(අනීෂා මානගේ)
සුරුට්ටු තුනක් ගිල අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට ඇතුළු වීමට උත්සාහ කළ බව කියන සැකකරුවකු අද(15) හඳුනාගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරිහු කියති.
මෙලෙස සුරුට්ටු ගිල බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සාහ කර ඇත්තේ අම්බලන්තොට කොගල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරුවකු බව නිලධාරිහු කියති.
මෙම පුද්ගලයා ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත්ව ඊයේ(14) අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට ගෙනා බව විශේෂ කාර්යය බළකා නිලධාරිහු පවසති.
සැකකරු සම්බන්ධයෙන් සැක සිතීම හේතුවෙන් ඔහු පරීක්ෂා කිරීමට රඳවා තබාගෙන ඇත.
පොලිතින්වල එතූ සුරුට්ටු තුනක් මෙම සැකකරු විසින් ගිල ඇති බවට අද අනාවරණය වී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd