වසන්ත චන්ද්‍රපාල
හිමිදුරාව හතේ ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් වාර්තාවිමත් සමගම හිමිදුරාව ගම්මානයට යන මාර්ග කිපයක් වසා දැමිමට උහන ප්‍රාදේශිය කොවිඩ්19 කමිටුව තීරණය කළ බව උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිරෝෂන ලියනගේ මහතා පැවසිය.
ඒ අනුව හිමිදුරාවට ඇතුල්වෙන උහන වවුල් ගස් හන්දිය,පාලම් කදවුර හන්දිය,අභයපුර හන්දිය,සැටල්හන්දිය,සහ කහටගස්යාය සිට එන මාර්ගය වසා දැමිමට තීරණය කර අැත.
දැනට මෙම ගම්මනායෙන් පිටවිමට හෝ ඇතුල්විමට අවකාශ නොලැබෙන බව ආරක්ෂක අංශ පවසයි.
මේ වෙන විට උහන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලීසිය විසින් මෙම කොවිඩි ආසාදිතයා ඇසුරු කරන ලද පුද්ගලයින් සොයා ඒ අයගේ නිවෙස් වලට යමින් සිටින බවද උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා පැවසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.