IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුවසැරියේ රෝහලට ගෙන ආ සෙබලාගේ මරණය ඝාතනයක්

(ටෝනි කරුණානායක)
 

යක්කල හංසගිරි පාරේ වැටී සිටියදී සුවසැරිය ගිලන් රථයකින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගොස් ඇති යුද හමුදා සෙබලාගේ මරණය මිනීමැරුමක් බවට අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය අද (04) දහවල් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

 
ඌරගස්මංකඩ ,දියකඩිත්ත වත්ත ප්‍රදේශයේ පදිංචි යක්කල ඇපරල් යුද හමුදා කදවුරේ සේවය කරන 27 හැවිරිදි පුබුදු නුවන් කරුණාරත්න මෙලෙස මරණයට පත්ව තිබේ.
 
මිය ගිය පුද්ගලයා බුත්පිටිය, අරමංගොඩ ප්‍රදේශයේ පදිංචි සොහොයුරියගේ නිවසේ සිටියදී එම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව එම කාන්තාව විසින් මරණකරුට උල් ආයුධයකින් ඇන ඇති බවට පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය පවසයි.
 
මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා විසින් අද (04)සවස පවත්වනු ලැබීය.



අදහස් (0)

සුවසැරියේ රෝහලට ගෙන ආ සෙබලාගේ මරණය ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site