සෞදි අරාබියේ ගෘහසේවිකාවන් වැඩි පටුප් සොයා රාමදාන් මාසයේ වෙනත් නිවෙස් වලට පැනයාමේ තර්ජනයක් පවතින බව සෞදි මාධ්‍ය සදහන් කරයි.
විශේෂයෙන්ම රාමදාන් මාසයේ නිවෙස් වල ඇතිවන කාර්යබහුලත්වය මත ගෘහ සේවිකාවන් සඳහා ලොකු ඉල්ලුමක් පවතින බැවින් මෙසේ පැනයන අතර හේතු ලෙස ඔවුන් පවසනුයේ තමා වැඩකළ නිවසේ ළමයින්ගෙන් සහ ගෙදර වැඩිහිටියන්ගෙන් ලද කරදර සහ අඩම්තේට්ටම් නිසා මෙසේ පැනයන බවයි.
නාගරික ප්‍රදේශ වල සිට බොහෝවිට දුරබැහැර ප්‍රදේශවලට පැනයන මොවුන් නීති විරෝධීව වැඩි වැටුපකට වැඩකරන බව පවසයි.ඉතා රහසිගතව මෙසේ කාලයක් වැඩකරමින් මව් රටට යාමට අවශ්‍ය වූ විට තම රටේ තානාපති කාර්යාල වලට විවිධ හේතු දක්වා රැකවරණ පතන බවද සදහන් කරයි.
මෙම තත්වය සෞදි නීතිය තදින් උල්ලංඝනය කරන බව පවසන සෞදි රජය අවම වශයෙන් සියයට 20 ප්‍රමාණයක් තම හාම්පුතාගෙන් පලාගොස් වෙනත් නිවෙස් හි වැඩකරන බව පවසයි,සෞදි අරාබියේ අවම වශයෙන් විදේශික ගෘහ සේවිකාවන් දස ලක්ෂයක් පමණ සේවය කරන අතර සෞදි පුරවැසියන් වසරකට ගෘහසේවිකාවන් සදහා ගුවන් ගමන් බලපත්, ගෙන්වීමේ ගාස්තු සහ අනිකුත් පඩිනඩි ගාස්තු සදහා සෞදි රියාල් කෝටි සියයක් (රුපියල් 34723400000 )පමණ වියදම් කරන බවද පවසයි.
බොහෝ රටවල සේවිකාවන් සදහා මේවනවිට අවම වශයෙන් මාසිකව සෞදි රියාල් 1000 (රුපියල් 34723.4 ) ක් පමණ ලැබෙන අතර ඔවුන් පන ගොස් වැඩි වැටුපක් ලබා ගැනීම ප්‍රධාන අරමුණ බවද පවසයි.
සෞදි රජය පවසනුයේ සේවිකාවක් මෙරටට ගෙන්වීමේදී අදාල රටවල් සමග අත්සන් කරනලද ගිවිසුම් කඩකිරීම නීති විරෝධි බවයි
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි ගිහින් පනින අය වැඩිලු
ස්වප්නා Thursday, 19 June 2014 04:14 PM
මිනිස්සු එක එක විදිහයිනේ අපිට ඕවට මොකුත් කියන්න බැහැ (දී)
අචිර Saturday, 21 June 2014 07:05 AM
මොනවට ඔය රටවලට යනවද මන්දා. යනවා නම් යන්න ඕන යුරෝපිය රටකට. එහෙ පඩි හොඳයි. (නදී)