(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඉකුත් මාස තුනක හිමි අති කාල සහ වෙනත් දීමනා නොලැබීමට විරෝධය පළ කරමින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙද හෙදියන් සහ සුළු සේවක සේවිකාවන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ,කළු කොඩි ඔසවා, කළු පටි පැළැඳ අද(16) සාමකාමී විරෝධතා වක් හෝමාගම මූලික රෝහල් පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි .
බස්නාහිර පළාත් සභාවට අයත් කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙහි ම සියලු රෝහල්වල මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඊට සමගාමීව හෝමාගම මූලික රෝහලේ ද මෙම නිහඬ විරෝධතාව පැවැත්වුණි .
මේ හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගේ දෛනික ප්‍රතිකාර සඳහා කිසිදු බාධාවක් සිදු නොකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd