IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යූටියුබ් රැල්ලක් හදන හැටි

Social media (සෝෂල් මීඩියා) යනු තවත් එක් මාධ්‍යයකි. විවිධ වූ මාධ්‍යය අතුරින් මේ වනවිට ලෝකය පුරා අතිශය ජනප්‍රිය වෙබ් අඩවිය වන්නේ යූ ටියුබ් වෙබ් අඩවියයි. වීඩියෝ පට මිලියන ගණනක් බෙදා හරින එකම අඩවිය යු ටියුබ් වන අතර ලෝකයේ සෑම රටකම පාහේ විවිධ භාෂා 60කට අධික ප්‍රමාණයක් ඉක්මවා ඇති වීඩියෝ පට අද ජාත්‍යන්තර වශයෙන් පහසු ලෙස මුදල් ඉපයීමේ මාර්ගය ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇත.   


අතීතයේ පටන් ඔබේ අදහස් සිතුවිලි බෙදා ගැනීමට ව්‍යාපාර පිළිබඳ ප්‍රචාරය කිරීමට, කෙනෙක් පිළිබඳ හඳුන්වා දීමට තම කලා දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට බොහෝ දෙනා භාවිත කළේ පුවත්පත් ගුවන් විදුලි, රූපවාහිනී සඟරා ආදි විවිධ වූ මාධ්‍යයන්ය.   


එහෙත් තාක්ෂණික වශයෙන් සීඝ්‍රයෙන් ලෝකය දියුණු කරා ඇදගෙන යාමත් සමග විවිධ තාක්ෂණික මාධ්‍යයන් ඉස්මතු වීම තුළින් වර්තමාන පරපුර සම්ප්‍රදායික මාධ්‍යයන් තුළින් බැහැරව නව මාධ්‍යය තුළ එල්බ ගෙන ඇත්තේ ඉතා සීග්‍ර ලෙසය.   


අද වර්තමාන පරපුර වගේම ස්මාට් දුරකථන භාවිත කරන ඕනෑම කෙනෙක් පත්තර, සඟරා, රූපවාහිනී, ගුවන් විදුලිය සමග කාලය ගත කරන්නට පෙළඹෙන්නේ නැති තරම්ය. මේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමට ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත ජනයා ඇබ්බැහිවී ඇති ප්‍රධාන මාධ්‍ය වගේම ජනප්‍රියතම මාධ්‍ය වී ඇත්තේ යූ ටියුබ් මාධ්‍යයි.   


ෂෝෂල් මීඩියා එහෙම නැත්නම් යූ ටියුබ් හරහා ඔබ කරන්නේ වීඩියෝ නරඹන එකම පමණක්ද? මේ හරහා තමන්ගේ ජීවිතයට මොනයම් හෝ දෙයක් කර ගන්න පුළුවන්ද? ඇත්තටම Social media වලින් සාර්ථක වෙන්න පුළුවන්ද? සාර්ථක වෙන්නේ කොහොමද? යූටියුබ් චැනල් එකක් පටන් ගන්න වර්තමාන තරුණ පරම්පරාව වගේම විවිධ වෘත්තින් විවිධ වයස් කාණ්ඩවල සිටින බොහෝ දෙනා ප්‍රිය කරන, පෙළඹෙන කරුණකි. ඒ අතර වුවමනාව තිබුණ ද අවබෝධය නොමැතිකම නිසා අසාර්ථක වූ අය ද බොහෝයි. කෙසේ නමුත් යූ ටියුබ් තුළ මේ වනවිට ජනප්‍රිය වී සිටින බොහෝ දෙනාගෙන් ආරම්භය ගතහොත් මාධ්‍ය පිළිබඳ අඩු දැනුමකින් ආරම්භ කර සාර්ථක වූ පිරිස් ද අද ඕනෑ තරම් දකින්නට පුළුවනි.   


ඉතින් අතේ තියෙන ෆෝන් එකෙන් යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කරන්න. ඒ හරහා සාර්ථක වෙන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න. ඒ පිළිබඳ ප්‍රවීණයන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න ඔබ වෙනුවෙන් ඉඩකමක් වෙන් කරන්න සිතුවා.   


ප්‍රථමයෙන්ම යු ටියුබ් එහෙම නැත්නම් ෂෝෂල් මීඩියා තුළ ඔබ සාර්ථක වන්නේ කෙසේද? යූ ටියුබට් චැනල් එකක් ආරම්භ කරන්නේ කෙසේ ද? යන්න දැනුම ඔබට ලබා දෙන්නට ඩිජිටල් මීඩියා හා තොරතුරු තාක්ෂණය පිළිබඳව උපදේශක මෘදුකාංග ඉංජිනේරු (chaux bro academy) චානුක රත්නායක මහතා අප සම්බන්ධ කර ගත්තෙමු.   


යු ටියුබ් (you tube) අද වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් අතර ඉතාම ජනප්‍රිය මාධ්‍ය බවට පත්වෙලා තියෙනවා. ෂෝෂල් මීඩියා මිනිස්සු පාවිච්චි කරනවා විතර ද? මේකෙන් අපේ ජීවිතේට මොනවා හරි දෙයක් කරලා සාර්ථක වෙන්න පුලුවන් ද? ඇත්තටම you tube එක ඔබට රැකියාවක් විදියටත් කරන්න පුළුවන් මාධ්‍යයක්. අපි දන්නවා මේ වෙනකොට සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට තමාගේ දුරකථනය තුළ දෙසිය පනස් වාරයක් විටින් විට ක්‍රියා කරන්න පෙළඹිලා තියෙනවා. Notifications ඇවිත් තියෙනව ද? තමන් දාපු ඡායාරූපයකට ලයික් කරලා ප්‍රතිචාර දක්වලා තියෙනව ද? කියලා බලන්න නිතරම ෂෝෂල් මීඩියාවලට අද වයස් භේදයකින් තොරව ඇබ්බැහි වෙලා ඉන්නවා. 2017, 2018, 2019 ශ්‍රී ලංකා ජනගහයෙන් මිලියන 21.44කට මොබයිල් ෆෝන් භාවිත කරන්නන් මිලියන 27 වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනගහනයට වඩා ජංගම දුරකතන ලංකාව තුළ තියෙනවා. මේ අතර අන්තර්ජාලය භාවිත කරන පිරිස මිලියන 7ක් දත්තවල වාර්තා වෙනවා.   


අපිට අද වෙනකොට රේඩියෝ, TV චැනල්, පත්තරවලට වඩා දේවල් ලෝකය සමග බෙදා හදා ගන්න ප්‍රචාරය කරන්න ලෝකයේ දේවල් බලන්න ජනප්‍රියම මාධ්‍ය බවට පත්වෙලා තියෙන යුටියුබට් වලින් ඇත්තටම අපිට මොනවද කරන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන යූ ටියුබ් එකේ ජනප්‍රිය වෙන්න සල්ලි හම්බ කරන්න වෘත්තියෙන් ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නැහැ. පාසල් දරුවෙක් වුණත් ඔබ යම් ක්ෂේත්‍රයක ප්‍රවිණයෙක් වුණත් ෂෝෂල් මීඩියා තුළ ඕනම කෙනෙකුට සලකන්නේ එකම විදියට. ඒවට උදාහරණ මුහුණු පොතේ, ඉන්ට්‍රගෑම් එකේ යූ ටියුබ් එකේ තියෙනවා.   


ෂෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම අපිට ලැබිලා තියෙන හොඳ අවස්ථාවක්. මිනිස්සුන්ට කතා කරන්න, හිතේ තියෙන ඕනෑම අදහසක් කිසිම වාරණයක් නැතුව එළියට දාන්න සින්දු කියන්න, නටන්න, රඟපාන්න, දක්ෂතා තියෙනව නම් ඒවා ලෝකෙටම පෙන්වන්න විහිළුවක් කරන්න කෑම හදන්න, මල් වවන්න, නිවාස හදන්න දැනුම රූපලාවන්‍ය මෙකී නොකී ඕනම දෙයක් ෂෝෂල් වීඩියා හරහා ඔබට මිලියන සංඛ්‍යාත ජනතාවට පෙන්වන්න අවස්ථාව යූ ටියුබ් මාධ්‍ය හරහා ලැබිලා තියෙනවා. මේ දාන දේවල්වලට ඔයාගේ අදහස්වලට කැමති මිනිස්සු ඔයා වටා එකතු වෙනවා. අපි දන්නවා මේ වෙනකොට ගීතයක් ගායනා කරලා යොහානි අද ලොකයේම ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ තමන් පෞද්ගලිකව හදපු යු ටියුබ් චැනල් එකට ගායනා කරලා දාපු සින්දුවක් නිසා. ඒවාගේ ඔබටත් පුළුවන් තමන්ගේ දක්ෂතාවයෙන් ජනප්‍රිය තරු බවට පත්වෙන්න.   
අපි හිතමු ඔබ පුංචි ව්‍යාපාරයක් තියෙන කෙනෙක් නම් මොනයම් හෝ නිෂ්පාදනයක් හදන කෙනෙක් නම් ඔබට පුළුවන් ඔබේ ව්‍යාපාර ලොකු වුණත් පොඩි වුණත් ෂෝෂල් මීඩියා හරහා මිලියන ගාණක පාරිභෝගිකයන්ට කතා කරන්න. ඔයා ව්‍යාපාරයේ හදන දේවල් පෙන්වන්න විකුණන්න නිකම්ම අවස්ථාවක් සැලසෙනවා. අපි හිතමු ඔබ කලාකරුවෙක් නම් ගායකයෙක් නම් නිවේදකයෙක් නම් ඔයාට පුළුවන් මිලියන ගාණක ප්‍රේක්ෂක ජනතාව එක්ක ඒ දේවල් බෙදාහදා ගන්න.   


ෂෝෂල් මීඩියා සාර්ථක වෙන්න නම් ඉන්න ඕන මොන මට්ටමේ ද?   


මුකුත්ම අවශ්‍ය නැහැ. බිංදුවෙන් පටන් ගන්න. සමහරු හිතනවා යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න නම් හොඳ ෆෝන් එකක් හොඳ කැමරා එකක් කණ්ඩායමක් අවශ්‍යයි කියලා. ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. මම මුලින්ම කිව්වා වගේ අපිට බිංදුවෙන් පටන් ගන්න පුළුවන්.   


මුලින්ම ඔබට පුළුවන් මුහුණු පොත හරහා පුංචි පේජ් එකක්, එහෙම නැත්නම් බ්ලොග් එකක් හදාගෙන ඔබ කැමති දේවල් මිනිස්සුන්ට කියවන්න පුළුවන් ආකාරයට දෙන්න. විහිළු කතා, රූපලාවන්‍ය දේවල්, කෑම හදන විදිහ මේවා විස්තර කටින් කතා කරල තමන්ගේ ෆෝන් එකේ රෙකෝඩ් කරලා ඕඩියෝ විදිහට මිනිසුන්ට අහන්න දෙන්න පුළුවන්. අවසානයේ ඔබට වීඩියෝවලට එන්න පුළුවන්. අන්තර්ජාලය හරහා ව්‍යාපාර දියුණු කරගන්න තමන්ටම තනියම දියුණු වෙන්න සල්ලි හම්බ කරන්න යූ ටියුබ් කියන්නේ ඉතාම සාර්ථක මාර්ගයක්.   


අපි බලමු යූ ටියුබ් චැනල් එකක් හදා ගන්නේ කොහොම ද කියලා.   


යු ටියුබ් චැනල් එකක් හදා ගන්න කම්පියුටරයක් අවශ්‍යම නැහැ. අතේ තියෙන ෆෝන් එකෙන් වුණත් යු ටියුබ් චැනල් එකක් හදා ගන්න පුළුවන්. යූ ටියුබ් චැනල් එකක් හදන්න ඉතාම පහසුයි. හරියට ෆේක්බුක් ගිනුමක් හදනවා වගේ කාගෙන්වත් උදව් අවශ්‍ය වෙන්නේ නැහැ.   


මුලින්ම තමන්ගේ ජංගම දුරකථනයේ යූ ටියුබ් ඇප් එක තියෙන්න ඕන. යූ ටියුබ් ඇප් එක නැතිනම් ඇපල් දුරකථනයක් නම් app store, android දුරකථනයක් නම් paly store වලට ගිහින් මුලින්ම you tube ඇප් එක බාගත කර ගන්න ඕන.   


ඊට පස්සේ අපි යු ටියුබ් චැනල් එක වෙනුවෙන්ම වෙනම gmail account හදාගන්න ඕන. ඒක හරිම ලේසයි. create new accout වලට ගිහිල්ලා නම, වයස, අවශ්‍ය විදිහට දමා gmail එකක් හදා ගන්න පුළුවන්. gmail එකම කෙටි නමක් යොදනවා නම් වඩාත් හොඳයි. ඒ විදියට gmail account වලට ගිහින් බලන්න ඔන්න ඔයාගේ අලුත් gmail account එක තියෙනවා. දැන් තමයි අපේ යු ටියුබ් චැනල් එක හදා ගන්න යන්නේ.   


යු ටියුබ් ඇප් එකට ගිහින් දකුණු පැත්තේ ඉහළ කෙළවරේ පෙන්වන ඔයාගේ අලුත් gmail account එකට ගිහින් your chanl කියන තැනට එයාගේ චැනල් එකේ නම දාගන්න ඕන. ඊට පස්සේ එනවා create channel කියන එක ටච් කරහම ඔයාගේ යු ටියුබ් චැනල් එක creat වෙනවා. ඔන්න දැන් ඔයාට යූ ටියුබ් චැනල් එකක් තියෙනවා.   


යු ටියුබ් චැනල් එකට නමක් දාන්නේ කොහොම ද?   


යු ටියුබ් චැනල් එකක් හදද්දී මුලින්ම හිතන්න ඕන දේ තමයි චැනල් එකට යොදා ගන්න brand එකේ නම තවත් කාව්රු හරි කොපි කරලා brand name එකක් හදනවද නැත්නම් තියෙන brand name එක අලුත් කරනවද?. එහෙම නැත්නම් මිනිස්සු නිතර හොයන නමක් හදනවද? නැත්නම් කොහේවත් නැති unique නමක් දානවද? කියලා ඔබ හොඳට හිතන්න ඕන. බොහෝ දෙනා හිතනවා ජහයි, ප්‍රියයි/ ලකයි, සිකයි/ චූටි මල්ලියි, පොඩි මල්ලියි වගේ දෙන්නෙක් එක්ක එකතු වුණොත් අපිට ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. කෙනෙක් කරපු දෙයක් කරනකොට ජනප්‍රිය වෙන්න යම් ප්‍රවණතාවක් තිබුණත් ඒකේ අවාසිත් ගොඩක් තියෙනවා.   


හැබැයි අලුත් දේවල් කරන්න ආසනම් කවුරුත් කරලා නැති දේවල් කරන්න ඔයාට ඕන නම්  කවුරුත් අහලා නැති brand name එකක් හදා ගන්න. එතකොට පුළුවන් බිංදුවේ ඉඳලා ඔයාට ඕන විදිහට චැනල් එක දියුණු කරන්න. විශේෂයෙන් ඔබේ පෞර්ෂය වගේම ඔබට මිනිස්සු අඳුර ගන්නත් ඔබට සාර්ථක කරවන්න ඔයා චැනල් එකට දාන brand name එකත් එක්ක. ඒක නිසා චැනල් එකට නමක් දාන්න අවම සතියක්වත් කල්පනා කරලා දැනුම තියෙන අයගේ උපදෙස් ගන්න. තවත් කොපියක් වෙන්නේ නැතුව ලෝකෙටම uniqu වෙන නමක් දාන්න. අනිත් කාරණය තමයි යු ටියුබ් චැනල් එක හදලා නිකං ඉන්න එපා. නිතරම මිනිස්සුන්ට බලන්න දේවල් දෙන්න ඕන. මහන්සි වෙන්නේ නැතුව යූ ටියුබ් චැනල් එකක් හැදුවා කියලා සල්ලි එන්නේ නැහැ.   


කැමරාවක් අත්‍යවශ්‍යම නැහැ. ජංගම දුරකථනයේ කැමරාවෙන් වුණත් වීඩියෝවක් කරලා යූ ටියුබ් එකේ අප්ලෝඩ් කරන්න, ෆෝන් එක හරහා ලයිව් දෙන්නත් පුළුවන්. යූ ටියුබ් චැනල් එකක් creat කරන එක සිම්පල් දෙයක්. හැබැයි අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. පුද්ගලයෙක් විදිහට brand එකක් විදිහට ප්‍රචාරය කරන විදිහ අනුව තමයි ඔබේ සාර්ථකත්වයේ වේගය රඳා පවතින්නේ. අදහසක් ආවා කියලා යු ටියුබ් චැනල් එකක් හදන්න එපා. හොඳට වෙලාව අරගෙන හිතන්න. ප්‍රවීනයන්ගේ උපදෙස් ගන්න. ෂෝෂල් මීඩියා කියන්නේ මහන්සි වුණොත් ගොඩ යන්න පුළුවන්. ශක්තිමත් ආර්ථිකයක් හදා ගන්න පුළුවන් මාර්ගයක්.   
ෂෝෂල් මීඩියා වලින් ගොඩ යන්න අවශ්‍ය දේවල්, මිනිස්සු වැඩියෙන්ම බලන වීඩියෝ මොනවද?, ලේසියෙන් subscribersලා ගන්නේ කොහොමද?, යූ ටියුබ් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද? කියලා ඉදිරි සතියෙන් මුණ ගැහෙමු.   

 

 

නදීෂා අතුකෝරළ  



අදහස් (2)

යූටියුබ් රැල්ලක් හදන හැටි

වත්සි Sunday, 26 September 2021 06:58 PM

වටිනා ලිපියක්. ස්තුතියි ලංකාදීප.

:       0       3

Mahinda karunarathna Monday, 27 September 2021 09:04 AM

මම උසස් නිර්මාණ කළ කලාකරැවෙක්මි. සමාජයට වටිනා දේවල් රාශියක් ලබාදීමට කැමැත්තෙමි. ඒ සඳහා උපකාර කළ හැකිද?

:       4       2

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5253 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site