
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි දරුවන් හය දෙනකුගේ පියකු හදිසියේ අභිරහස් ලෙස මරණයට පත්ව සිටියදි සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්දෙයාය ගම්මානයේ නිවසක තනිව සිටි 79 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ ගුණවර්ධන නැමති අයකු බව කියයි.
දරුවන් 6 දෙනකුගේ පියකු වන මෙම තැනැත්තා සිය බිරිදගේ මරණයෙන් පසුව නිවසේ නතිව පදිංචිව සිට ඇති බව කියයි.
මෙම තැනැත්තාගේ දරුවන් විවාහවලින් පසුව වෙන් වෙන්ව පදිංචි වි සිටි බවද පොලිස් පරික්ෂණ වලින් හෙළිව තිබේ.
අභිරහස් ලෙස මරණයට පත්ව සිටි 79 හැවිරිදි තැනැත්තාගේ සිරුර අවට රුධිරය අධික ලෙස වහනය වි තිබු බවද මරණයට හේතුව කුමක් දැයි සනාථ කර ගත නොහැකි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd