චන්ද්‍රසේන ගමගේ
ලුනුගම් වෙහෙර ප්‍රදේශයෙන් සොරා ගන්නා ලද ගවයින් තිදෙනෙකු පටවාගෙන පලා යමින් සිටි වෑන් රථයක් තංගල්ල ක්ෂනික විහිදුම් යතුරු පැදි ඒකකයේ නිළධාරීන් හා හුංගම පොලීසියේ නිළධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් අද (28) රාත්‍රී අගුණකොළපෑලස්ස දහඅමුණ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි.
අත් අඩංගුවට පත් වෑන් රථය මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී තංගල්ල ක්ෂනික විහිදුම් යතුරු පැදි ඒකකයේ නිළධාරීන් විසින් තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේදී නවත්වන්නට උත්සාහ ගෙන තිබේ.
අනතුරුව වෑන් රථයේ රියදුරා අතුරු මාර්ගයකට වෑන් රථය හරවා අගුණකොළපෑල්ස ප්‍රදේශයට පලා ගොස් ඇති අතර ක්ෂනික විහිදුමි බලකායේ පොලිස් නිළධාරීන් විසින් හුංගම පොලීසියට හා අගුණකොළපෑල්සස පොලීසියට මේ බව දැනුම් දී තිබේ.
පලා ගිය වෑන් රථය අගුණකොළපෑලැස්ස ප්‍රදේශයේ නිවසක නවතා තිබියදී පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද රාත්‍රී අත් අඩංගුවට ගෙන ඇත.
පොලීසිය වෑන් රථය ඇති නිවසට පැමිණෙනවාත් සමගම සැකකරුවන් දුව ගොස් ඇති අතර දිව ගිය සැකකරුවන් සිවු දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
තවත් සැක කරුවන් දෙදෙනෙක් පලා ගිය බව පොලීසිය කියයි.
අත් අඩංගුවට පත් සැක කරුවන්ගෙන් දෙදෙනෙකු රන්න ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.එක් අයෙකු ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර අගුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයේ පදිංචි සැක කරුවෙකුද වෙයි.
මෙම හොර හරක් ජාවාරමට වෑන් රථය නවතා තිබුණු නිවසේ දෙනෙකු ද හවුල් බව පොලීසිය කියයි.
අත් අඩංගුවට පත් සැක කරුවන් සිවු දෙනා හෙට (29) දිනයේදී අගුණකොලපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.