IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අපේ ගෙදර අවුරුදු සතුටින්ම ගෙවුණේ තාත්තා හිටපු කාලේ - ගයාන් ගුණවර්ධන

ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධනගේ පුතුණුවන් ගයාන් ගුණවර්ධන මේ වෙනකොට රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය ජනප්‍රියත්වය ඉහළින්ම දිනා සිටින වර්තමාන පරපුරේ දක්ෂ කලාකරුවෙක්.  

නුවන් ගුණවර්ධන මීට  තෙවසරකට පෙර අප අතුරින් වෙන් වුණත් මේ කලාකරුවාගේ ගීත අදටත් බොහෝ දෙනා අතර ඉතාම ජනප්‍රියයි. ඒ ආදරේ නිසාම මේ මහා කල​​ාකරුවා ගැන අදටත් රසික ප්‍රජාව   අතර තියෙන්නේ ළෙන්ගතුකමක්. තාත්තාගේ ළෙන්ගතුකම ගීත රසය රසික ඔබට සමිප කරන ගයාන් ගුණවර්ධන සමඟයි මේ කතාබහ.

ප්‍ර පවුල් පන්සල් වෙලා සමරන පළමු සිංහල අවුරුද්ද කොහොමද?

මේ පාර සිංහල අවුරුද්ද මටයි පූජනීටයි දෙන්නාටම විශේෂයි. මොකද  මමයි පූජනියි විවාහ වෙලා සමරන පළමු සිංහල අවුරුද්ද.  ඒත් මේ පාර  අවුරුද්ද ගෙදර අයත් එක්ක නම් සමරන්න වෙන්නේ නැහැ. ප්‍රසංගයක් සඳහා මේ මොහොත වෙනකාට අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.   ඉතින් මෙදා පාර අපේ සිංහල අවුරුද්ද සමරන්නේ ඕස්ට්‍රේලියාවේ නෑදැ හිතමිතුරන් රසිකයන් එක්ක. එ්ක ඉතින් වෙනස්ම අත්දැකීමක්.

සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ ගෙදර ඉන්න තමයි උත්සාහ කරන්නේ ඒත් ගොඩාක් අවුරුදු වල අවුරුදු සමරන්න වුණේ  විදේශ රටවල ප්‍රසංග එක්ක තමයි.

ප්‍ර තාත්තා නැතුව ගත වෙන කීවෙනි සිංහල අවුරුද්දද ?

තාත්තා නැතුව ගතකරන තුන්වෙනි  අවුරුද්ද. තාත්තා නැති වුණාට පස්සේ ගෙදර අවුරුදු නැති වුණා. තාත්තා ඉන්න කාලේ අපේ ගෙදරට හැමදාම අවුරුදු වගේ තමයි. මූල්‍ය පහසුකම් තිබුණා නැතා සිංහල අවුරුද්ද අපේ තාත්තා  ඉහළින් ම සැමරුවා . අපේ ගෙදර සතුටින්ම පිරිලා තිබුණේ තාත්තා හිටපු කාලේ. තාත්තා හරිම ආසයි සින්දුවක් කියලා එහෙම මුළු පවුලම එකට එකතු  වෙනවට. මගේ තාත්තා සිංහල බෞද්ධ, අම්මා කතෝලික, මගේ බිරිඳ පූජනී දමිල. ඉතින් ලංකාවේ තියෙන හැම උත්සවයක්ම අපේ ගෙදර සැමරෙනවා.   ඒ දේ අපේ  ඉහළින්ම සිද්ධ වුණේ  සිංහල අවුරුද්දට.  

තාත්තා නැති වුණාට පස්සේ තාත්තාව මතක් වෙන නිසා අපි ගෙදර අවුරුදු ගත්තෙම නැහැ. වෙනදා වගේ සින්දු කියලා විනෝද වෙන්න බැහැ. ඒක හරි අමාරුයි. අවුරුදු මේසෙට තාත්තා නැතුව වාඩි වෙනවා කියන එක දරාගන්න බැහැ.  නමුත් අපි මේ වෙන් වීම් වලට කවදක හෝ මුහුණ දිය යුතුයි කියන යථාර්ථය තේරුම් අරන්  තාත්තා එක්ක ගතකරපු සුන්දර කාලේ මතක් කරගෙන ජීවත් වෙනවා. අදටත් අපි  කෑමක්  කන්න එළියට ගියත් මුලින්ම මතක් වෙන්නේ තාත්තාව.  ඇත්තම කියනවනම් තාත්තා නැතුව ගෙවන ජීවිතේ හරිම පාළුයි. මං දන්නවා එයා කොහේ හරි තැනක සතුටින් පරිස්සමෙන් අපි දිහා බලාගෙන ඇති කියලා.  

ප්‍ර සිංහල අවුරුදු කාලෙට තාත්තා එක්ක  විශේෂිතම බැඳීමක් තිබුණාද?

ඇත්තටම ඔව්.   මට තාත්තා එක්ක වැඩිපුරම බැඳිම තියෙන්නේ සිංහල අවුරුද්දත් එක්ක. මොකද තාත්තාට වැඩිපුරම ප්‍රසංග තිබුණේ ඒ කාලෙට. අප්‍රේල් මාසේට තාත්තාගේ රියැදුරා වෙන්නේ මම.  ඒ දවස්වලට උදේ ඉඳලා රෑ වෙනකම්ම මම ඇවිද්දේ තාත්තා එක්ක තමයි. තාත්තාට උදේ දවල් රෑ කියලා වෙනසක් නෑ ප්‍රසංග තිබුණා. ඒවට  පරිස්සමෙන් එක්ක ගියේ මම. තාත්තාගේ රියැදුරා විදිහට ඒ රාජකාරිය තාත්තා නැති වෙනකම්ම පරිස්සමට මම කළා. මම ඒ කාලේ ජනප්‍රිය පුද්ගලයෙක් නෙමෙයි.  ඒ වෙනකොට මම හිටියේ සංගීත අධ්‍යක්ෂණය ගැන  ඉගෙන ගනිමින්.  තාත්තාගේ රියැදුරා විදිහට වැඩ කරපු කාලේ  මට ගෙවීමකුත් කළා.  තාත්තාගේ කෑම ටික බේත් හේත් ඒ හැමදේමත් ළඟ ඉඳන් මම තමයි කළේ . කොච්චර රට රාජ්‍යයේ ගියත් තාත්තා ඉක්මනට ම ගෙදර එන්නේ අම්මාගේ කටහඩ අහන්න. කොච්චර  මහන්සි වෙලා ආවත් තාත්තා ගෙදර ආපු ගමන් කරන්නේ අම්මා එක්ක වාඩි වෙලා ටිකක් කතා කරන එක. ඒවා තාත්තා එක්ක ගේ ඇතුළේ බැඳුණු පුංචි පුංචි සුන්දර දේවල්.

රියැදුරු රැකියාවත් මට හරියට කරන්න කියලා දුන්නේ තාත්තා. එයා එක්ක යද්දි පොලිසියෙන් නතර කරත්. කවදාවත් තාත්තා පොලිස් නිලධාරින් ඉස්සරහා එයා කලාකරුවෙක් කියන එක ඉස්මතු කරලා නැහැ මට දඬුවම් කරන එක නතර කරන්න. තාත්තා නිතරම කළේ පොලිසියේ පැත්ත අරන් මට පුළුවන් උපරිමයෙන් දඬුවම් දුන්න එක. ආයේ ඒ වරද නොකරන්න. ඒ වගේ හරිම සුන්දර මනුස්සයෙක්.  

ප්‍ර ඒ අවුරුදු කාලෙ ගෙවුණු ජීවිතේනෙ. එතනින් එහාට ගියොත් ඔබ සහ පියා අතර  තිබූ බැඳීම ?

මගේ ජීවිතේ හැම සාර්ථකත්වයක්ම, හැම කඩාවැටීමකදී වන, හැම සතුටක්ම , හැම වේදනාවක්ම තාත්තා එක්ක තමයි මම ‍ෙබදාගත්තේ. මට ජීවත් වෙන ආකාරය කියලා දුන්නෙ ඔහු. . තාත්තා කියලා දුන්න දේවල් ඔස්සේ තමයි අදටත් මම මගේ ගමන යන්නේ.

