IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හබරාදූව ප්‍රා සබේ විරෝධතාවක්

(සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල)
හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියකට බැණවැදී  තර්ජනය කර පහරදීමට උත්සාහකිරිමට විරෝධය පල කිරිම සදහා ප්‍රාදේශීය සභාවේ සියලුම නිලධාරින් සහ සේවකයින් අද (26) අසනීප නිවාඩු දමාසේවයට පැමිණිමෙන් වැලකී සිටිති.
 
 මේ අනුව එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඇතුලු ප්‍රධාන කාර්යාලයේ නිලධාරින්ද,   අහංගම උප කාර්යාලයේ නිලධාරින් හා සේවකයින්ද   මාර්ග, විදුලි,සෞඛ්‍ය  පුස්තකාල,ආයුර්වේද යන අංශවල සේවකයින්ද ඇතුලුව 125 දෙනෙකුපමන අසනිප නිවාඩු ගෙන  සේවයට පැමිණ නොතිබු බව වාර්තාවේ.

හබරාදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ඊයේ (25) උදෑසන කාර්යාලයට පැමිණ අඩුපාඩුවක් ඇති කොන්ත්‍රාත්තුවක් සදහා චෙක්පතක් නිකුත් කරන ලෙස බලපෑම් කරමින් ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණවැදී තර්ජනය කොට  පහරදිමට උත්සාහ කිරිමට විරෝධය පල කරමින් සේවකයින් අසනීප නිවාඩු  ගෙන සේවයට නොපැමිණ ඇත.

 මේ පිළිබද කළ විමසුමකදී ප්‍රාදේශිය සභාවේ ලේකම් සුමිලා රත්නවීර මහත්මිය  මෙසේ පැවසුවාය.

ප්‍රාදේශීය සභාවේකාර්මික නිලධාරිනියට බැණවැදි තර්ජනය කොට පහරදීමට මන්ත්‍රිවරයෙකු උත්සාහ කිරිම නිසා ඊට විරෝධය පල කිරිමට සේවකයින් අසනිප නිවාඩු දමා සේවයට පැමිණ නැහැ.මේ පිළිබද විදිමත් පරික්ෂණයක් සිදු නොකළහොත් හෙට (27) දිනයේ සේවකයින් සේවයට පැමිණ රාජකාරි කිරිමෙන් වැලකී සිටීමට තීරනය කර තියනවා. ඒ වගේම මෙම සිද්ධිය  දකුණු පළාත් පාලන කොමසාරිස්තුමාට සහ ගාල්ල දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්තුමියටද දැනුම්දි තියෙනවා.



අදහස් (0)

හබරාදූව ප්‍රා සබේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site