IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංචාරක කර්මාන්තයේ නිරත සුළු ව්‍යාපාරිකයෝ රජයෙන් සහන ඉල්ලති

( තිළිණි ද සිල්වා )

මේ වනවිට පැතිර යන මෙම වසංගතය හේතුවෙන් ලෝකය පුරා සංචාරක කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්වීම ලංකාවටද බලපා ඇති බැවින් සංචාරක කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ට සහන සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කොරෝනා වසංගතය පාලනය වීමත් සමඟ සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවත් , එහිදී ක්ෂේත්‍රයේ නිරතව සිටින අයට සහන ලබා දීම සඳහා ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීමට රජය කඩිනමින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දේ.

ඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එම සංඛ්‍යාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 252,033 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සංචාරකයින් මෙරටට පැමිණීම 17.7% ක අඩුවී ඇතැයි ද එම අධිකාරිය පැවසීය.

පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ද මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර ඉන්පසුව සුළු හා මධ්‍ය පරිමාණ හෝටල් ව්‍යාපාරිකයන්, සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ට විවිධ සහන ලබා දීමට පියවර ගැණින.

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබා දීම, ලීසිං පහසුකම් යටතේ ලබා ගත් සංචාරක බස් රථ වලට ලීසිං පහසුකම් ගෙවීමට සහන කාලයක් ලබා දීම රජය පියවර ගෙන තිබිණි.



අදහස් (1)

සංචාරක කර්මාන්තයේ නිරත සුළු ව්‍යාපාරිකයෝ රජයෙන් සහන ඉල්ලති

rama Monday, 16 March 2020 08:51 AM

මේ ඉල්ලන අයට මාස 3 ක් කන්න බොන්න සල්ලි නෑ වගේ ඒවටත් මහා ජනය බදු ගෙවන්න ඕන ද එයාලගේ විතරක් නොවේ මුළු මහත් ජනතාවගේම අදායම අඩුවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site