරන්න පටන් ගන්නවා. ඒ නිසා හැසිරීම කියන දේ හරි විදිහට කරන්නෙ නැත්නම් බාල පරපුර පවා වැරදි විදිහට එය බාර ගන්න පුළුවනි. ඒ නිසා වැරදි චිත්‍රයක් තමයි අපි නිතරම සමාජයට දිය යුත්තෙ. හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් නම් හොඳම දේ සමාජයට දෙන්න අපට පුළුවනි.


 බොහෝ විට ඔබ මාධ්‍ය හමුවට එන්නෙ නැහැ, එහෙත්, මේ කාන්තා ක්‍රීඩිකාවෝ කුසලානය දිනා දුන් මොහොතේ ඔබ ක්‍රීඩා පිටියට ඇවිත් ඔවුන් එකි නෙකා ඔසවා සතුට ප්‍රකාශ කරන අයුරු අපි  දුටුවා, ඒ මොහොත ගැන හිතන්නෙ කොහොම ද ?


ඒක නිරායාසයෙන්ම ආ දෙයක්. අපි හැමෝම ඒ ජයග්‍රාහී මොහොත කාලයක සිට අපේක්ෂා කළ දෙයක්. ඒ මොහොත ඇත්තටම ලොකු දෙයක්.  අපි නිතරම කතා වෙන්නෙ පොඩි-පොඩි  දේ හරියට කරන්න. එතකොට තමයි ලොකු දේ සිදු වන්නෙ.


 තරගය හැරවුණේ කොතැනින් කියල ද ඔබ හිතන්නෙ?


තරගයක දී ජයග්‍රහණය ලබන්න සෑම මොහොතක්ම හරිම වැදගත්. ඒ සෑම පන්දුවක්ම සෑම විදිහකින්ම වැදගත්. ලකුණු ගන්න, විකට්ටුවක් ගන්න, දැවී යාමක් ගන්න, හයක් ගහන්න. ක්‍රීඩිකාවක් කැච් එක අත් හැරි මොහොතේ අපි ඒ ගැන හිතලා තරගය අත් හැරියේ නම්, අපට ජයග්‍රහණයට යන්න අමාරුයි. තවත් කැච් එකක් අත් හැරියත්. චමරිගෙ හැඩකාර ඉනිම වගේම හර්ෂිතා බැට් කරද්දී එයාගේ ඒ වගකීම හරියටම කළා. කවීෂාත් එහෙමයි. ඉන්දීය කණ්ඩායම ලකුණු 165 ක් වගේ ගණනකට සීමා කර තබා ගැනිමම ලොකු දෙයක්. ඒ විදිහට අපි ඒ මොහොත ගැන කතා කළොත් සෑම මොහොතක්ම වැදගත්.


 150 ක ලකුණු ප්‍රමාණයක් මීට පෙර මේ අය හඹා ගොස් තිබුණේ නැහැ?  නමුත් මේ මොහොතේ ඔවුන් එය හඹා ගියේ කඩුලු දෙකක් පමණක් දැවී ගොස් සිටියදී පමණයි. මේ ගැන ඔබ කොහොමද හිතන්නෙ? ඒ අපූරු දක්ෂතාව ය ගැන ?


ඔබ දන්නවාද ? මේ ක්‍රීඩිකාවන් පුහුණවීම් කරද්දී මේ අය පුහුණුවීම් කරන්නෙ පිරිමි ක්‍රීඩකයින් සමග.  17න් පහළ වගේ අය එක්ක හරි හරියට එයාලා ක්‍රීඩා කරනවා. සෑම පන්දු දෙකකට විතර පසුව හයේ පහරක් ගහනවා. ඒ විදිහට එයාලගේ ස්ටෑන්ඩර්ඩ් එක හරි ඉහළයි.  එහෙම නැතුව එයාලා මේ විදිහට හයේ පහර – හතරේ පහර එල්ල කරන්නෙ අහම්බයකින් නෙවෙයි.  ඒ වගේම වසර කීපයකට පෙර එයාලා පුහුණුවීම්  කළ හැටි සහ තරග කළ හැටි එයාලට පෙන්නනවා. ඉතින් එයාලා හරි වැරැද්ද සහ දියුණු කර ගත යුතු දේ ගැන වටහා ගන්නවා. ඒ විදිහට ආ ගමනක ප්‍රතිඵල තමයි එයාලා ප්‍රායෝගික කළේ. වැඩි දියුණු කර ගත යුතු විදිහ ගැන එයාලම වටහා ගත්තා. සැලැස්මක් තිබේ නම්‍ එය ඕනෑ කෙනෙකුට කළ හැකියි.


 චමරි ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ?


චමරි වගේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවක් තවත් නැහැ. හර්ෂිතා, කවීෂා ඇතුළු අනෙක් සෑම ක්‍රිඩිකාවක්ම වුණත් ක්‍රීඩා කරන්නෙ ටයිමින්වලට. ඒවා නිකම්ම ආ දක්ෂතා නෙවෙයි. නිරන්තර පුහුණුවීම්වල ප්‍රතිඵලයක්. චමරි වගේ තව එක් කෙනෙක් අපට සිටියොත් ඒක විශිෂ්ට දෙයක් වේවි. එයා හොඳ විනයක් ඇති ක්‍රීඩිකාවක් සහ ඉතා විශිෂ්ට නායිකාවක්.



අදහස් (0)

කාන්තා ක්‍රිකට් කිරුළේ අගනා ගුරුතුමා රුමේෂ් රත්නායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1612 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 493 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site