IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


නව වසරට නිවෙස වර්ණ ගන්වන කලාව

පාටවලට ගෙදර හැමෝම කැමතිද?

නොදැනිම වසරක් ගෙවී ගොස් තිබේ. ආරම්භ වන්නේ නව වසරකි. නව වසර පිළිගන්නට මේ වන විටත් බොහෝදෙනා සූදානම් වෙමින් සිටිති. අලූත් ඇඳුම් මිල දී ගැනීම, ගෘහ භාණ්ඩ මිලදී ගැනීම, නිවෙස් පිරිසුදු කිරීම මෙන්ම රසවත් ආහාර පිසීමත් මේ දිනවල කාගේත් දින චර්යාවේ කොටසකි. මේ වෙනසත් සමග කාගෙත් සිත් නැවුම් අපේක්ෂා බලාපොරොත්තුවලින් පිරී තිබේ. මේ දිනවල තමන්ගේ අපේක්ෂා වෙනුවෙන් කටයුතු කරන අතරම නිවෙසේ පෙනුම වෙනස් කරන්නත් බොහෝදෙනකු සූදානමින් සිටී. එවන් අපේක්ෂාවක් ඇති ඔබට නිවෙස වර්ණ ගැන්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡුා කරමු.

 

මැදිවියේ යුවළක් සිටින නිවෙසක් නම්

නිවෙසේ ගෘහපති සහ ගෘහපතිනිය මැදි වයසේ යුවළක් නම් ළා කොළ, රෝස, ළා නිල් වැනි වර්ණ තෝරා ගන්නවාට වඩා තද කොළ, දුඹුරු වර්ණ, තද දම් පැහැය වැනි තරමක් තද වර්ණ සමග සුදු පැහැයට හුරු වර්ණ තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙවැනි තද වර්ණ වඩාත් සුදුසු වන්නේ සෝෆාව පිටුපස ඇති බිත්තියටයි. පැරණි නිවෙස්වල දක්නට ඇති ගෘහ භාණ්ඩ බොහෝමයක් පරණ වර්ගයේ ඒවාය. මේ නිසා නිතරම නිවෙස අලූතින් වර්ණ ගැන්වීමේදී එම ගෘහ භාණ්ඩවල වටිනාකමට ද හානියක් නොවන ඔබේ පෞරුෂයට ද වටිනාකමක් සැපයෙන වර්ණ තෝරා ගැනීම පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. ඔබේ නිවෙසේ පැරණි වටිනාකමක් ඇති ඡුායාරූප රැුසක් විසිත්ත කාමරයේ ප‍්‍රදර්ශනය කර තිබෙනවා නම් එවැනි පින්තූර ඇති තැන්වල පෞරාණික පෙනුම රැුඳෙන ආකාරයට දුඹුරු වර්ණ සහ සුදු පැහැයට හුරු වර්ණවලින් වර්ණ ගැන්වීම වඩා උචිතය.

 

කෑම කාමරය වර්ණ ගන්වනවා නම්

කෑම කාමරයට වඩාත් සුදුසු කහ සහ තැඹිලි වර්ණයයි. ළා කොළ පැහැය ද බිත්ති කිහිපයකට යොදා ගත හැකි ය. මේ සමගම එළවළු, පලතුරු දර්ශනය වන පින්තූරයක් එල්ලා ගැනීමත් කෑම මේසය මත පලතුරු වට්ටියක් වැනි දෙයක් තැබීමෙනුත් වර්ණ සංකලනය හොඳින් සිදු කර ගත හැකි ය.

 

දරුවන්ගේ කාමර

දරුවන්ගේ කාමර වර්ණ ගන්වා ගැනීමේ දී දරුවන්ගේ වයස සහ ඔවුන්ගේ රුචිකත්වයක් සලකා බැලීම බොහෝ වැදගත් ය. පාඩම් කරන වයසේ දරුවකු සිටිනවා නම් ප‍්‍රබෝධය රැුඳෙන වර්ණ එනම් කහ, තැඹිලි වර්ණ තෝරා ගැනීම වඩාත් උචිතය. අවුරුදු පහට වඩා අඩු කුඩා දරුවන්ගේ කාමර නම් හැකිතාක් ළා වර්ණවලින් වර්ණ ගන්වා ගැනීම උචිතය. ආරක්ෂාවට උචිතවීම එම තෝරා ගැනීමට හේතුවයි. දරුවා ළා වර්ණ කිලිටි කරාවි යැයි සිතනවා නම් පොළොව මට්ටමේ සිට දරුවාගේ උසට තද පැහැයකින් වර්ණ ගන්වා ඉහළ කොටස සඳහා ළා වර්ණ උපයෝගී කර ගත හැකි ය.

 

නිදන කාමරයට

නිදන කාමරය සදහා සුදු, කහ, තැඹිලි වැනි වර්ණ සුදුසු නැත. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ නිල්, තද දම් පැහැය, දුඹුරු වර්ණය වැනි අඳුරු වර්ණයි. ඒ වගේම ගෘහපති සහ ගෘහපතිනියගේ ඡුායාරූප කිහිපයක් ද එහි දර්ශනය කළ හැකි නම් වඩාත් උචිතය. බෙඞ් හෙඞ් එක ඇති පැත්ත අනෙත් බිත්තිවලට වඩා තද වර්ණයකින් වර්ණ ගැන්වීම ද උචිතය.

 

තරුණ යුවළක් සිටින නිවෙසක් නම්

අලූතින් ඉදි කළ නිවෙසක් නම් එවන් නිවෙසකට වර්ණ තෝරා ගැනීමේ දී යම් තේමාවක් යොදා ගත හැකි ය. ඒ අනුව වර්ණ ගැන්වීමෙන් වැඩි සුන්දරත්වයක් එක් කරයි. මෙහිදී සොබාදහම තේමාව කරගන්නා ඔබට ළා කොළ වර්ණය සුදුසුයි. මුහුද තේමාව කර ගන්නවා නම් ළා නිල් සහ සුදු පැහැය උචිතය. එසේම යමෙක් සූරියකාන්ත මල නිවෙසේ තේමාව ලෙස යොදා ගන්නවා නම් කහ වර්ණ කිහිපයක් තෝරා ගත හැකිය.

 



අදහස් (0)

නව වසරට නිවෙස වර්ණ ගන්වන කලාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site