කොංගෝවේ ගෝමා ගුවන්තොටුපොළේ අතහැර දමනලද ගුවන් යානා රැසක් කුඩාවුන්ගේ සෙල්ලම් පිටි බව පත්ව ඇති ආකාරය ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පී මයිකල් ක්‍රිස්ටෝපර් බ්‍රවුන් විසින් රූපයට නගා ඇත්තේ ඉතා අලංකාර අයුරිනි. ඒ ඡායාරූප දැන් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.
කොංගෝ ජනරජයේ ගෝමා නගරයට කිලෝ මීටර 19ක් ඈතින් පිහිටි නිරූගෙංගෝ ගිනිකන්ද 2002 ජනවාරි මස 15 දා පුපුරා ගියේය. මේ ගිනිකන්දේ ක්‍රියාකාරීත්වයත් සමග ඇතිවූ ලාවා නගරයට ගලා ඒමෙන් බොහෝ ස්ථාන විනාශ විය. ගුවන්තොටුපොළ ද එලෙස විනාශ වූ ස්ථානයකි.
විනාශ වූ ගුවන්තොටුපොළේ අතහැර දමන ලද ගුවන්යානා වෙත පැමිණෙන කුඩාවුන් ගුවන් යානයේ අත්තටු, නියමු කුටිය, ගබඩා කාමර ඇතුළු සියල්ල තම රජදහන කරගෙන සිටියි. ඔවුන්ට ආරක්ෂක අංශවලින් ද බාධාවක් නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෙල්ලම් පිටියක් වූ ගුවන් තොට
හේමන්ත Monday, 15 September 2014 06:16 AM
ඉතා සුන්දර දසනක්. ලොව කොතැනක් සිටියත් කුඩා දරුවන්ගේ ලෝකය හරිම සුන්දරයි.(අ)
බණ්ඩාරවෙල කලීල් Sunday, 26 October 2014 07:08 AM
ඇත්තටම ළමයින්ගෙ ලෝකෙ කොයි තරම් සුන්දරද? ආයෙත් ඒ ලෝකෙටම යන්න පුළුවන් නම් (බ)