IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


’’ හිතක මතක’’ විත්ති කතා පොතක්

පුස්තක මස්තක - 5

 

 

පසුගිය වසර පුරා ‘විත්ති කතා‘ පොත් පළවීම සුලබව දක්නට ලැබුණා. විත්ති කතා යනු යම් ලේඛකයෙක් සිය ජීවන චර්යාව තුළ අත්දුටු සහ අත්විඳි අත්දැකීම් කැටිකොට සංග්‍රහ කරන ලද ලේඛන ප්‍රවර්ගයක්. ඒවා කියැවීම ජීවිතයට වැදගත් වන්නේ මක්නිසාද යත් සමාජයේ විසූ දැවැන්ත චරිත සම්බන්ධයෙන් නොකියවුණු, නොපළවුණු දෑ ඒ හරහා පාඨකයන්ට දැනගන්නට ලැබෙන අවස්ථාවක් වන හෙයිනි.

අද අප හඳුන්වා දෙන්නේ පසුගිය වසරේ එළිදක්වන ලද එවැනි අපූරු කෘතියකි. කෘතියේ නම් ‘හිතක මතක‘. හිතක මතක ලියන්නේ කරුණාරත්න අමරසිංහ මහතා. කරුණාරත්න අමරසිංහ සූරීන් සැලකුවාම එළු-පාලි-සංස්කෘත මෙන්ම ඉංගිරිසි බසද මැනැවින් දත්තෙක්. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛකයෙක්, පරිවර්තකයෙක්, හඬ නළුවෙක්, ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදකයෙක්, ශූර කතන්දරකරුවෙක්. එතුමන්ගේ ක්ෂේත්‍ර පසුතලයන් එක්ක ආශ්‍රය කරන්නට ලැබී තිබුණු චරිත අප්‍රමාණයි. ඔවුන් හා බැඳි මතක සුවිශේෂයි. ඒවා අප්‍රකටයි වගේම රසවත්.

මහගම සේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කේ. ජයතිලක, බණ්ඩාර කේ විජේතුංග වැනි ප්‍රකට විදග්ධ චරිත රාශියක් ඇසුරේ තමන් ලැබූ අත්දැකීම් මෙකී කෘතියට කැටිව තිබෙයි. මෙම කෘතිය කියවන්නකු භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් රස ගුලාවක ගිලී යනු නිසැකයි. මෙහි අන්තර්ගත කරුණු දැනුම වශයෙනුත්, අධ්‍යාපනික වශයෙනුත් සාහිත්‍යමය වශයෙනුත් ඉහළ අගයක් පෙන්වයි. භාෂාව අතිවිශිෂ්ට අයුරින් හසුරවමින් සංස්කෘත පාලි වදන් මාලාවලින් ඔජ වඩමින් ලියා ඇති අයුරු ආධුනික කියවන්නකුට මාර්ගෝපදේශයක්.

සුප්‍රකට චරිත පිළිබඳ අප්‍රකට කතා රැසක් මෙහි සඳහන් වුණත් ඒ හැමකින්ම හදවත ආලෝලනය වන්නේ ආදරයකිනි, භක්තියකිනි. මේසා විසල් මිනිසුන් මධ්‍යයේ දිවිගෙවීම කෙතරම් වාසනාවක්දැයි සිතෙන තරමට හිත ඊර්ෂ්‍යාවෙන් පිරීයන පරිදි අමරසිංහ මහතා මෙය සංග්‍රහ කැර තිබෙයි. අප මෙය කියැවීම මැනැවැයි යෝජනා කරන්නේ හේතු කීපයක් මතයි. පළමුවැන්න ලියන්නෙකුගේ භාෂාව හැඩගැසීමට මෙයින් ලැබෙන පිටුබලය, අන් අයගේ අත්දැකීම් තම නිර්මාණවල ගුණාත්මය ඉහළ නැංවීමට භාවිත කළ හැකි වීම වගේම යම් නිර්මාණයක් රසවත්ව ඉදිරිපත් කිරීමේ ව්‍යාකරණයද මේ කෘතිය තුළ අන්තර්ගත හෙයිනි.

කෘතියේ රසවත් කොටසකින් සටහන අවසන් කරමු.

සුගත්ගේ සම්පූර්ණ නම අවලිකාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා බව දන්නා මම, වරක් ඔහුට මෙසේ යෝජනා කළෙමි.

‘‘සුගත්, ඔය සිල්වා කියන පරංගි කෑල්ල අත ඇරලා, සුගතපාල ගලප්පත්ති කියල නම වෙනස් කරගන්නකො. එතකොට නමේ අසිංහලකම යනවනෙ. යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා එදිරිවීර සරච්චන්ද්‍ර වුණා, මොරිස් ඩයස් චිත්‍රෙස්න වුණා. ඇල්බට් පෙරේරා අමරදේව වුණා‘

එවේලෙ ඔහු මට උත්තර දුන්නේ මෙසේ ය.

‘‘මචං, නාට්‍යකාරයෙක් හැටියට දැන් ගුණසේන ගලප්පත්තිගේ නම මේ රටේ ප්‍රසිද්ධයි නේ. සුගතපාල ද සිල්වා කියන නමින් වේදිකාවට ආපු මම හිටිහැටියේ සුගතපාල ගලප්පත්ති කියල නම වෙනස් කරගත්තොත් මිනිස්සු හිතාවි මං ගුණසේන ගලප්පත්තිගේ නමින් බැබළෙන්න යනව කියල. ඊට හොඳයි ස්වාධීන නාට්‍යකාරයෙක් හැටියට මගේ පරංගි නමින්ම ඉන්න එක!‘‘



අදහස් (0)

’’ හිතක මතක’’ විත්ති කතා පොතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1960 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site