IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිසුහු- මව්පියවරු මහපාරේ බිම හිඳ විරෝධයක

(රෝහණ සමරවීර)
 

ර/ඇඹිලිපිටිය ඕමල්පේ මහ විද්‍යාලයේ  ඉගෙනුම ලබන සිසු දරුවෝ හා ඔවුන්ගේ මාපියවරු  පිරිසක්   ඇඹිලිපිටිය ඌරුබොක්ක මාර්ගය එම විද්‍යාලය ඉදිරිපිටින් සම්පූර්ණයෙන් අවහිර කරමින් අද(2) විරෝධතාවයක නිරත වූහ.
 
එම විද්‍යාලයේ දශක දෙකක් තිස්සේ  පවත්වාගෙන ගිය අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය හා  පහේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානය දොරපනේ මහා විද්‍යාලයටත් එහි ප්‍රාථමිකයටත් රැගෙන යාමට එරෙහිව ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
 
ඌරුබොක්ක මාර්ගය පැය 5ක පමණ කාලයක් අවහිර කරමින්  එම මාර්ගයේ බිම හිඳ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ඕමල්පේ මහ විද්‍යාලයේ  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පෙරවරුවේ සම්පූර්ණයෙන් නතර විය.
 
විරෝධය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිර සිදුවීම ගැටලුවක් බවත් වහා ඉන් ඉවත් වනලෙස පොලිසිය විරෝධතාකරුවන්ට දැන්වීය. එහෙත් ඔවුහූ එයට අවනත නොවී දිගටම විරෝධතාවයේ නිරත වුහ. එම අවස්ථාවේ විරෝධතාකරුවන් හා පොල්සිය අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.   වාහන වෙනත් විකල්ප මාර්ග ඔස්සේ ධාවනයේ යෙදවීමට පනාමුර පොලිසියේ නිලධාරීහු  පියවර ගත්හ.
 
අධ්‍යාපන බලධාරියෙකුගේ අත්සනින් යුතු ලිපියක් වට්සැප් තාක්ක්‍ෂණය ඔස්සේ විරෝධතාකරුවන්ට ප්‍රදර්ශනය කිරීමට පොලිසිය පියවර ගත්තද විරෝධතා කරුවෝ එම ලිපියද ප්‍රතික්‍ෂ කළහ.පසුව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි (පො.ජ.පෙ.) ගාමිණී වලේබොඩ මහතාගේ නියෝජිතයෙකු පැමිණ දුරකතනය ඔස්සේ මන්ත්‍රිවරයාට එම විරෝධාකරුවන් ඇමතීමට අවස්ථාව සලසා දුන්නේය.
 
එම ගැටලුවට මැදිහත් වී විසඳා දෙන බව මන්ත්‍රීවරයා පැවසීමත් සමඟ ඔවුහු විරෝධතාව අත්හැරියහ. පොරොන්දුව කඩ කළහොත් මාරාන්තික උපවාසයක් දක්වා තම ඉල්ලීම රැගෙන යන බවද ඔවුහු කීහ.



අදහස් (0)

සිසුහු- මව්පියවරු මහපාරේ බිම හිඳ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site