(ජේ.කේ.එල්. චාමින්ද)
වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ යළි සේවයට වාර්තා කර ඇති නාවික සෙබළියක් සමඟ සම්බන්ඳතා පැවැත්වු ඇයගේ පවුලේ ඥාතින් ඇතුළු 15 දෙනෙකු අද (27) ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සැලසුම් කර ඇති බැව් හිනිදුම පොලිසිය පවසයි.
මෙම නාවික සෙබළිය හිනිදුම තලන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය වැලිසර නාවික කදවුරේ සේවය කරන අතර ඇය නිවාඩු ලබා නිවසට පැමිණ මිට දින 10කට පෙර යළි සේවයට වාර්තාකර ඇති බැව් පොලිසිය පවසයි.
ඇය නිවසට පැමිණ ඇත්තේ ත්‍රි රෝද රථයකින් වන අතර එම ත්‍රිරෝද රථ රියදුරු හා ඇයගේ පවුලේ ඥාතින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සැලසුම් කොට ඇති බවද හිනිදුම පොලිසිය පවසයි.
මේ වනවිට නාවික සෙබළිය ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිනිදුම 15 දෙනකු නිරෝධායනය