

බුදුන් වහන්සේ සහ එක් දාර්ශනිකයකු අතර ඇති විණැ යි පැවැසෙන එක් සංවාදයක් මෙ සේ ය.
"බුදුදහම වනාහි බුද්ධත්වයේ හෝ නිර්වාණගාමී ප්‍රතිපදාව අවබෝධ කරනු පිණිස වන ධර්මයකැ යි මම අසා ඇත්තෙමි. ඒ විධික්‍රමය කවරක් ද,නැතහොත් ස්වාමිනි ඔබවහන්සේ දිනපතා කවර ක්‍රියාවන්හි යෙදෙන්නේ ද?"
"අපි ඇවිදිමු,හිඳ ගන්නෙමු,සිරුර අත් පා සෝදාගන්නෙමු,අහර ගනිමු.." යි බුදුහු පැවැසූහ.
" ඒ ක්‍රියාවන්හි විශේෂත්වය කුමක් ද?
සියල්ලෝ ඇවිදිති, අහර ගනිති, සෝදාගනිති,
හිඳගනිති!"
"එහෙත් වෙනසක් ඇත්තේ ය, අපි ඇවිදින කල්හි ඇවිදීම පිළිබඳ ව සවිඥානක වෙමු. කන බොන හිඳින කල්හි ඒ ගැන සම්ප්‍රජානනයෙන්( aware) යුක්ත වෙමු. එහෙත් අන්‍යයෝ එ සේ කරන කල, තමා කරනුයේ කුමක් දැ යි යන අවබෝධයෙන් යුතු නො වෙති."
මේ අනුව පැවැත්ම කෙරෙහි සවිඥානක භාවය බෞද්ධ මාර්ගයේ කොඳු නාරටිය බව ප්‍රත්‍යක්ෂ වෙයි. ජීවිතය හා එහි අනේක කාර්‍යයන් පිළිබඳ අවබෝධයෙන් තොර වීම යනු ජීවත් නො වීමට සමාන වෙයි. ඒ වනාහි ඇල්බෙයා කැමු සිය "පිටත්තරයා" නම් නවකතාවෙහි පවසන අයුරෙන් "මා ජීවත් වන්නේ මළ කෙනකු ලෙසින්" (I live as one dead) යන්නට සමාන ය.
අප හා සමඟ, මියගිය ලෙස දිවි ගෙවන්නෝ බොහෝ ය. එහෙයින් පළ මු ව කළ යුත්තේ ආපසු ජීවිතය කරා එළැඹීම ය.අප කවුරුන් ද යන්න ගැන සාවධාන වීම ය; සිහි ඇති බවට පත් වීම ය; තමා කරන ක්‍රියා පිළිබඳ සවිඥානක වීම ය.පැවැත්ම පිළිබඳ සවිඥානක භාවය නොහොත් සතිමත් බව, යමකුට තමා අවබෝධ කරගැනීමට උපකාර වන ශික්ෂණයකි.
මිනිසා යනු ස්වකීය සමාජ ක්ෂේත්‍රයේ සිරකරුවෙකි. ඔහු පාලනය වනුයේ සමාජ සංසිද්ධීන් මඟිනි. මෙහි දී අපට අප අහිමි වේ. සිහිය අහිමි වේ. එහෙයින් තමා කරන්නේ කවරක් ද , පවසන්නේ කවරක් ද, සිතන්නේ කවරක් ද යන ආදිය කෙරෙහි සිහිය පැවැත්වීම, අවබෝධයෙන් යුක්ත වීම වටාපිටාවේ ආක්‍රමණයෙන් මිදීමේ මාර්ගයක් වෙයි.
පැවැත්ම පිළිබඳ සවිඥානකත්වයේ ප්‍රදීපය දැල්වෙන විට,
සදාචාරාත්මක හෘදය සාක්ෂ්‍යය ස්ථාපනය වෙයි. සිතිවිලි හැඟීම් මෙන් ම තමා කෙරෙහි ම වන ගෞරවය යළි ස්ථාපිත වෙයි.
තිච් ඤතාන් ප්‍රාඥයා ගේ
Zen Keys කෘතිය ඇසුරෙනි
2025 ඔක්තෝබර් මස 08
1649
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපි සමාජයේ සිරකරුවෝ වෙමු ද?