(ඩි.ජී.සුගතපාල)
අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පදිංචි අට හැවිරිදි දැරියක් සෙල්ලම් කරමින් සිටියදී ඇය අත තිබූ සාරියක් පියගැට පෙලේ අත් වැටේ පැටලී පසුව එය ඇයගේ ගෙලේ පැටලී ගෙල සිරවී මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ශ්‍රි දේවානන්ද විදුහලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු 13 හැවිරිදි සිසුවියකි.
ඇය අද (04) රාත්‍රී හතට පමණ නිවසේ සෙල්ලම් කරමින් සිටියදි ඇයගේ අතේ තිබූ සාරියක් නිවසේ පියගැට පෙලේ අත්වැටේ පැටලි ඇති බවත් පසුව සාරිය ඇයගේ ගෙලේ පැටලි ගෙල සිරවී ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය දුටු දෙමව්පියන් වහාම ඇය බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇය පරික්ෂා කර බැලු වෛද්‍යවරයා පවසා ඇත්තේ දැරිය මියගොස් ඇති බවය.
පශ්චාත් මරණ පරික්ෂණය හෙට බලපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.