IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඉස්සර වගේ කොහාගෙ සද්දෙ නැහැ - දිනූෂ දිසානායක

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දැඩි ලෙස දිනාගෙන විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘නිමාවක් නැති ආදරේ’ ඒ තුළ රංගනයේ යෙදෙන ‘මේඝ’ චරිතය මේ නිර්මාණය තුළ කැපී පෙනෙන චරිතයක්. 

‘මේඝ’ ට පණපොවන රංගන ශිල්පියා මෙවර සඳැල්ල කතාබහකට එකතු කර ගන්නට හිතුවෙ ඒ නිසාමයි.  මේ ඉඩකඩ දිනූෂ දිසානායක නම් ඔහු වෙනුවෙන්. 

ප්‍ර දිනූෂ මුලින්ම කියන්නකො කොහොමද අවුරුදු? 

අවුරුදු කියලා ඉතින් ලොකු විශේෂත්වයක් මෙදාපාර නම් නැහැ. මොකද අලුත් අවුරුද්ද දවසෙත් මම නාළිකාවක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒ වගේම 13  වෙනිදා වෙනකම්ම ටෙලි නිර්මාණ කිහිපයක රූගතකිරීම් සිදුවුණා. ඉතින් මට මේ වතාවේ අලුත් අවුරුද්දට කියලා විශේෂ සූදානමක් වුණේ නැහැ. 

ප්‍ර එදා සහ අද අවුරුද්ද ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නෙ? 

ඇත්තටම ඒ කාලෙ අපිට දැනුණු හැඟුණු ඒ අවුරුද්දේ හැඟීම අද දැනෙන්නෙ නැහැ. ඒ කාලෙ අවුරුදු පටන් ගත්තෙත් මාර්තු මාසෙ වගේනෙ. ඒක ඉතින් වෙනස්ම හැඟීමක්. හරිම සුන්දරව ගතවුණු කාලයක් කියන්න පුළුවන්. 

ප්‍ර ඇයි අද ඒක දිනුෂට නොදැනෙන්න හේතුව දැන් පරිණත වෙලාද? නැත්නම් ප්‍රශ්න වැඩිවෙලාද? වයසට යද්දි ඒ ගැන හිතෙන් නැද්ද? මොකක්ද වෙලා තියෙන්නෙ? 

ඇත්තටම ඒ සඳහන් කරපු දේවල්වලට ‘ඔව්’ කියන්නත් පුළුවන්. අපි පරිණත වෙලා ප්‍රශ්න වැඩිවෙලා. හැම දේම තියෙනවා. මේ හැමදේම  වගේම ඇත්තටම අද වෙද්දි කොහා කෑ ගහන සද්දයකුත් නෑ වගේ මට දැනෙනවා. ඒක නැවතිලා තියෙන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. මොකද අපි පුංචි කාලෙදි මාර්තු මාසෙ කොහා කෑගහන එක පටන් අරන් මැයි මාසෙ වෙනකම් විතර ඒ කෑගැගිල්ල තිබුණනෙ. දැන් ඒවාත් නෑ වගේ. 

ප්‍ර ඒ කියන්නේ කොහාටත් ප්‍රශ්න ඇති? එහෙමද? 

ඒක එහෙමත් වෙන්න පුළුවන් කියලා හිතමු නේද? 

ප්‍ර ඒ ප්‍රශ්නයට සිනාසී පිළිතුරු දුන් දිනුෂගෙන් මම ඊළඟට ඇහුවෙ අවුරුද්දට ගෙදර එන්න කියලා අම්මා-පුතාට ඇවිටිලි කරන්නෙ නැද්ද කියන ප්‍රශ්නය? 

අම්මෝ, ගෙදරින් නම් කියනවා ගෙදර එන්න කියලා. නමුත් ඉතින් දාගත්තු වැඩත් එක්ක යන්න වෙන්නෙ නැහැ. මෙදා සැරේ ඉතින් කොළඹ තමයි. මොකද මම මේ වෙද්දි ටෙලි නිර්මාණ 5ක රූගත කිරීම් කරන ගමන් තමයි  ඉන්නෙ. ඉතින් අවුරුද්දට යන්න බැරිවෙන්නෙ මේ දේවල් එක්ක කාර්යබහුල වීමත් එක්ක. නමුත් විවේකයක් ලැබුණු ගමන් ගෙදර ගිහින් එන්න තමයි ඉන්නේ. 

ප්‍ර එහෙනම් අපි දැන් අවුරුදු පසෙකළා දිනුෂගේ කලා කටයුතු ගැන කතා කළොත්? 

කලා කටයුතු එක්ක නම් කාර්ය බහුලයි. ඉහතින් සඳහන් කළා වගේ. මොකද නාළිකා 5ක විකාශය වන ටෙලි නිර්මාණ 5ක රූගත කිරීම්වලට සම්බන්ධ වෙන නිසා. ඒ චරිත 5 එකිනෙකට වෙනස් චරිත. එක් චරිතයක් තමයි සියත නාළිකාවේ විකාශය වන ‘නිමාවක් නැති ආදරේ’ හි මේඝගෙ චරිතය. ඒ වෙනුවෙන් ඇත්තටම මේ වෙද්දි ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන් ඒ චරිතයට කෙල්ලො කොල්ලො ගොඩක් කැමතියි. 

