IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘හිතුමතේට මැණික් පතල් කපන්න ඉස්සරහට ඉඩ දෙන්නේ නෑ‘

(අජිත්ලාල් ශාන්තඋදය) 

පරිසරයට හානියක් වන අන්දමින් හිතූමතයට බැකෝ යන්ත‍්‍ර යොදා මැණික් ගැරීමට කිසිදු බලපත‍්‍රකරුවෙකුට ඉඩ නොදනෙ බව ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා පවසයි. 

ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයකු ද වන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ ධනය බලය පාවිච්චි කරමින් දේශපාලන හයිය රැගෙන ගොවින් තලාපෙලා, බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මැණික් පතල් කැපූ යුගය අවසන් කරන බවයි.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හමුවු අවස්ථාවේ බැකෝ යන්ත‍්‍ර යොදා මැණික් ගැරීමේ දී පරිසරයට සහ ගොවීන්ට සිදුවන හානියඅවම කිරීම සංගමයක් ලෙස කටයුතු කරන්නේදැයි විමසූ විට ඔහු මේ බව පැවසුවේය.

රටට විදේශ විනිමය ගෙන එමින් ජාතික වශයෙන් විශාල සේවයක් කරන මැණික් ව්‍යාපාරිකයන්ගේ හඬත් මාධ්‍යය මගින් ජනතාව අතරට ගෙනයන්නැයි ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමයේ සාමාජිකයන් ඉල්ලා සිටියේය.

ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමයේ සාමාජිකයන් පැවසුවේ රටට විදේශ විනිමය ගෙන එමින් ජාතික වශයෙන් විශාල සේවයක් කරන මැණික් ව්‍යාපාරිකයන්ගේ හඬත් මාධ්‍යය මගින් ජනතාව අතරට ගෙනයන්නැයි  ඔහු ඉල්ලීමක් ද කළේය.


ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමයේ ලේකම් පුන්සිරි තෙන්නකෝන් මහතා:


’‘කුඹුරු ඉඩම්වල බැකෝ යන්ත‍්‍ර යොදා මැණික් පතල් කැපීමෙන් සහ යන්ත‍්‍රානුසාරයෙන් ඉල්ලම් සේදීමෙන් කුඹුරු නැවත වගා කළ නොහැකි ලෙස හානිවන බවට ගොවීන්ගෙන් විශාල චෝදනා එල්ලවනවා. සමහරවිට ඒ චෝදනාවල ඇත්තක් තියනවා. සමහර බලපත‍්‍රකරුවන් පාරිසරික හානිවන ලෙස පතල් කපලා තියනවා. නමුත් සංගමයක් ලෙස අපි මේ බැකෝ ලයිසන් සම්බන්‍ධයෙන් මැදිහත්වෙන්න තීරණයක් ගත්තා’’


’‘අපේ සංගමයේ සාමාජිකයන් 350ක් පමණ ඉන්නවා. යම් සාමාජිකයෙක් බැකෝ ලයිසන් එකක් අරගෙන පරිසරයට හානි වන ආකාරයෙන් පතල් කපනවනම් අපි ඔහුට එරෙහි වෙනවා. කැපූ පතල් නොවසන අයට නැවත බලපත‍්‍ර ලබා නොදෙන ලෙස බලපෑම් කරනවා. සාමාජිකයන් නොවන කෙනෙක් ඒ ආකාරයෙන් ක‍්‍රියා කලොත් අපි සංගමයක් ලෙස එවැන්නන්ට එරෙහි වනවා.’’


‘‘මෙච්චර කාලයක් මැණික් ව්‍යාපාරිකයන් හා ගොවීන් අතර තිබුණේ ලොකු දුරස් බවක්. ගොවියාගේ වගාවට හෝ ඉඩමට වන හානිය ගැන බැකෝ බලපත‍්‍රකරුවන් සවන් නොදුන් බවට ගොවීන් කරන චෝදනාව සත්‍යයක්. සංගමයක් විදියට අපි ගොවීන්ගේ හ`ඩට කන් දෙන්න සූදානම්. අපිට ගොවියත්, ගොවිතැනත්, කුඹුරත් රැකගෙන මහ පොළොව යට තියන මේ සම්පත ගන්නයි උවමනාව.’’



අදහස් (0)

‘හිතුමතේට මැණික් පතල් කපන්න ඉස්සරහට ඉඩ දෙන්නේ නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site