( එස්. ඩි.කොඩිකාර )
උණ ,කැස්ස සහ උගුරේ වේදනාව සහිත නිවාඩු පැමිණි හමුදා සෙබලෙකු දෙනියාය මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් අද (20) ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහු ගිලන් රථයකින් ආරක්ෂිතව වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර ,කඹුරුගමුව ලැබීම රෝහල වෙත මාරුකර යැවූ බව දෙනියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෝමරත්න කෝනාර මහතා පැවසීය.
මෙසේ ලැබීම රෝහල වෙත මාරු කර යවා ඇත්තේ කොළඹ පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන (23) හැවිරිදි ,දෙනියාය ,විහාරහේන පදිංචි යුද හමුදා සෙබළෙකි .
මොහු ඉකුත් (12) වන දින නිවාඩු පැමිණ නිවසේ සිට ඇති බවත් ඒ සම්බන්ධව සෞඛ්‍ය අංශ දැනුවත් කර නොමැති බව විහාරහේන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඊ.එස් .ජී. පතිරණ මහතා පැවසීය .
පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔහු පදිංචි විහාරහේන ප්‍රදේශයේ නිවසට ගොස් නිවැසියන් හට දින 14 ක කාලයක් නිවසේ සිට ස්වයං නිරෝධායනය කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දුන් බව විහාරහේන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක ඊ.එස් .ජී. පතිරණ මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd