සමන් පාලිත නානායක්කාර
ඇඳිරිනීතිය අස්සේ අද (27) පැවැත්වීමට ගිය හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ විශේෂ මහා සභා රැස්වීමක් ඝන පූර්ණයක් නොමැතිව කල් දැමූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවැසීය.
සභාවේ අරමුදලින් ලබා ගත් සහල් තොගයක් අලෙවි කර ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.
මිල පිළිබඳ ගැටලූවක් මතු වී සහල් කිලෝ හයදාස් එකසිය හැත්තෑ තුනක් සහිතව සහල් ගබඩාව මේ වනවිට මුද්‍රා තබා ඇත.
ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් පැමිණි සිටියද සහල් ගබඩාවට මුද්‍රා තැබීමට විරෝධය පා සභා ගර්භයට එම මන්ත්‍රීවරුන් නොපැමිණීම නිසා රැස්වීම නොපැවැතිණි .
ඉදිරි දිනක නැවත මහා සභා රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්නා තුරු සහල් ගබඩාව මුද්‍රා තැබීම එලෙසම ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.