( ඩී.කේ.රත්න )
බුත්තල නගර මධ්‍යයේ ප්‍රධාන බස්රථ නැවතුම්පළ ඉදිරිපිට පිහිටි තොරණට නැගි හිටපු යුද හමුදා සෙබළෙකු අද (19) උපවාසයක් ආරම්භ කර ඇතයි බුත්තල පොලීසිය පවසයි.
බුත්තල ගෝනගංආර ගල්බොටාව පුස්වල යන ලිපිනයේ පදිංචි, හය වන ගැමුණු හේවා බලකායට අනුයුක්තව සේවයේ යෙදී සිටි ඩී.එම්.සංජීව උදය කුමාර නැමති 39 හැවිරිදි හැවිරිදි පුද්ගලයෙකු මෙම උපවාසය ආරම්භ කර ඇත.
මෙම පුද්ගලයා යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී 2002 වර්ෂයේදී බුත්තල ගෝණගංආර ප්‍රදේශයේ සිදුවූ කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු 2012 වර්ෂයේදී අධිකරණයෙන් වරදකරු වී 2012 වර්ෂයේ සිට 2017 දක්වා වසර පහක සිර දඬුවමක් විදීමෙන් පසු නිදහස් වී පැමිණ ඇතයි පොලීසිය කියයි.
එම සිද්ධිය මත මෙම පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත් කර තිබෙන අතර නමුත් තමන් හට යුද හමුදාවෙන් ලැබීමට නියමිත වන්දි මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මෙම උපවාසය ආරම්භ කර ඇත.
බුත්තල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
(ඡායාරූප - නයනජීව බණ්ඩාර)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිටපු හමුදා සෙබළෙක් බුත්තල නගරයේ උපවාසයක