IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගැහැනු සිතක පිරිමි කව

පුස්තක මස්තක

 

සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ එය නිසාය.  නව පරපුරේ කාව්‍යකරණයේ යෙදෙන කවි කිවිඳියන්ට අසීමාන්තික අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ එබැවිණි. මන්ද යත් කාව්‍යකරණයට පෙර, ඒ කවි නිර්මාණය කරනවාට වඩා ඒවා රෝපණය කරන්නට අවැසි වටපිටාව සකසා ගන්නට ඔවුන්ට සිදුව තිබේ. මේ අභියෝග ජය ගනිමින් පාඨකයාගේ හදවතටත්, මොළයටත් කතා කළ හැකි කවි නිර්මාණය කරන නිර්මාණයකරුවන්ට අපේ ප්‍රසංශාව හිමි විය යුතුය.

මේ සටහන ඒ අතරේ සිටින මෑතකදී මාගේ අවධානයට ලක් වූ කුමාරි දිසානායකගේ කවි ගැන ය.
කුමාරිගේ කවිවල මා දුටු සුවිශේෂතම ලක්‍ෂණයක් වන්නේ ඇය වචන භාවිතයේදි දක්වන එඩිතර බවයි. ඒ නිසාම ඒවා “පිරිමි කවි” ලෙස හැඳින්විම වරදක් නොවෙනු ඇතැයි මම විස්වාස කරමි. ඒ සාමාන්‍යයෙන් කිවිඳියකගේ ගැහැනු සිතක ගෙත්තම් කෙරෙන ලාලිත්‍යයට, මටසිලිටි බවට හා සුන්දරත්වයට සිමා වූ වචන භාවිතයකින් තොරව ඇය නිදහස් ආරක් භාවිත කරන්නීය. එසේම ඇය තමාගේ නිර්මාණ මාතෘකාවක් තුළ රාමු නොකිරීම ද සුවිශේෂ ලක්‍ෂණයකි. 

“කවුරුන්
කෙසේ කීවත්
අනුලාත් රැජිණක් ” ( “උඹත් මල් වෙඩිල්ලක්” කාව්‍ය සංග්‍රහය ) වැනි කවි නිර්මාණයේදි ඇය වචන යෙදිම, පේළි බිඳිම ආදි කරුණුවලට අමතරව අකුරුවල ප්‍රමාණාත්මක භාවය ගැනද සැලකිලිමත් වී තිබේ. තමාගේ සිතෙහි උපදින කාව්‍යමය වස්තු බීජය පාඨක මනසේ රෝපණය කරන්නට ඇය ගන්නා අපරිමිත වෙහෙස හා උනන්දුව මෙයින් මනාව පැහැදිලි වෙයි.
ඒ ලක්‍ෂණය ඇය වඩාත් ප්‍රගුණ කරමින් සිය “ඔළු නැති කවි” නිර්මාණ සංග්‍රහයට ගෙනෙන්නේ පද හා පේලි අතර අවකාශය තබා පාඨක මනසට හුස්ම ගැනිමේ පුළුල් අවකාශයක් ද සලසමිණි. 

තනිකඩ
උඹෙයි
පවුල් කන 
මගෙයි
මහ වෙනසක් නෑ.
උඹට 
‘ගෑනියෙක්’ නෑ
මට 
‘මිනිහෙක්’ නෑ. 

(උපුටා ගැනිම “ඔලු නැති කවි” කාව්‍ය සංග්‍රහයෙන්)

තමාගේ සිතට කාව්‍යමය අප්‍රමාණික සිතුවිල්ල ඉතාම කෙටි වචන කිහිපයකින්
අමු අමුවේ ප්‍රකාශ කිරිමේ අද්විතීය ගුණය කුමාරි දිසානායකගේ කාව්‍ය නිර්මාණවලින් ඉතා පැහැදිලිව දැකිය හැකිය. එසේම ඇය තම නිර්මාණ පාඨකයා වෙත ගෙන යාමට අනුභූත කරගන්නා කරුණු ආදියේද ඇත්තේ දැවැන්ත පරාසයකි. සුවිසල් ගමනක අරුණැල්ල කුමාරි දිසානායක කිවිඳියගේ නිර්මාණ තුළින් දැකිය හැකි බව මා විස්වාස කරන්නේ ඒ නිසාය.



අදහස් (0)

ගැහැනු සිතක පිරිමි කව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1649 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site