(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
වයස අවුරුදු 11 ක පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත ඉමදුව ප්‍රදේශයේ ආරාමයක වෙසෙන වයස අවුරුදු 47 ක චීවරධාරියෙකු අද (07) සැකපිට අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය කියයි.
පොලීසිය පවසන්නේ සැකකරුගේ කාමරයේ අදාල දරුවා නිරුවතින් සිටින විට ඒ බව දැක ඇති වෙනත් ළමුන් දෙදෙනෙකු අදාල දරුවාගේ මවට මේ බව දැන්වීමෙන් පසු වින්දිත දරුවාගේ මව මේ ගැන පොලීසියට කළ පැමිණිල්ල මත සැකකරු අත් අඩංගුවට ගත් බවයි.
පොලිසිය වින්දිත දරුවා වෛද්‍ය පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර තිබේ.
සැකකරු හෙට (08) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉමදූව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
COMMENTS
මහනායක හිමිවරුනි, තව දුරටත් ඔබලාගේ නිහඩ පිළිවෙත තව කොපමණ අපචාර චීවර ධාරීන් අතින් සිදුවෙන තුරුද ? ඇතැම් අය තමන් රහත් වූවා යැයි පවසා අනුගාමිකයින් නොමග යවනවා. තවත් අය බැටළු සම් පොරවාගත් වෘක දේශපාලකයින් වෙනුවෙන් පෙනී සිටිමින් ශාසනයට නිග්‍රහ කරනවා. තවත් තරුණ හිමිවරු නොයෙකුත් උද්ඝෝෂණ වලට සහභාගී වී කලහකාරී ලෙස හැසිරෙනවා. තවත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා තමන් අධ්‍යාපනය ලබන ආයතනවල ඇති සම්පත් විනාශ කරනවා. දැන් ඒ මදිවට මේ තව එකක්. ඔබ වහන්සේලා නිහඩව සිටීමෙන් පෙනෙන්නේ මේ සියලු දේ ඔබ අනුමත කරන බවයි. කරුණාකර විනය නීති කඩන චීවර ධාරීන්ට දඩුවම් පමුණුවන්න. නිසි පරීක්ෂණ කර මේ හොර චීවර ධාරීන් ශාසනයෙන් නෙරපා දමා මේ උතුම් වූ බුද්ධ ශාසනය පිරිසිදු කර දමන්න.