IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


උතුරු කොරියානු සංස්කෘතියේ සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය

පුස්තක මස්තක - 10


කිම් ජොන් උන් නමැති උතුරු කොරියානු නායකයා කෙට්ටු වී ඇතැයි එරට වැසියෝ සොව පළ කරන ප්‍රවෘත්තියක් මෑතකදී දුටුවෙමි. තරුණ වයසේ පසුවන උතුරු කොරියානු ඒකාධිපති පාලක කිම් ජොන් උන් ගැන රටවැසියන්ට එවැනි කැක්කුමක් ඇතිවූයේ ඇයි දැයි කෙනකුට ප්‍රශ්නයක් ඇතිවන්නට පුළුවන. ඔහුගේ සේයා රූ, වීඩියෝපට ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත්වන්නේ එරට පාලන අධිකාරියේ අවසරය ඇතිනම් පමණකි. එසේත් නොමැති නම් අපි දකින්නේ වසර කිහිපයක් පැරැණි දේවල් ය...!

උතුරු කොරියාව හා දකුණු කොරියාව 1945 දී 38 වැනි අක්ෂාංශය හරහා උතුරු දකුණු වශයෙන් බෙදුණු අතර අද උතුරු කොරියාව හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව ලෙසය. දකුණු කොරියාව කොරියානු ජනරජය ලෙසද හඳුන්වයි. උතුරුකොටස සමාජවාදී ලෙසත් දකුණ ධනවාදී ලෙසත් බෙදී වෙන්ව පවතී.
උතුරු කොරියාවට සංචාරකයෙක් ලෙස යාම සිහිනයක් වැනි දෙයකි. දැඩි නීති රීති, ඔවුන්ගේම ක්‍රමෝපායන් සහ දුෂ්කරතා රැසක් එහිදී විඳිය යුතු වෙයි. එබැවින් එවැනි අවස්ථාවක් අත්විඳීමේ වාසනාව හිමිවන්නේ රාජතාන්ත්‍රික කටයුතු හෝ යම් නිල දේශපාලන කටයුත්තක ප්‍රතිඵලයක් ලෙසින් පමණි. සම්මානිත ලේඛකයෙක් වන විශේෂඥ වෛද්‍ය පුෂ්ප රංජන් විජේසිංහ මහතා උතුරු කොරියාව වෙත යන්නේ වෘත්තියමය කටයුත්තක් වෙනුවෙනි. එනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙක් ලෙස පැවැරුණු රාජකාරියක් සම්පූර්ණ කිරීමටයි.

එහිදී රචනාවන මෙම කෘතිය ඉතා වටිනා සහ දුර්ලභ අත්දැකීම් ගොන්නක එකතුවකි. මේ කෘතිය ‘සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය‘ යි. එහි සුන්දරත්වය කෙබඳුද? අසුන්දර බව කෙබඳුද යන්න ඔබට කෘතියේ පාඨ අතර කියවීම හරහා හොඳ අදහසක් ලබාගත හැකිය. ලේඛකයා උතුරු කොරියානු භූමියට පාතැබීමේ සිට මුහුණදෙන සිද්ධීන් තෙදවත් භාෂාවකින් සුන්දර හැඟුම් දනවමින් රචනා කර ඇත. කොරියානු අර්ධද්වීපය ගැන කිසිදු දැනුමක් නැති අයකුට පවා මෙම කෘතිය කියවා අවබෝධයක් ලබාගතහැකි අයුරින් රචනා කර තිබීම අගය කළ යුතුය. කොරියාවේ බෙදීම, ඉතිහාසය, දේශපාලනය, කලාව, සංස්කෘතිය වැනි කාරණා නවකතාවක ස්වරයෙන් රචනා කිරීමට කතුවරයා සමත් වී ඇත. 
මෙහි ඇතැම් සිදුවීම් කියවන විට සිනහ නැංවෙයි. ඊට හේතුව ඒකාධිපති රාජ්‍යයක සියල්ල සැලසුම් කර ඇත්තේ රටාවකට වීමයි. ඇඬීම වැළපීම පවා සිදුකළ යුත්තේ රජයට අවශ්‍ය පරිද්දෙනි. ඇතැම් සිදුවීම් කියවන විට දැඩි ශෝකයක් හටගන්නේ උතුරු කොරියාවට පණවා ඇති දැඩි සම්බාධක මධ්‍යයේ එම දේශය නැගී සිටින්නට ගන්නා අප්‍රතිහත ධෛර්යය ගැන කියවීමේදී ය. උතුරු කොරියානුවන්ට නිදහස අහිමිය. නමුත් ඔවුන් ඊට හැඩගැසී ඇත. අප බොහෝවිට සිතන්නේ උතුරු කොරියාව කියූ සැණින් මඩගොහොරුවක්, අපිරිසුදු රටක්, නොදියුණු දුප්පත් හිඟන්නන් වැනි ජනතාවක් වෙසෙන අඳුරු, දූවිලි පිරුණු පරිසරයක් පිළිබඳවය. එහෙත් මේ කෘතිය කියැවීමේදී එම අදහස් අපගමනයට ලක්වෙයි.
සිය කොරියානු අධිසහායිකාව සමග සීමා මායිම් හා නීතිරීතිවලට යටත්ව වෛද්‍ය පුෂ්ප රන්ජන් සිදුකරන මෙහෙයුම අපූරුය. රොබෝවරුන් වැනි මිනිසුන් පිරිසක් තුළ සැඟවුණු මනුස්සකම් ඇති බව පොත කියැවීමේදී අපට පසක් වෙයි. නමුත් ඔවුන්ට ලෝකයට තබා තව අයකුට හෝ විවෘත වීම තහනම් ය. 
‘‘දශක දෙකකට පසු ගෙදර පැමිණ සිටින්නෙමි.  මම නාම් ගොඩැල්ල වෙත නෙත් යොමමි. එහි අළු තුර නැත. මගේ අඹයහළු අළු තුර තුරු ගොමුවේ නැත. නිවෙසට ආසන්නවම තිබූ ඒ තුර නොපෙනෙයි. ඒ තුර සහ මගේ කුඩා කාලය හුයකින් මෙන් බැඳී තිබෙයි. මම ඒ තුරෙහි ඉහළට බඩ ගෑවෙමි. යහළු කොලු කුරුට්ටන් හා එක්ව එහි සෙවණේ කෙළි දෙලෙන් පසු වූයෙමි. මගේ සිත කෝපාග්නියෙන් දැවෙයි. මට මා නවතාගත නොහැකිය.
‘‘කවුද මේ ගහ කපපු මෝඩයා?‘‘ මම උස් හඬින් කෑ ගැසුවෙමි.

සීයා පැල්පත් නිවෙසින් එළියට බැස්සේය. 
‘පොඩ්ඩක් කෑ නොගහ ඉඳපං උඹට මම කතාව කියනකම්....‘‘

මම මඳකට සන්සුන් වුණෙමි.
‘‘උඹ කඳුකරේ සටන්කාමීන්ට එකතුවෙලා අරගල කරද්දි ටෙපියොන් පොලීසියේ එවුන් අපේ වැඩ ගැන ඇහැ දාන්න ගත්තා. මොකද මේක සටන්කාමී පැල්පතක් කියල උන් නොදන්නවයැ! මගේ ලොකු කොල්ලො දෙන්නයි, මගේ මුනුපුරා වුණු උඹයි කඳුකරේ කොල්ලන්ට එකතු වුණු නිසා, මේ නාකි අපට දස වධ දෙන්න උන්ට ඕනෑ වුණා. ටෙප්යොන් ටිකක් දුර නිසා ගිරිෂ්ම කාලෙට උන් ඔය අළු ගහ යට සෙවණේ ලැගල ඉන්නවා. එතන තමයි උන්ගෙ මුරපොළ. ගිරිෂ්මේ සැරකම මකාගන්න උන් ඔය ගම්වල  එවුන්ට කතා කරල නින්ද යනකම් පවන් ගස්ස ගන්නවා. කනමදයි වගේ සෝජු බීලා මටයි, මාමාටයි ගෙදර අයටයි කරදර කරනවා. ඉතින් ඕක ඉවසන්න බැරුව උඹේ ගෙදර ඉන්න මාමා, ඌ නෝන්ජලයා වගේ හිටියට මොකද, පොරවක් අරං ගිහින් ඔය ගහ බිමට පත බෑව්වා. මම ඌව නැවැත්තුවෙ නෑ. මොකද බං....ගේ ගිනි ගත්තත් ඒකෙ ඉන්න මකුණෝ පිච්චිලා මැරෙනවා දැක්කාම සතුටක් දැනෙනවානෙ!‘‘ සීයා මට ටිකක් තදින් අවධාරණය කළේය.



අදහස් (0)

උතුරු කොරියානු සංස්කෘතියේ සොඳුරුතම ප්යොන්යන් රාත්‍රිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1649 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site