තාත්තා අවුරුදු 70 ක් වෙලත් තාත්තා ට එක වගේ ආදරය කරපු අය හිටියා. තාත්තා  ජිවතුන් අතර නැති වුණත් අදටත් තාත්තාට රසික ප්‍රජාවගෙන් තියෙන ආදරේ අඩු වෙලා නැහැ. මට තත්තා කලාව වෙනුවෙන් කරපු දේවල්වලට ළං වෙන්නවත් බැහැ. නමුත් තාත්තා පෙන්නපු මාවතේ බෙහොම ප්‍රවේශමෙන් යන්න  උත්සාහ කරනවා. තාත්තා රොකට් වගේ නොගිය නිසා තාම මිනිස්සු තාත්තාට ආදරෙයි.  මටත් නිතරම කිව්වේ කිසිම වෙලාවක ෂෝට් කට් හොයන්න එපා කියලා.  තාත්තා කලාකරුවෙක් විදිහට කවදාවත් සම්මානයක් ලබපු නැති කෙනෙක්. හැබැයි හැමදාම විශ්වාස කළේ ජනතා සම්මානය විතරයි.  තාත්තා තමයි හැමදාම මගේ ලෝකෙ වීරයා වුණේ. මම දෙවියෝ විදිහට අදහන්නේ හැමදාම තාත්තාව .

ප්‍ර නුවන් ගුණවර්ධනගේ පුතා වෙච්ච ගයාන් ගුණවර්ධනව ප්‍රේක්ෂකයො අඳුර ගත්තේ ගායකයෙක් විදිහට. අද වෙද්දි ඔබ රංගන ශිල්පියෙක්. ජීවිතේ හැරවුම්  ලක්ෂ්‍යය වුණේ කොතනද?

මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක්ම තියෙනවා. මම ගායකයෙක් වුණා. නිවේදකයෙක් වුණා, හිතුවක්කාරයා ටෙලි නාට්‍ය හරහා නළුවෙක් වුණා. මම ඒ ක්ෂේත්‍ර ස්පර්ශ කළේ මගේ හැකියාවෙන් මිසක් තාත්තා ගායකයෙක් වුණා කියලා අවස්ථා අරගෙන නෙමෙයි. තාත්තාත් කිසිම වෙලාවක නිර්මාණ වලට මගේ කොල්ලාවත්  ගනින් කියලා හිත මිතුරන්ට කවදාවත් කියලා නැහැ. මගේ ගමන යන්න දීලා එයා නිහඩව බලා සිටියා. රංගනය පැත්තේ මගේ ජීවිතේ කණපිට පෙරළුවේ සිවගුරුනාදන් මහත්මා අධ්‍යක්ෂණය කරපු "පාරදිගේ " ටෙලි නාට්‍යය.  තාත්තා නැති වුණේ 2022 දි. එයා නැති වුණාම තමයි  ජීවිතේ කොයිතරම් බැරෑරුම්ද කියලා මට තේරුණේ. එතන ඉඳලා තාත්තා මගෙන් පැතූ ලෝකය නිර්මාණය කරගන්න මම උපරිම කැපවුණා. කලාකරුවෙකුට එහා ගිහින් මම ව්‍යාපාර පැත්තට යොමු වුණා.  ස්ටූඩියෝ නුගා කියලා ශබ්දාගාරයක් සංගීත ඇකඩමි එකක් ආරම්භ කළා. සංගීතය ඉගෙන ගන්න කැමති දරුවන්ට වගේම මුදල් නැති ඉගෙනගන්න ආස දරුවන්ට මම මුදල් නොගෙන උගන්වනවා. ඒත් මගේ ජීවිතේ මේ ලොකුම ජයග්‍රහණ ටික දකින්න තාත්තා හිටියේ නැහැ. ඒ වේදනාව මගේ හිතේ හැමදාම තියෙනවා.

ප්‍ර පූජනිගෙන් කොහොමද ලැබෙන සහය වැඩවලට ?

අපේ ආදර කතාව පටන් ගන්නේ 2019 දි. මුණගැහුණ දවසේ ඉඳලාම අපි දෙන්නා හරිම අවබෝධයෙන් මේ ගමන ආවේ. නොගැළපීම් තියෙනවා. ඒත් අපි ඒ හැම දේම ගළපගෙන මේ ගමන යනවා.  මාව හැමදේටම උනන්දු කරමින්  මාවත් දරාගෙන මේ ගමන යන මගේ  ජීවිතේ ලොකුම හයිය තමයි පූජනී.

නදිශා අතුකෝරළ



අදහස් (0)

අපේ ගෙදර අවුරුදු සතුටින්ම ගෙවුණේ තාත්තා හිටපු කාලේ - ගයාන් ගුණවර්ධන

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 121 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 43 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 85 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 52 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 43 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 31 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site