IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරිය වින්ධ්‍යා

මේ දිනවල තිරගත වෙන “සික්ස්ටි නයින්” (69) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඇයයි. රංගන ශිල්පිනියක් තරම් රුවැති මේ අධ්‍යක්ෂවරිය නමින් වින්ධ්‍යා හාරිස්පත්තුවයි. සිංහල සිනමාවේ ඉතාම අතළොස්සක් වන චිත්‍රපට අධ්‍යක්ෂවරියන්ගේ භූමිකාවට පණ පොවන මේ රුවැත්තිය “රසවින්දන” හමුවේ කතා කළේ ඉතාම ආසාවකින් හා කැමැත්තකිනි. මේ ඇය සමඟ කළ කතාබහේ ලිඛිත සටහනයි.

“මම පොඩි කාලයෙ ඉඳලම ආසාවක් තිබුණු දෙයක් තමයි චිත්‍රපට කලාව. පොඩි කාලේ ඉඳලම හරියට මම චිත්‍රපට බැලුවා. නිළියක් වෙන්න හැමෝටම පුළුවන්. සමාජ මාධ්‍යවල හරියට නිළියෝ දැකගන්න පුළුවන්. ඒත් අධ්‍යක්ෂණය කියන්නෙ ලොකු පරාසයක්. අභියෝගාත්මක දෙයක්. මම කැමති ලේසියෙන් ළංවෙන්න බැරි දේවල් කරන්නයි. කුඩා කාලයේ ඉඳලම ඒ අභියෝගාත්මක දේවල්වලටයි මම කැමති. කැමරාව ඉස්සරහ “ඇක්ෂන් කට්” කියලා රඟපානවාට වඩා ලොකු කට්ටියක් මෙහෙයවමින් හරි රසවත්ව කරන දෙයක් චිත්‍රපටයක් නිර්මාණය කරන එක. ඒක අභියෝගාත්මක නිසාම මම එය කරන්න කැමතියි.

“මම මීට පෙර ප්‍රංශයේ පැවැත්වෙන “කෑන්ස් සිනමා උළෙලේ” කෙටි චිත්‍රපට අංශයට චිත්‍රපට 2 ක් අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කළා. පළමු කෙටි චිත්‍රපටය රිචඩ් මානමුදලි ප්‍රධාන චරිතය රඟපෑ “Untold story of An Anatomist”. මිනී එම්බාම්කරුවකුගේ කතාවක් එයට පාදක වුණේ. දෙවැනි කෙටි චිත්‍රපටය කළේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ කතාවක් වන “Let him sleep” කියලා. ඒකට නයනා හෙට්ටිආරච්චි තමයි ප්‍රධාන භූමිකාව කළේ.මගේ පළමු වෘතාන්ත චිත්‍රපටය විදිහට අභියෝගාත්මක අසම්මත කතාවක් ඉදිරිපත් කළේ. . මම මුල ඉඳලම කිව්වේ අභියෝගාත්මක දේවල්වලට තමයි කැමති කියලා. මගේ කෙටි චිත්‍රපට දෙකත් එහෙමයි. මට ආසයි වෙනත් වෙනත් විදිහේ මාතෘකාවලට අතගහන්න. ඉස්සරහට මම ප්ලෑන් කරලා තිබෙන්නෙත් වෙනස් විදිහේ දෙයක්.“සික්ස්ටි නයින්” (69) චිත්‍රපටයෙන් මා කතා කරන්නේ ආදරය ගැනයි. ආදරය කියන්නේ මානුෂික අවශ්‍යතාවක්. කාටවත් කරදරයක් නැතුව ඒ මානුෂීය අවශ්‍යතාවය සපුරා ගන්නවා නම් ඒක සමාජයට හෝ කාටවත් ප්‍රශ්නයක් නොවෙයි. ඒ ගැන කතා කරන්න මම දෙපාරක් සිතුවේ නෑ.