මොකද ඒ තුළ ගැහැනු ළමයි 20ක් බැලන්ස් කරගෙන එහෙම යන්න තියෙන චරිත රංගනයක්. ඉතින් ඒක දඟකාර, විසේකාර චරිතයක් නිසාම සමාජ මාධ්‍යයේ නම් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. 

ප්‍ර ගැහැනු ළමයි 20ක් බැලන්ස් කරගන්න පුළුවන්ද ඉතින්? දිනුෂට එහෙම පුරුද්දක් නැහැනේ? 

අනේ එහෙම පුරුද්දක් නැහැ. එහෙම වෙන්නෙ ඉතින් කතාවටම තමයි. මේඝ කියන චරිතයට ගැහැනු ළමයි ඒ තරම් හිටියත් ඔහු හොඳ කොල්ලෙක්. ඒ හැම  දෙනාටම උදව් තමයි කරන්නෙ. 

ඉතින් මේ නිර්මාණයට අමතරව තවත් නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී දැකගන්න හැකිවෙයි. 

ප්‍ර මේ විදියට රංගන කටයුතු කරද්දි ගායකයාට මොකද වෙන්නෙ? ඒ වෘත්තිය අතහැරලද? 

අනේ නැහැ. මම කොහොමත් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නෙ ගායනයෙන්. එතැනින් තමයි රංගනයට ආරාධනා ලැබිලා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. නමුත් ඇත්තටම සමහරු දන්නෙත් නැහැ මම ගායකයෙක් කියන දේ. රංගන ශිල්පියෙක් විදියට තමයි මාව ගොඩක් දෙනෙක් හඳුන්වන්නෙ. 

ප්‍ර ගායකයා, රංගන ශිල්පියා වුණා රංගන ශිල්පියා නර්තන ශිල්පියාත් වුණා නේද පසුගිය කාලෙ? 

ඔව්නෙ. ඒක ඇත්තටම අලුත් අත්දැකීමක්. ඒක මට විඳින්න ලැබුණෙ හිරු මෙගා ස්ටාර් වේදිකාව හරහා. ඇත්තටම නර්ථනය කියන්නෙ මම කිසිමදාක හදාරලා තිබුණු විෂයක් නෙමෙයි. ගීතයක් කියද්දී පොඩි පොඩි නර්තනයක් දැම්මත් වෘත්තිමය දෙයකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් ඇත්තටම මමවත් දන්නෙ නැතිව ඒ දේත් කළා. 

ප්‍ර කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මම මේ තරගයට සම්බන්ධ වුණේ ජය පැරදුම කිසිසේත්ම අදාළ කරගෙන නෙමෙයි. නමුත් වට කිහිපයක් යන්න අවස්ථාව ලැබුණා. පසුගිය දිනක ඒ වේදිකාවෙන් ඉවත් වුණා. නමුත් ඒ  ලැබුණු අත්දැකීම මට හරි විශේෂයි. ඒ දේ මගෙ කලා ගමනටත් ශක්තියක් වුණා. ඇත්තටම මේ අවස්ථාවේ මම ස්තුති කරන්න ඕනෑ ගයාන් ශ්‍රීමාල් මහතාට සහ මගේ පාට්නර් හෂීට. ඒ වගේම සාරා අබේවර්ධන සිහිපත් කරන්න ඕනෑ. ඒ අය තමයි මාව නැටෙව්වෙ ඇත්තටම. 

ප්‍ර ඉතින් දිනුෂට මේ ලැබිලා තියෙන කලා හැකියාවන් ගැන මොකද හිතෙන්නෙ? 

අනේ ඉතින් ලොකු සතුටක් තියෙනවා මට මං ගැන. ඉදිරියේදිත් කලාව පැත්තෙන් විශේෂ දේවල් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගායනය පැත්තෙන් සහ රංගනයෙන්. ඒවා ඉතින් ඉදිරියේදී බලමු. 

ප්‍ර එතකොට දිනුෂගෙ ව්‍යාපාර කටයුතු? 

ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඇත්තටම පසුගිය කාලේ නුවරඑළියෙ කබානා ටිකක් හදාගෙන ගියා. නමුත් දැන් ඒ දේවල් මඳකට නවත්තලා තියෙනවා රටේ ආර්ථික තත්ත්වයත් එක්ක. ඉදිරියේදී ඒ හැම දේම සිද්ධවෙයි.

ධනු විජේරත්න



අදහස් (0)

ඉස්සර වගේ කොහාගෙ සද්දෙ නැහැ - දිනූෂ දිසානායක

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 121 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 43 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 85 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1256 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site