IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙරොයින් ජාවාරම්කරුවෙක් ඇතුළු 3 ක් යක්කලමුල්ලේදී මාට්ටු

 (ජේ.කේ.එල්. චාමින්ද)

හෙරෙයින් මත්කුඩු ජාවාරම් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරතව සිට මිට මාස තුනකට පමණ පෙර  ඇප ලබා  පැමිණි මත්කුඩු ජාවාරම්කරුවකු හෙරොයින් මත්කුඩු සමඟ යළි යක්කලමුල්ල හැවන ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

මත්කුඩු ජාවාරම්කරුගෙන් මත්කුඩු මිලදිගැනිම සදහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද මෙහිදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරු ඉමදුව කනංකේ කඩවිදියේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවන තරුණයෙකි.

මත්කුඩු ග්‍රැම් 05ක් හා මිලිග්‍රෑම් 100ක්  ඔහු සතුව තිබූ බව පොලීසිය කියයි. 

මත්කුඩු ලෝලින් දෙදෙනා හැවන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.සැකකරු ඉමදුව, යක්කලමුල්ල, කනංකේ ආදි ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැර ඇති බව විමර්ශනවලදි අනාවරණය වි  ඇත.

මත්කුඩු ජාවාරම්කරු හා මත්කුඩු ලෝලින් දෙදෙනා ඊයේ (28) ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

හෙරොයින් ජාවාරම්කරුවෙක් ඇතුළු 3 ක් යක්කලමුල්ලේදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site