(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වර්ෂ 2015 ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් යළි මේ මාසයේ 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (17) නියම කෙළේය.
මෙම පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී විනිසුරු මඩුල්ල සදහන් කළේ මෙම අභියාචනාවලට අදාල තීන්දුව සුදානම් කර ඇති බවය. නමුත් මෙම නඩුව අද කැඳවන බව එහි පාර්ශවකරුවන්ට දැනුම් දී නොමැති හෙයින් නඩු තීන්දුව අද දින ප්‍රකාශ නොකරන බව පැවසූ විනිසුරුවරුන් මෙම අභියාචන පෙත්සම් යළි ලබන 20 වනදා කැඳවන ලෙස නියම කරන ලදී.
එදින මෙම අභියාචනා කැඳවන බව අදාළ පෙත්සම් බල පාර්ශවකරුවන්ට දැනුවත් කරන ලෙසද විනිසුරුවරු අභියාචනාධිකරණය ලේඛකාධිකාරීවරයාට නියෝග කළහ.
මෙම අභියාචන පෙත්සම් පිළිබද අභියාචනාධිකරණ තීන්දුව ඉකුත් 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර කොළඹ අලුත්කඩේ බල ප්‍රදේශයට පැවති නිරෝධායන ඇඳිරි නීතිය අනුව එය ප්‍රකාශයට පත් නොකෙරුණි.
2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.
එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සිල් රෙදි නඩුව කැඳවීමට දින නියම වෙයි
kamal Tuesday, 17 November 2020 07:33 AM
මෙකෙ තීන්දුව මොකක්ද කියලා නොදන්නේ කවුද?
nuwan Tuesday, 17 November 2020 07:36 AM
තවත් ලොකු විහිලුවක් බලාගන්න අවස්ථාවක් සලසාදීලා තියෙනවා වගේ.
ධර්මකීර්ති හිමි Tuesday, 17 November 2020 08:34 AM
මෙන්න තීන්දුව යන මහත්වරු එම චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලදී