සමන් පාලිත නානයක්කාර

 හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ  ආපන ශාලාවක්  මුද්‍රා තබා එහි හිමිකරුවන් ඇතුළු පිරිස නිරෝධායන ලක් කළ බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසී ය .

නිවාඩු ලැබූ වැලිසර නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බස්රථ දෙකක් ඉකුත් 20 දින එන අතරතුර මෙම ආපන ශාලාවේදී   ආහාර පාන ලබා ගැනීම මීට හේතුව බව ඒ මහතා පැවසීය.

ආපන ශාලා හිමිකරු පී සී ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව ඇති බවද  එම ආපන ශාලාවට ආ ගිය අය පිළිබඳව විමර්ශනය සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .