IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිමෙන්ති ලොරියේ යතුරුපැදිය ගැටී තරුණයන් දෙදෙනෙකු මරුට


(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර)
 
පුත්තලම පාලවිය - කල්අඩිය මාර්ගයේ පිහිටි ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී ඊයේ(27) වැනිදා රාත්‍රියේ සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
 
පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් සිමෙන්ති පටවාගෙන මාරවිල ප්‍රදේශයට යමින් සිටි ලොරි රථයක පාලවිය ප්‍රදේශයේ සිට ආ යතුරු පැදියක්  ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
 
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම,සිරම්බිඅඩිය - මානාවේරිය පදිංචිව සිටි ජේ.ඒ.චානුක නිසංසල (අවු:20) සහ පාලාවිය - අට්ටවිල්ලුව පදිංචිව සිටි ජේ.ඒ.පැතුම් මල්ෂාන් නම් තරුණයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම යතුරු පැදියේ ගමන් කළ අයවළුන් බව පොලීසි කියයි. යතුරු පැදිය පැදවූ තරුණයා එම ස්ථානයේදී ද,අනෙක් තරුණයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ද මිය ගොස් ඇත.
 
මිය ගොස් ඇති තරුණයින් දෙදෙනාම පාලාවිය සිමෙන්ති කර්මාන්ත ශාලාවේ කොන්ත්‍රාත් පදනමේ සේවය කරන සේවකයින් බවත්, අනතුරට සම්බන්ධ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර,එය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.
 
පුත්තලම පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු  පවත්වයි.



අදහස් (0)

සිමෙන්ති ලොරියේ යතුරුපැදිය ගැටී තරුණයන් දෙදෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site