(සුමතිපාල දීයගහගේ )
හබරාදුව පොලිස් වසමට අයත් යද්දෙහිමුල්ල සහ අමුකොටුව යන ගම්වල පදිංචි නාවික සෙබළුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුලු 23 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
උණවටුන යද්දෙහිමුල්ලේ පදිංචි නාවික සෙබළා සමග පවුලේ පස් දෙනෙක්ද ඔහුගේ මවගේ නිවසේ හය දෙනෙක් සහ සෙබළාගේ මිතුරෙකුගේ නිවසේ සිව් දෙනෙක්ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
මොහු වැලිසර කදවුරේ සිට නිවසට පැමිණි පසු තම මවගේ නිවසට සහ තවත් මිතුරෙකුගේ නිවසට ගොස් ඇති නිසා එම නිවෙස් දෙකේ පදිංචිකරුවන්ද මෙසේ නිරෝධායනයට ලක්කර ඇත.
මේ අතර පිලාන අමුගොඩ පදිංචි නාවික සෙබළාද වැලිසර කදවුරේ සිට නිවසට පැමිණි පසු සෙබළා සමග තවත් සිවු
දෙනෙක්ද ඔහුගේ සොහොයුරාගේ නිවසේ දෙදෙනක්ද ස්වයං නිරෝධායනයට භාජනය කර තිබේ. තම නිවසට පැමිණි පසු
මොහු සොහොයුරාගේ නිවසටද ගොස් ඇති නිසා එහි පදිංචිකරුවන්ද නිරෝධායනයට යොමු කර තිබේ.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හබරාදූවෙත් නාවික සෙබළු දෙදෙනකු ඇතුළු 23 ක් නිරෝධායනයට