(රංජිත් රාජපක්ෂ)
හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
හැටන් දුම්රිය ස්ථානය සහ කොටගල දුම්රිය ස්ථානය අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහළින් මෙම ගින්න හටගෙන තිබේ.
සිංගිමලේ රක්ෂිතයට යාබදව පිහිටි හැටන් තේ වත්ත ප්‍රදේශයෙන් හටගත් මෙම ගින්න පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ සිංගිමලේ කදු මුදුන දක්වා පැතිර ගොස් ඇති බව වන අඩවි කාර්යාලයේ නිලධාරීහු කියති.
කිසියම් පිරිසක් සිංගිමලේ රක්ෂිතයට යළිත් ගිනි තබන්නට ඇති බවත් ගින්න පාලනය කිරීමට ආරක්ෂක අංශවල සහය ඉල්ලා ඇති බවත් හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd