IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුළඟකින් නිකවැරටියේ නිවාස 200 කට හානි

( ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය නගරය හරහා ඊයේ( 11) රාත්‍රියේ  හමා ගිය දරුණු සුලි සුළඟකින් ග්‍රාම නිලධාරී වසම් පහක නිවාස  200කට සහ දේපල වලටද බරපතල හානි සිදුව ඇති බව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  අද 12 පැවසීය.

නිකවැරටිය නගරාසන්නයේ පිහිටි ගලපිටියාගම, නික/උතුර, කරකොලේ, හැවැන්පැලැස්ස, බුදුමුත්තාව යන ග්‍රාම නිලධාරී වසම්  පහ සුලි සුලඟින් දැඩි ලෙස ආපදාවට ලක්ව, දේපල වලට මෙන්ම   විදුලිය හා  දුරකථන පද්දති වලටද හානි සිදුව ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක්  අවහිර වී ඇති බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය .

 ආපදාවෙන් පසුව හෘදයාබාධයකින් පුද්ගලයෙකු මරණයට පත්ව ,අනතුරකට ලක්ව පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද ලේකම් කාර්යාලය පවසයි .

කුරුණෑගල  දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක මහතා ගේ උපදෙස් අනුව  ආපදාවට ලක්වූ පිරිස් වෙත සහන සලසමින් සිටින බව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය.



අදහස් (0)

සුළඟකින් නිකවැරටියේ නිවාස 200 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site