ඩි.ජී.සුගතපාල
පසුගිය (09) දහවල් කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද හිනිදුම රෝහලේ ගිලන්රථ රියදුරුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇතැයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.
මෙම ගිලන් රථ රියදුරු පසුගිය 5 වනදින සිට රෝහල් පරිශ්‍රයේ නිල නිවාසයේ සිට නිරෝධායනය වෙමින් සිටියදි වැඩිදුර පරික්ෂණ පැවැත්විම සඳහා (09)දින දහවල් සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.
එහිදි කරන ලද පරීක්ෂණයේදි අනාවරණය වි ඇත්තේ ඔහුට කොරෝනා වයිරසය ආසාදනයවි නොමැති බවය.
මෙම ගිලන් රථ රියදුරුගේ මිතුරෙකු කොරෝනා ආසාදනයවු මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇසුරු කිරිම නිසා මෙසේ සැකපිට වැඩිදුර පරික්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත එවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd