(දියතලාව - ඩී. කේ. රත්න)
බදුල්ල මහියංගන පාර පුවක්ගොඩමුල්ල ගල්පීල්ල ප්‍රදේශයේදී හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2800ක් සමග අද (7) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
බදුල්ල සුවිනීතගම පදිංචි වයස අවුරුදු 23ක පුද්ගලයෙකු මෙම හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැක කටයුතු අයුරින් පාගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිළිබඳව සිදුකළ පරීක්ෂා කිරීමේදී පොලිතීන් කවරයක ඔතා සඟවා ගෙන සිටි මෙම හෙරොයින් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd