IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අතීතයට නෙත් හෙළන දුරේක්ෂයක් අභ්‍යවකාශයට

විද්‍යා ලෝකය   

 

තට්ටු හතරක ගොඩනැගිල්ලක් තරම් උසයි 

ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘නාසා’ (NASA) යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘එසා’ (ESA) සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘සිසා‘ (CSA) හවුල් කර ගනිමින් වසර 24 ක් තිස්සේ නිපදවූ ‘ජේම්ස් වෙබ්‘ (කෙටියෙන් ‘වෙබ්‘ දුරේක්ෂය) දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීමට සියලු‍ කටයුතු සූදානම් බව පැවැසෙයි. 


අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් නිර්මාණය කළ ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය එසේ මෙසේ එකක් නොවෙයි. ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයට කාලය හරහා අතීතයට ගමන් කළ හැකි යැයි කීවොත් ඔබ පුදුම වෙනවා නිසැකය. දෙසැම්බර් 18 වැනිදා නාසා ආයතනය මෙම දුරේක්ෂය අභ්‍යවකාශයට යවා අභ්‍යවකාශයේ රැඳවීම සිදුවනු ඇත. 


දුරේක්ෂය ජේම්ස් වෙබ් යනුවෙන් නම් කර තිබෙන්නේ, ‘ඇපලෝ’ සඳ ගමන සිදුවෙද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේම්ස් වෙබ් ට ගරු කරමිනි. මොහු ඇමෙරිකාවේ නාසා ආයතනයේ දෙවැනි ප්‍රධානියාය. ජේම්ස් වෙබ් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ 1961 වසරේ සිට 1968 දක්වා කාලයේය. 


සිවුමහල් උස ගොඩනැගිල්ලක් තරම් විශාල දුරේක්ෂය නත්තලට කලින් අභ්‍යවකාශයට යවා, අතීතයට නෙත් හෙළීමට බලාපොරොත්තු වන බව විද්‍යාඥයෝ පවසති. ‘අතීයට නෙත් හෙළනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ දුරේක්ෂය කාලතරණය කළ හැකි කාල යන්ත්‍රයක්ද? එක්තරා විදිහකට මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය කාල යන්ත්‍රයක් වැනිය. 


පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රැඳවෙන දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂගත වනු ඇත්තේ තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරමිනි. මෙම දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. එසේ කළ හැකි වන්නේ මෙය රඳවා තැබෙන්නේත්, කක්ෂගත වෙන්නේත්, පෘථිවියේ සිට බොහෝ ඈතින් වීම නිසාය. 


ජේම්ස් වෙබ් දුරේක්ෂය ‘හබල්’ දුරේක්ෂයට වඩා තුන් ගුණයකින් විශාලය. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයකින් ප්‍රබලය. ඒ, ජේම්ස් වෙබ් දුරේක්ෂයට සවි කර ඇති රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) හේතුවෙනි. දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි. ‘වෙබ්’ දුරේක්ෂය පෘථිවි කක්ෂයට යැවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයක් මෙන්ම ඓතිහාසික සිද්ධියක් වනු නොඅනුමානය. ඉදිරි දශකය පුරාවට විශ්වයේ මෙතෙක් සොයා නොගත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘වෙබ්’ දුරේක්ෂය උදව් වේවි යැයි නාසා ආයතනය පවසයි. 


නාසා ආයතනය, දුරේක්ෂය නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ, ඇමෙරිකානු ‘නෝර්ත්රොප් ග්‍රමන්’ සමාගමටය. ‘නෝර්ත්රොප් ග්‍රමන්’ යනු අභ්‍යවකාශ සහ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ තාක්ෂණ සමාගමකි. වසර 24 ක් තිස්සේ නොයෙක් බාධා මැද අවසානයේ දුරේක්ෂය නිර්මාණය කර අවසන් වෙද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කි. ‘නාසා’, ‘එසා’ සහ ‘සිසා’ අභ්‍යවකාශ ඒජන්සියට අයත් රටවල් 24 ක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් දහස් ගණනක් දුරේක්ෂය නිර්මාණය කිරීමට දායක වී සිටිති.

 

 

ලු‍සිත ජයමාන්න 
‘ද සන්‘ ඇසුරිනි

 



අදහස් (0)

අතීතයට නෙත් හෙළන දුරේක්ෂයක් අභ්‍යවකාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13679 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site