ලංකාව වගේ රටක කාන්තාවකට කලා ක්ෂේත්‍රය ඇතුළේ අභියෝගයක් නෑ කිව්වොත් ඒක බොරුවක්. අදටත් රැයකට කාන්තාවකට එළියට බැහැලා යන්න අමාරුයි. අධ්‍යක්ෂණය කර්තව්‍යයේ දී අපට වෙලාවක් නෑ. අව්වක් නෑ. වැස්සක් නෑ. ඒක ලොකු අභියෝගයක්. මුළු ජීවිතයම කැප කරන්න ඕන දෙයක් තමයි අධ්‍යක්ෂණය කියන්නෙ. පිටපත ලිව්වෙත් මමයි. පිටපතේ ඉඳලා ගහක් දලු දාලා වැඩෙන තුරු ඒකත් එක්ක ඉන්න ඕන වැඩක්. එතකොට පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ කැප කරන්න ඕනේ. ඒකත් එක අභියෝගයක්. අපි බොහෝ වෙලාවට වැඩ කරන්නේ පිරිමි ගොඩාක් එක්කයි. ඒ අයත් එක්ක ඈතින් ඉඳන් වැඩ කරන්න බැහැ. නිර්මාණාත්මක කාර්යයේ දී අපි හැමෝගෙම අදහස් කැටි කරගන්න ඕනේ. සහෝදර පෙමින් එකමුතුව සහයෝගයෙන් වැඩ කළ යුතුයි.

මම නවක අධ්‍යක්ෂවරියක්, කාන්තාවක් කියලා නොදැනෙන්න හැමෝම මට උපරිම සහයෝගය දුන්නා. ඒක ඉතාම වටිනවා. අපි හරියට ශක්තිමත් නම්, ක්ෂේත්‍රය ඇතුළේ හොඳ සොල්දාදුවෙක් නම් අපට හොඳම සටන් කරන්න පුළුවන්. මා කියන්නේ නිර්මාණකරුවකු විදිහට. තමන් හරියට වැඩ කරනවා නම් කා ළඟවත්, නැවෙන්නවත්, සුරතලියක් වෙන්නවත් අවශ්‍ය නෑ. ශක්තිය කියන දේ නැතිවුණාම තමයි කාන්තාව ඔය වගේ නැවෙන්නේ. තමන්ගේ පෞරුෂය, අධ්‍යාපනය, ප්‍රායෝගිකත්වය හදාගෙන ගැහැනියකට තනියෙන් නැගී සිටින්න පුළුවන්. මා දකින්නේ ඒක තමයි.

අපේ රටේ දැන් තිබෙන ප්‍රදර්ශන රටාව නිර්මාණකරුවකුට සිදුවන ලොකු අසාධාරණයක්. සමහර වෙලාවට චිත්‍රපටය කරලා අවුරුදු 2 – 3 බලාගෙන ඉන්න ඕනේ. අපටත් ඒ දේම සිදුවුණා. අනෙක ලංකාවේ සිනමා කර්මාන්තයක් නෑ. ඒ වගේ ක්‍රමවේද හැදීම අනිවාර්යෙන්ම සිදුවෙන්න ඕනේ. දැන් පසුබෑමට ලක්වුණාට ලංකාවේ සිනමාව ගොඩාක් ඉදිරියෙන් තිබුණේ. එය යළි අපි හදාගත යුතුයි.

මගේ එකම අරමුණ ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාමයි. ලංකාවේ සිනමාවට අන්තර්ජාතික ප්‍රේක්ෂකයන් හැදෙනවා නම් ඒක තමයි මා බලාපොරොත්තු වෙන්නේ. මගේම නිර්මාණයකින් ඒ තැන හදා ගැනීමයි මගේ ඉලක්කය වී තිබෙන්නේ.ලංකාවේ චිත්‍රපටයක් කරද්දී නිෂ්පාදකයෝ ගොඩාක් වෙලාවට හිතනවා, මෙයාට මේ දේ කරන්න පුළුවන්ද කියා. කාන්තාවක් කියලා එහෙම අවිශ්‍වාස කරන එක වැරැදියි. වැඩක් භාරදෙන විට දක්ෂතා පෙන්වලා තිබෙනවා නම් නිර්මාණාත්මක කාර්යයේ දී බය නැතුව එක්වෙන්න කියලයි මා ඉල්ලන්නේ. කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා හිතන්නේ නැතුව, ඔහු හෝ ඇය දක්ෂ නම් අත දෙන්න කියලයි නිෂ්පාදකවරුන්ගෙන් මා ඉල්ලන්නේ.”

සමන්ත යහම්පත්

 

 

 

 



අදහස් (0)

සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරිය වින්ධ්‍යා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31353 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site