
(උපාලි ආනන්ද)
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට හෙරොයින් පැකට් 32ක් රැගෙන ආ කාන්තාවක අද(05) අනුරාධපුර අධිකරණ පොලිස් මුර පොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් කාන්තාව අනුරාධපුර තිබිරිකඩවල පදිචිංකාරියකි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව අධිකරණ ප්‍රධාන පිවිසෙන දොරටුවේදී සෝදිසි කළ අවස්ථාවේදී ය.
දැනට රිමාන්ඩ් බන්ධගාර ගතකර සිටින තම සැමියා අද අනුරාධපුර බන්ධනාගාරයේ සිට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ, ඔහුට ලබාදීම සදහා මෙම හෙරොයින් පැකට් 32 ක් තමන් රැගෙන ආ බව අනුරාධපුර අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. කේ. සෝමසිරි මහතා කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකාර කාන්තාව පවසා ඇත.
සැකකාර කාන්තාව සහ හෙරොයින් පැකට් 32 වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd