IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නිහාල් පීරිස්ගේ ’’ මහ රෑ ’’ ශානරීය නවකතාවක්

 

 

අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.
ජනප්‍රිය නවකතා කියල සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආදර කතා. රොමෑන්සස්. යෞවන ප්‍රේම නවකතා. 

හැබැයි ඒවට විතරක් ජනප්‍රිය නවකතා කියන එක වැරදියි. වන් හන්ඩ්‍රඩ් යියර්ස් ඔෆ් සොලිටියුඩ් ජනප්‍රිය නවකතාවක්. හැබැයි ඒක විශිෂ්ට කතාත්මක නවකතා හෙවත් ලිටරරි නවකතාවක් හෙවත් සාහිත්යික නවකතාවක්.
දැනටමත් අපි භාවිත කරපු නම්වලින්ම පේනව නවකතා කලාව එහෙම බෙදා වෙන් කරන්න අමාරුයි.
ලංකාවේ ජනප්‍රිය නවකතා කියා හැඳින්වෙන සාමාන්‍යයෙන් සාහිත්යික නවකතාව යැයි හැඳින්වෙන නවකතාවට වඩා කලාත්මකව පහළින් තියෙනවා යැයි සැලකෙන නවකතා ධාරාව ගැන මට ලොකු අවබෝධයක් නෑ.
ඒ පොත් ධාරාව කියවලා ඉවර කරන්න බැරි තරම් සංඛ්‍යාත්මකව විසාලයි.
නිහාල් පීරිස්ගේ මහ රෑ කිව්වෙ එක එක දේවලට දුවන පනින අස්සෙ.
නිහාල් කියන්නෙ කලාව ගැන ලොකු අවබෝධයකින් ජනප්‍රිය කලා ප්‍රභේද ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔහුගේ මීදුම නවකතාවත් මම කියවලා තියෙනවා.
මහ රෑ නවකතාව පැති කීපයකින් අගය කරන්න පුළුවන්.
එය පහසුවෙන් කියවිය හැකියි.
ජනප්‍රිය නවකතා උපශානරවල සාමාන්‍යයෙන් නැති ලක්ෂණ ගණනාවක් එහි තියෙනවා.

1- ශිල්පීය වශයෙන් පර්යේෂණාත්මකයි. පරිච්ඡේද විදියට එන ආඛ්‍යයිකා කොටස් සංවිධානය කර ඇති ආකාරයත් ඒවා තුළ නවකතාවේ කාල මානය කළමනාකර ඇති ආකාරයත් නිර්මාණශීලියි.

2- එහි ආදරය හෝ විවාහය ගැන දෘෂ්ටිය යථාර්ථවාදියි. අති-රොමෑන්තික නෑ. ආදරය ඕනෙ දෙයක් කළ හැකි මැජික් එකක් බවට පත් කරන්නෙ නෑ.

3- සරල ආදර සම්බන්ධයක් ඇතුළට ඉතිහාසය හා සමාජ පසුබිම ගෙනෙන ආකාරය අගය කළ හැකියි

4 චරිත නිරූපණය සංකීර්ණයි. සාමාන්‍ය වානිජ යථාර්ථවාදී (Commercial realist) නවකතාවකට වඩා චරිත ඇතුළට යනවා. චරිතවල මනෝවිද්‍යාත්මක ගවේෂණයක් කෙරෙනවා.

5- මනුෂ්‍ය ආදර සම්බන්ධතාවල හා ලිංගික සම්බන්ධතාවල සංකීර්ත්වය අල්ලනවා. විසමලිංගික සම්බන්ධයක සිට සමලිංගික සම්බන්ධයක් කරා සුඛනම්‍ය සේ ගලා යන ලිංගික නැමියාවක් සහිත ස්ත්‍රී චරිතයක් මෙහි එනවා. ඒ චරිතයෙහි ලිංගික විසමලිංගික, සමලිංගික හා ස්වයං වින්දන අඩවිවලට විහිදුණත් කතුවරයා ඇගේ චරිතය නිරූපණය කරන්නේ නරක හෝ වල් හෝ අධිලිංගික ගැහැනියක් සේ නොවෙයි. සාමාන්‍ය ගැහැනියක සේ. අර නම්නතා සාමාන්‍ය මනුෂ්‍ය නම්නතා බව කතුවරයා පෙන්වනවා.
ඒවා ලියා ඇති ආකාරයත් බෙහෙවින් වක්‍රොක්ති හා අල්පෝක්ති සහගතයි.

පිරිමියා සමාජ-දේශපාලන සවිඥානකත්වෙයන් යුක්තයි ගැහැනිය පරිභෝජනවාදියි පුද්ගලවාදියි වැනි සරල කිරීමක් මෙහි ඇතැයි කෙනකුට කියන්න පුළුවන්.
දක්ෂ ලේඛකයකු ඕනෑම උපශානරයකට පිවිසි විට ඔහු හෝ ඇය එය තුළ යම් විශිෂ්ටත්වයක් අත්කරගන්නා බව මේ පොතෙනුත් පේනවා.
කතුවරයෙක් ඉන්නා බවක් නොපෙනෙන තරම් විනිවිද පෙනෙන සේ කතාව ගලා යනවා. එහි එන තේමාත්මක කණිකා ඒවා විසින්ම මතු වෙන බවක් දැනෙනවා.



අදහස් (0)

නිහාල් පීරිස්ගේ ’’ මහ රෑ ’’ ශානරීය නවකතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1649 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site